[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මෙහෙණි සමාජයට දොරටු විවර වූ බිනර පෝදා

ඇසළ මහේ සිට වප් මහ දක්වා වූ කාලය වස් සමය යි. මෙම කාලය තුළ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි වස් සමාදන් ව විහාරස්ථානයන් හි නිබඳ ව වැඩ වෙසෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් සපුරා ගනිති. එසේ ම ගිහි සැදැහැවතුන්ට ද අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරමින් ඔවුන ගේ ද ශාසනික කටයුතු සපුරාලමින් ඔවුනුදු ආර්ය මාර්ගයට යොමු කරවති. මෙම වස් සමයේ අතරමැදි පොහොය සහ මධ්‍ය කාලය බිනර මහට අයත් ය. සම්බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම සිදු වූ දිනය වන බැවින් බිනර මහේ උදාවන බිනර පොහොයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි. බිනර පොහෝදා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ගේ පැවිදිවීම සිදු වූ අතර එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය. එසමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත් පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහි දී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය උන් වහන්සේ කරා එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙසට තෙරවක් ම ආයාචනය කළා ය. එහි දී බුදුරදුන් දේශනා කළේ “අලං ගෝතමී මා තෙ රැච්චා මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්ම විනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජිති“ යනුවෙනි. “ගෞතමියනි, තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි ගිහි ගෙයින් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා“ යනු එහි අර්ථය යි.පැවිදිවීම පිළිබඳ කළ ඉල්ලීම සිදු කළ සැණින් ම බුදුරදුන් ඒ සඳහා අවසරය ලබා දුන්නේ නම් එම කාර්යයෙහි කිසිදු බැරෑරුම් බවක් පැවිදිවන කාන්තාවෝ නො දකිති. දුක සේ, අපහසුවෙන් එය ලබාගත් කල ශාසනික බ්‍රහ්ම චරියාව හොඳීන් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති. මේ ගැන සලකා භික්ෂුණී සමාජය පිහිටුවන ලෙස පළමුවර කළ ඉල්ලීම පිළිනොගැනීම බුදුරදුන් යෙදූ සම්‍යක් උපායක් බව පෙනේ.


බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]