[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මරණය ජීවිතයක ආරම්භය සේ ම අවසානය ද නොවේ

යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ - ඡින්නෝ පි රුක්ඛෝ පුනරේව රූහති - ඒවම්පි තණ්හානුසයේ අනූහතේ -නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං - යම් සේ ගසක මුල උවදුරකට, නොපැමිණ ශක්තිමත් වූ කල, ඒ ගස කපා දැමූ නමුත් මුදුන් මුල උවදුරකින් තොරව තිබෙන තාක් කල්, ඒ ගස නැවත නැවතත් වැඩේ ද, එසේ ම තෘෂ්ණානුසය සිඳ බිඳ නොදමන තාක් කල් සත්ත්වයා නැවත නැවතත් මේ සසර ම උපදින්නේ ය. එසේ උපත ලබන සත්ත්වයා ගේ පුනර්භවය තීරණය කරනු ලබන්නේ ඔහු විසින් තිදොරින් සිදු කරනු ලැබූ කර්මයනට අනුකූලව යි. බුදුරජාණන් වහන්සේ ඒ බව මෙසේ දේශනා කළහ. "කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතාය" සත්ත්වයා යම් භවයක උපන් මොහොතේ සිට සම්මුති මරණයෙන් මිය යන තුරු ඇසිපිල්ලමක් ගසනවා වැනි සුළු කාලයක දී සිය දහස් වාරයක් ඉපිද ඉපිද මිය යන්නේ ය. මැරී මැරී ඉපදෙන්නේ ය. සංස්කාර ධර්මයන්ගේ ක්ෂණභංගුරත්වය කියන්නේ මෙම ස්වභාවයට යි. නාම රූප ධර්මයන්ගේ මේ ක්ෂණභංගුරත්වය (ඉපදීම හා විනාශ වී යාම) මොහොතෙක් මොහොතක් පාසා වහ වහා සිදුවන හෙයින්, එය ක්ෂණික මරණය නම් වන්නේ ය. උපන් සියලු ම සත්ත්වයෝ මරණයට මුහුණ දෙති. මරණය යනු පඤ්චස්කන්ධයාගේ බිඳීයාම යි. ආයුෂය, උණුසුම සහ සිත ශරීරයෙන් බැහැර වීම යි. සත්ත්වයා ජීවත් වන්නේ මේ කාරණා තුන ඇතිවිට යි. එහෙයින් මරණය සියල්ලන්ට ම සාධාරණ වූ ධර්මතාවයකි. එයින් බේරීමට මොන ම උපක්‍රමයෙක් වත් නැත්තේ ය. බෞද්ධ දෘෂ්ඨිකෝණයට අනුව කෙනකුගේ චිත්ත සන්තතිය භෞතික ශරීරයෙන් වෙන් වෙනවාත් සමඟ ම මරණය සිදු වේ. එසේ ම එය යළිත් සම්බන්ධවීම තීරණය වන්නේ ඊළඟ ජීවිතයේ ස්වභාවය අනුව වේ. මරණය සත්ත්වයාගේ නව ජීවිතයක ආරම්භය සේ ම, අවසානය ද නොවේ. මරණයත් සමඟ ම තවත් තැනෙක උපත සිදු වන්නේ ය.


බිනර අව අටවක

ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා අපර භාග 19.04 අමාවක ලබා 06 වැනි බදාදා අපර භාග 16.35 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]