[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යාපහුව රාජමහා විහාරය ඡායාරූපය - ගයාන් පුෂ්පික

බිනර අව අටවක

ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා අපර භාග 19.04 අමාවක ලබා 06 වැනි බදාදා අපර භාග 16.35 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

දුෂ්කර පළාත් රෝහල් සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල රෝහල් 35ක් වෙත කොවිඩ් ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය රුපියල් ලක්ෂ 287ක් වටිනා ඔක්සිජේනරේටර්, ඔක්සිමීටර්, අධෝරක්ත උෂ්ණත්වමාන, මුඛ ආවරණ ඇතුළු වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන ප්‍රධාන ශාලාවේ දී පසුගිය දා සිදු කෙරිණි. කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති ආචාර්ය පූජ්‍ය බෝදාගම වන්දිම නාහිමියන් විසින් මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබිණි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක ජගත් සුමතිපාල, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය යන මහත්වරු ඇතූළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

මරණය ජීවිතයක ආරම්භය සේ ම අවසානය ද නොවේ

යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ - ඡින්නෝ පි රුක්ඛෝ පුනරේව රූහති - ඒවම්පි තණ්හානුසයේ අනූහතේ -නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං - යම් සේ ගසක මුල උවදුරකට, නොපැමිණ ශක්තිමත් වූ කල, ඒ ගස කපා දැමූ නමුත් මුදුන් මුල උවදුරකින් තොරව තිබෙන තාක් කල්, ඒ ගස නැවත නැවතත් වැඩේ ද, එසේ ම තෘෂ්ණානුසය සිඳ බිඳ නොදමන තාක් කල් සත්ත්වයා නැවත නැවතත් මේ සසර ම උපදින්නේ ය. එසේ උපත ලබන සත්ත්වයා ගේ පුනර්භවය තීරණය කරනු ලබන්නේ ඔහු විසින් තිදොරින් සිදු කරනු ලැබූ කර්මයනට අනුකූලව යි. බුදුරජාණන් වහන්සේ ඒ බව මෙසේ දේශනා කළහ. "කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතාය" සත්ත්වයා යම් භවයක උපන් මොහොතේ සිට සම්මුති මරණයෙන් මිය යන තුරු ඇසිපිල්ලමක් ගසනවා වැනි සුළු කාලයක දී සිය දහස් වාරයක් ඉපිද ඉපිද මිය යන්නේ ය. මැරී මැරී ඉපදෙන්නේ ය. සංස්කාර ධර්මයන්ගේ ක්ෂණභංගුරත්වය කියන්නේ මෙම ස්වභාවයට යි. නාම රූප ධර්මයන්ගේ මේ ක්ෂණභංගුරත්වය (ඉපදීම හා විනාශ වී යාම) මොහොතෙක් මොහොතක් පාසා වහ වහා සිදුවන හෙයින්, එය ක්ෂණික මරණය නම් වන්නේ ය. උපන් සියලු ම සත්ත්වයෝ මරණයට මුහුණ දෙති. මරණය යනු පඤ්චස්කන්ධයාගේ බිඳීයාම යි. ආයුෂය, උණුසුම සහ සිත ශරීරයෙන් බැහැර වීම යි. සත්ත්වයා ජීවත් වන්නේ මේ කාරණා තුන ඇතිවිට යි. එහෙයින් මරණය සියල්ලන්ට ම සාධාරණ වූ ධර්මතාවයකි. එයින් බේරීමට මොන ම උපක්‍රමයෙක් වත් නැත්තේ ය. බෞද්ධ දෘෂ්ඨිකෝණයට අනුව කෙනකුගේ චිත්ත සන්තතිය භෞතික ශරීරයෙන් වෙන් වෙනවාත් සමඟ ම මරණය සිදු වේ. එසේ ම එය යළිත් සම්බන්ධවීම තීරණය වන්නේ ඊළඟ ජීවිතයේ ස්වභාවය අනුව වේ. මරණය සත්ත්වයාගේ නව ජීවිතයක ආරම්භය සේ ම, අවසානය ද නොවේ. මරණයත් සමඟ ම තවත් තැනෙක උපත සිදු වන්නේ ය.

