[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බූටාවත්තේ සරණංකර හිමිගෙන් සමාජ සත්කාර සේවා

බූටාවත්තේ සරණංකර හිමිගෙන් සමාජ සත්කාර සේවා


සරණකංර පදනමේ නිලධාරි හිමිවරුන් ඇතුළු පිරිසක්


බූටාවත්තේ සරණංකර
නා හිමි

බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරමින් ශ්‍රී ලංකාවටත්, ලෝ වාසී ජනතාවටත් හැකි උපරිම සේවාවන් කරනු ලබන විදෙස්ගත ගරුතර භික්ෂූන් වහන්සේ නමකි මැලේසියාවේ ශ්‍රී ලංකාරාමාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, ලෝක මහා කරුණා පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් බූටාවත්තේ සරණංකර නා හිමිපාණන් වහන්සේ.

මැලේසියාවේ සිටින විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකට සෙත සදන අතරේ, විවිධ පුද්ගලයන් විසින් ඉතාලිය වැනි රටවලට ගෙන යන බව පවසා අතරමං කර යන පිරිස්වලට ද උන් වහන්සේ සරණ වෙති. එසේම උන් වහන්සේ මෙරට ජනතාවට නිහඬ ව සිදු කරන ලද සේවාව අතිවිශාල ය. පාසල් දූ දරුවන්ගේ අධ්‍යාපනික උපකරණ ලබා දීම වෙනුවෙන් විශාල සේවාවක් උන් වහන්සේ විසින් සිදු කරනු ලැබූහ. උතුරේ සිට දකුණ දක්වා ම උන් වහන්සේගේ සේවාව විහිදී ගියේ ය.

වරෙක කිළිනොච්චියේ අසරණ දරුවන්ට පාසල් යෑමට පාපැදි ලබා දුන්හ. පාසල් උපකරණ ලබා දුන්හ. මෙවර ජාතික වෙසක් උත්සව දිනයේ නාගදීපයේ දූ දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා දුන්නේ ද උන් වහන්සේගේ දායකත්වයෙනි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු පිරිවෙන්වලට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ලබාදීමට ද උන් වහන්සේගේ දායකත්වය ඉහළින් ම ලබා දුන්නේ පසුගිය මාසයේ දී ය.

එමෙන් ම කොවිඩ් 19 වසංගතයෙන් පීඩා විඳී මෙරට අතිවිශාල ජනතාවකට උන් වහන්සේ සරණ වූ හ.

ශ්‍රී ලංකාවේ මේ සේවාවන් සිදු කිරීම පිණිස උන් වහන්සේගේ නමින් ම සරණංකර පදනම නමින් සමාජ සේවා ආයතනයක් ද ස්ථාපිත කර තිබේ. ඒ හරහා පසුගිය දිනවල මෙරට රෝහල් උදෙසා පීසීආර් යන්ත්‍ර, ඔක්සිජන් සැපයීමේ යන්ත්‍ර ඇතුළු සෞඛ්‍ය උපකරණ රැසක් ද ලබා දෙන ලදී.

උන් වහන්සේගේ 68 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මේ මස 28 වැනි දා වත්තේගම මීගම්මන රාජමහා විහාරයේ දී ධර්ම දේශනයක් පැවැත්වීමට සරණංකර පදනම විසින් කටයුතු කර තිබේ. ඊට අමතර ව තවත් පින්කම් රැසකි. අපි උන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

වප් අව අටවක

ඔක්තෝබර් 28 බ්‍රහස්පතින්දා අ.භා 12.49 අව අටවක ලබා 29 සිකුරාදා අ.භා 14.09 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]