[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සමන් දෙවිඳුන්ට උපහාර පිදෙන සපරගමු මහසමන් දේවාල පුදබිමේ ඇසළ පෙරහර මංගල්‍යය

තථාගතයන් වහන්සේ සමනල ගිරි හිස ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළේ සුමන සමන් දෙවිඳුන් ගේ ආරාධනයෙනි. සිරිපා අඩවිය සමන් දෙවිඳුන් ගේ අඩවිය ලෙස සලකන ලක්වැසි බොදු ජනතාව සිරිපා කරුණාවේ දී රැකවරණය ප්‍රාර්ථනා කරන්නේ සුමන සමන් දෙවිඳුන්ගෙනි. තුන් සරණේ කවි කියමින් ,තිසරණ ගුණ සිහි කරමින් ඔවුහු සමන් දෙවිඳුන්ට ගෞරවාදරය දක්වන්නේ සිරිපා කරුණාවේ දී කිසි විටෙක කට වරද්දා නො ගනිමිනි. එසේ සුවිශේෂී වන සුමන සමන් දෙවිඳුන් වෙනුවෙන් ඉදිවූ රත්නපුර මහ සමන් දේවාලය සබරගමු පළාත් වැසියන් ගේ සංස්කෘතිය හා බැඳුණු ප්‍රධානත ම සිද්ධස්ථානයකි. ජීවිතයේ සුවිශේෂී වූ කවර කටයුත්තක දී වුවද සමන් දෙවිඳුන් ගේ ආශිර්වාදය ලබා ගැනීම ඔවුන් ගේ සිරිත ය. අතීතයේ සිට ම සමන් දෙවිඳුන් උදෙසා සබරගමුව මහ සමන් දේවාලයෙහි සිදු කෙරෙන පුද පූජාවන් අතර ඇසළ පෙරහර සුවිශේෂි ය. ඉපැරැණි රාජ සම්මත නීතීන්ට අනුව පැවැත්වෙන පෙරහරෙහි අරමුණ සමන් දෙවිඳුන්ට උපහාර දැක්වීම ය. සබරගමු පළාත් වැසි බොහෝ දෙනෙක් මෙම පෙරහර නැරඹීමට හුරු පුරුදු වී සිටින්නේ එය තමන් විසින් කළ යුතු ම චාරිත්‍රයක් කොට සලකමිනි. තමන් ගේ ජීවිතයේ කුදු මහත් ඕනෑම කටයුත්තක දී සමන් දෙවිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලැබෙන බව ඔවුහු විශ්වාස කරති. රත්නපුර සමන් දේවාලයේ ඇසළ මහ පෙරහර දෙවැනි වන්නේ මහනුවර ශ්‍රී දළදා පෙරහරට පමණක් බව පැවසේ. අතීතයේ සමන් දේවාලයේ පැවැත් වූ දළදා පෙරහර පිළිබඳ කියැවෙන දළදා පූජා කවි එහි අලංකාරයත්, ගාම්භීර බවත් ප්‍රකාශ කරයි. මෙවර රත්නපුර මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය කොරෝනා වසංගත රෝග තත්වය නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ජන සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙන බවත්, එහෙත් සියලු චාරිත්‍ර එලෙස ම සිදු කරන බවත් රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර නිලමේ තුමා පැවසී ය.


බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]