සුමන සමන් දෙවි පූජෝපහාර පුදන මහියංගණ රාජ මහා පෙරහරට පමණක් ආවේණික ආදිවාසී පුද සිරිත්

මහියංගණ රාජ මහා විහාරස්ථානය හා ශ්‍රි සුමන සමන් දේවාලය එක්ව වාර්ෂික ව සිදු කරන ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භය හා විකාශය ක්‍රිස්තු පුර්ව හය වන සියවස දක්වා ඈත අතීතයට ගමන් කරයි. එහෙයින් හෙළයේ ඓතිහාසික ම පෙරහර මංගල්‍යයක් ලෙස හැඳීන්විය හැකි ය. මහියංගණ ඇසළ පෙරහර මංගල්ලයේ ආදිවාසී සහභාගීත්වය සුවිශේෂී ය. සුමන සමන් දෙවිඳුන් ගේ වැඩිමහල් සහෝදරියක් වන මහා ලොකු මැණියෝ බින්තැන්නේ වැසියන් ගේ මහත් පුදසත්කාරයට හා ගෞරවාදරයට ද පත් තැනැත්තියකි. ඇය ද මහියංගණය සුමන සමන් දේවාලයේ දී පිදුම් ලබන්නී ය. විශේෂයෙන් ම ආදිවාසී ජනතාව ගේ ප්‍රමුඛ පිළිගැනීමක් හිමි වන්නේ එතුමිය වෙනුවෙන් ය. එතුමිය වෙනුවෙන් දේවාල සතරක් ඇති අතර, එයින් සළුකන්ද දේවාලය තුළ එතුමිය ගේ ආභරණ ඇති බවට විශ්වාස කෙරේ. එතුමිය විසින් චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා පෙරහර මංගල්‍යයන් සිදු කළ බව ජනවහරේ පවතී. මහියංගණ පෙරහරේ විශේෂත්වය නම් ආදිවාසීන් දක්වන දායකත්වය යි.

ළමයින්ට දිය යුතු හොඳම දෙය අම්මගේ තාත්තගේ අවධානය යි

මේ ලෝකයෙහි මව්පියන්ට ඇති වටිනාම වස්තුව තම දරුවන් ය. බුද්ධ දේශනාවේ දී “පුත්තා වත්ථූමනුස්සානං“ ලෙස දැක්වූයේ එහෙයිනි. අපේ බුදුරජාණන් වහන්සේ, රාහුල පුතාට මෙන් ම සමස්ත දරුවන්ට එකසේ ආදරය මෛත්‍රීය දැක්වූහ. දායාද ඉල්ලූ රාහුල පුතා මෙන් ම කසළ කද ගෙන ගිය සුනීතට ද සම කරුණාව දැක්වූහ. සුළු පියා ගේ වධහිංසාවට ලක් වූ සෝපාක මෙන් ම, මට්ටකුණ්ඩලියට ද එක සේ කරුණාවේ සුරත දිගු කළහ. තථාගතයන් වහන්සේට, බුදුපියාණන් වහන්සේ ලෙස අමන්ත්‍රණය කරන්නේ ද එහෙයිනි. විශුද්ධි මග්ගයට අනුව මන්ද දශකය සහ ක්‍රීඩා දශකයෙහි මැද භාගය තෙක් කාලය ළමා කාලය යි. විශේෂයෙන් කාමේසු පළාළිත සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනු ලබන්නේ මේ කාලය තුළ අතට හසුවන දෑ දරුවන් කටට දමා ගන්නා බවයි. මව්පියන් ලෙස සියලු දේ සිදු කරන්නේ ළමයි වෙනුවෙන් නම්, ඔවුන් වෙනුවෙන් සැලකිය යුතු කාලයක් මිඩංගු කළ යුතු ය. මන්දයත් දෙමාපියන් ගේ ඇස් මට්ටමෙන් දරුවා ගිලිහුණ හොත් බොහෝ ගැටලු නිර්මාණය විය හැකි බැවිනි. ලබා දෙන අවවාදවලට වඩා ලැබෙන ආදර්ශය ඔවුහු හිස් මුදුනින් පිළිගනිති. ඒ බව දෙමපියන් ලෙස තේරුම් ගැනීම අතිශයින් වැදගත් ය. පාසලේ දී පන්ති භාර ගුරුතුමිය ගේ හැසිරීම ගෙදර දී අනුකරණය කරනවා සේ ම, ගෙදරදී ලබන අත්දැකීම් සමාජයේ දී අත්හදා බැලීමට ඔවුන් පෙළඹේ.

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]