[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර පුර පසළොස්වක 2021.09.20

දැහැමි දිවි පෙවෙතකට වීර්යය වඩමු

සම්බුද්ධ ශාසනයේ මෙහෙණි සසුන් දොර විවිර වූ උතුම් බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ලෝ වැසි බොදු කාන්තාවන්ට සේ ම හෙළ බොදු කාන්තාවට ද මේ සුවිශේෂී දිනයකි. එදා බුදුරජාණන් වහන්සේ අභියස බුද්ධ මාතා තොමෝ උතුම් පැවිදි බව ඉල්ලා සිටියේ මුළු මහත් කාන්තා පරපුර ම වෙනුවෙනි. කාන්තා පැවිද්දේ බාරදූර බව නිසා ම ඒ ඉල්ලීම සාක්ෂාත් කර ගන්නට බුද්ධ මාතාවන්ට බොහෝ වෙහෙසෙන්නට සිදු විය. එහෙත් එතුමිය උත්සාහය අත් නොහළා ය. කුල කාන්තාවන් සමඟ කහවත් පොරවාගෙන යොදුන් ගණන් දුර පා ගමනින් ගෙවා දමමින් තථාගතයන් වහන්සේ අභියසට පැමිණියේ කවර බාධක මධ්‍යෙය් වුව ද උතුම් පැවිදි බව ලැබීමේ අරමුණෙන් ම ය. අවසානයේ මහා ප්‍රජාපතී ගෝතමී බුද්ධ මාතාව රහත් තෙරණින් වහන්සේ නමක් බවට පත්වන්නේ අත් නොහළ උත්සාහය හා කැපවීම නිසා ය. මේ උතුම් පෝදා

ඒ අසිරිමත් සිදුවීම සිහිපත් කරමින් විශේෂයෙන් බොදු කාන්තාව තමන් ගේ චරිතයට ද ඒ සුවිශේෂී ගුණ ආදර්ශයක් කර ගන්නට අධිෂ්ඨානයක් ඇති කර ගත යුතු ය.

ජීවිතයේ අපමණ වගකීම් නිසා සියලු කාන්තාවන්ට ගිහි ගෙය අතහැර යා නොහැකි බව සත්‍ය ය. එහෙත් ධර්මයට අනුව ජීවිත් වන්නට ඇයටකිසිදු බාධාවක් නැත. ඊට අවශ්‍ය උත්සාහය යි. දියණියක, සොයුරියක, මවක, මිත්තණියක ආදී ලෙස කාන්තාවකට ජීවිතයේ විවිධ චරිතයන්ට ජීවය දෙන්නට සිදු වේ. එහි දී ඉතා වැදගත් ම වන්නේ මවක ගේ භුමිකාව යි. අනෙකුත් චරිත නො වැදගත් යැයි මෙහි දී කිසිසේත් අවධාරණය වන්නේ නැත. ලොවක අනාගතය තීරණය වන්නේ මවක සතු යුතුකම් හා වගකීම් නිසියාකාර ව ඉටු වන්නේ නම් පමණක් ම ය. මවක් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව් බඹ විහරණ ගුණයන්ගෙන් පූර්ණ වූ තරමට ය යහපත් දරුවෙක් නිර්මාණය කළ හැකි වන්නේ. යහපත් දරුවන් සමාජගත වන පමණට ය සමාජය යහපත් වන්නේ.

ජීවත් වන වටපිටාව, ආර්ථිකය, පවුල තුළ හා සමාජම ය පිළිගැනීම ආදී විවිධ හේතු සාධක නිසා මවක ගේ සිතිවිලි අයහපත් විය හැකි ය. වෛරය, ද්වේෂය, ලෝබය, ඊර්ෂ්‍යව ආදී අපිරිසුදු සිතිවිලි නිසා ඇය ගේ හැසිරිම් අයහපත් විය හැකි ය. එවැනි තත්වයක් තුළ ඇය ගේ චරිතය අර්ථවත් වන්නේ නැත. බෞද්ධ කාන්තාවන් ලෙස අප එම තත්වයට වැටිය යුතු නැත. අපට ගමන් කරන්නට අපූර්ව දහම් මාවතක් ඇත. ඒ මඟ ඉගෙන ගන්නට ඕනෑ තරම් මාර්ග ද ඇත. අවශ්‍ය කරන්නේ ධාර්මික ජීවිතයකට හැඩ ගැසීමේ වුවමනාව හා උත්සාහය පමණි.

අයහපත් ලෙස ජීවත් වුවහොත් එය තමන් ගේ මෙලොව ජීවිතයට සුබ දායී වන්නේ නැත. මරණින් මතු උරුම වන්නේ ද දුගතිය ම ය. ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව ය දහමෙහි සඳහන් වන්නේ. අවිනිශ්චිත ජීවිතයේ දැහැමි දිවි පෙවෙත නිසා ලබන්නා වූ ආශීර්වාදය කාන්තාවකට ඉතා වැදගත් ය. අප නිරතුරු උත්සාහ කළ යුතු කවර බාධක පැමිණිය ද දහමට අනුව ම ජීවත් වන්නට ය. එවිට කාන්තාවක ලෙස කවර චරිතයක් නියෝජනය කළ ද , තමා ද සුවඳවත් චරිතයක් වී, සමාජය ද සුගන්ධවත් කිරීමට හැකි වනු ඇත.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]