[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

නිසරු බිමක ඉදිකළ සාරවත් පින්කෙත කොවුල්වැව ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටා තිබෙන කොවුල්වැව ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය වර්ෂ 1947 දී පමණ ගොඩනඟන ලද්දකි. මුතුගල විහාර පරපුරෙහි විහාරස්ථානයක් වන ඇටම්පොල ශ්‍රී ක්ෂේත්‍රාරාමාධිපති කොවුල්වැවේ ඛේමානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ ගේ ශිෂ්‍යවරයන් වහන්සේ දෙනමක් විය. ඒ අතුරින් ඇකිරියගල සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම කොවුල්වැව වර්ධනාරාම විහාරස්ථානයෙහි ආදි කර්තෘවරයා ලෙස සැලකිය හැකි ය . ගිණිගත්පිටිය සංඝ පරපුර නියෝජනය කළ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික, එවකට සංඝරාජ පිරිවෙනෙහි පරිවේණාධිපති මහනුවර බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාමාධිපති මාබෝපිටියේ මෙධංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ සහ කොවුල්වැවේ ඛේමානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට පත් වූ ඇකිරියගල සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපසම්පදාවේ දී කොවුල්වැවේ ඛේමානන්ද හිමියන් ගේ ආචාර්යත්වයෙන් පමණක් උපසම්පදාව ලබා ඇත. ඇටම්පොල විහාරස්ථානයට අයත් ව තිබූ භූමි භාගයක කොවුල්වැව වර්ධනාරාම විහාරස්ථානය ගොඩනංවා ඇත . මෙම විහාරස්ථානයට ශ්‍රී වර්ධනාරාමය යන නම තැබීම සඳහා මූලික හේතුව වී ඇත්තේ පෙර කී බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාමයේ මාබෝපිටියේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇකිරියගල ලොකු හාමුදුරුවන් වහන්සේ ගේ පැවිදි ආචාර්යවරයන් වහන්සේ නමක්වීම යි. කොවුල්වැව ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය ආරම්භ කළ භූමිය ඊට පෙර විවිධ විෂමාචාරයන් සිදු කරන්නන්ට තෝතැන්නක් ව පැවැතී තිබිණ. එවකට කොවුල්වැව වත්තේ වතු අධිකාරිවරයා ලෙස කටයුතු කළ මොහොට්ටි මහත්මා ගේ සහ කොවුල්වැවේ විදානෙ රාලහාමි යන අය ගේ ප්‍රධාන දායකත්වයෙන් යුක්ත ව ප්‍රදේශවාසී සැදැහැතියන් ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම ස්ථානය සුද්ද පවිත්‍ර කොට කුඩා පොල් අතු සෙවිලි කළ ගොඩනැඟිල්ලක් තනා ඇත . ඒ විහාරස්ථානයේ පළමු ගොඩනැඟිල්ල යි.

බිනර අව අටවක

ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා අපර භාග 19.04 අමාවක ලබා 06 වැනි බදාදා අපර භාග 16.35 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]