[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අමාවක 2021.10.06

සිත හඳුනාගැනීම

ජීවිතය පුදුමාකාර ය. කෙනෙක් සාර්ථක ය. තවත් කෙනෙක් අසාර්ථක ය. කෙනෙක් ආර්ථික ව සාර්ථක වුවත් පවුල් ජීවිතය ගිනි ගොඩක් ය. පවුල් ජීවිතය සාමකාමී ඇතැම් කෙනකුට ආර්ථික ම ය අඩුපාඩුකම් ය. සමාජ ගැටලු ඇති වන්නේ මේ විවිධාකාර වූ අසාර්ථකකම්වල පලයක් ලෙසට ය. ප්‍රශ්න, ගැටලු හමුවේ කවුරු, කෙසේ , කාට ඇඟිල්ල දිගු කළ ද වරද තමන්ගේ ම ය. දුක හෝ සතුට, සැප හෝ දුක, සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හෝ තීරණය කරන්නේ අනුන් කරන කියන දෙයින් නොව තමන් කරන කියන දෙයින් ය. තමන් කරන කියන දෙය තීරණය කරන්නේ තමන්ගේ ම සිත ය.

එසේ නම් මේ සා ප්‍රශ්න සිත හඳුනා නොගැනීම නිසා ය. අප තථාගතයන් වහන්සේ ධම්මපදයේ යමක වග්ගයේ දී සිතෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ කළ හැඳීන්වීම සිත හඳුනා ගන්නට ඇති පහසු ම අවස්ථාවකි. ඒ අනුව, සියලු අදහස්වලට ප්‍රධාන වන්නේ සිත ය. අයහපත් සිතින් කියන, කරන දෙයින් ඇති වන නරක ප්‍රතිපල ගොනු පසුපස එන රියසක ලෙසින් ඒ පුද්ගලයා පසුපස එන්නේ ය. වේදනා ගෙන දෙන්නේ ය.

එමෙන් ම, යම් කෙනෙක් යහපත් අදහසින් කරන, කියන දෙයෙහි යහපත් පල සෑම විට ම තමාගෙන් ඉවත් ව නොයන්නේ ය. තමන්ගේ ම සෙවණැල්ල ලෙසිනි. කරන කියන සෑම කටයුත්තක් ම සාර්ථක වන්නේ එවැනි පුද්ගලයන්ගේ ය.

සිත ගැන හොඳ අවධානයකින් සිටිය යුතු මේ නිසා ය.

සිත අනාරක්ෂිත වන්නේ, අපිරිසුදු වන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, ආදී අකුසල සිතිවිලි නිසා ය. යම් දෙයක් කියන්නට, කරන්නට පෙර තමන්ගේ සිත තුළ ඒ මොහොතේ පවතින සිතිවිලි ගැන සිතන්නට හැකි නම් , අයහපතින් වළකින්නට හැකි වනු ඇත. එමෙන් ම අයහපතට මුල් වන අකුසල සිතිවිලි ප්‍රහාණය කරන්නට ද උත්සාහවත් විය යුතු වේ. ලෝභය නැති කිරීම, මෙත්සිත දියුණු කිරීම, සත්‍යය සත්‍ය ලෙස දැකීම සුවපත් සිතක දැකිය හැකි ලක්ණ අතර වේ. සිත පිරිසුදු වන්නේ එබඳු යහපත් සිතිවිලි සිතෙහි පහළවීමෙනි. එමෙන් ම එබඳු සිතිවිලි ක්‍රියාවට නැඟෙන්නේ ද යහපත් ලෙසිනි. සංවරය, හික්මීම සිතෙහි පහළවන යහපත් ගති නිසා ම ඇතිවන්නකි . සංවරය, හික්මීම ඇති පුද්ගලයෙක් තමන්ට හෝ ,අනුන්ට හෝ අවැඩදායී ලෙස හැසිරෙන්නේ නැත.

අපගේ සිත නිරන්තරයෙන් තනිව හැසිරේ. එහිදී විවිධ විෂම ගති සිතෙහි පහළ වේ. නොසන්සුන්බව, තරහව, වෛරය, ක්‍රෝධය, නොඉවසීම ආදිය පහළ වී නරක නපුරු ගති වර්ධනය වේ.

ඒවා දුරුකර සිතෙහි එකඟ බව, සංවරය උදාකර ගැනීමට ක්‍රියා කිරීම භාවනාවකි. සසරින් සසරට ගෙන එන අයහපත් පුරුදු මඟ හැරීම එක්වර ම සිදු කිරීම අපහසු විය හැකි ය. ශ්‍රී සද්ධර්මය ඒ සඳහා අපට මඟ පෙන්වයි. ඒ මඟ යන්නට නොපසුබස්නා උත්සාහය ඇවැසි ය. ජීවිතයේ සාර්ථකත්වය ද, අසාර්ථකත්වය ද තීරණය වන්නේ ඒ උත්සාහයේ තරමට ය.

බිනර අව අටවක

ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා අපර භාග 19.04 අමාවක ලබා 06 වැනි බදාදා අපර භාග 16.35 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]