[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍ර සම්භාවනා සම්භාෂණය

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍ර සම්භාවනා සම්භාෂණය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ප්‍රථම උත්තරීතර මහානායක ධුරීන, විද්‍යාවිශාරද, අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගේ දහ අටවන ගුණසමරුව වෙනුවෙන් සංවිධානය කරන ලද අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍ර සම්භාවනා සම්භාෂණය සැප්තැම්බර් මස 12 වන දින රාත්‍රී කාලයේ මාර්ගගත සම්මන්ත්‍රණයක් ලෙස පැවැත්වුණි.

රටේ ජාතික, ආගමික හා සාමාජයීය ගැටලුවල දී පෙරට පැමිණි මහ නාහිමිපාණන් වහන්සේ තෛ‍්‍රනිකායික මහා නාහිමිපාණන් වහන්සේ සමඟ එම ගැටලු විසඳීමට නායකත්වය ගත්හ. බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තනය, බුරුමයේ ඡට්ඨ සංගායනාව වැනි කටයුතු සඳහා සම්බන්ධ වූ මහ නාහිමිපාණන් වහන්සේ අතින් රචිත පොත් සහ ලිපි ලේඛන ප්‍රමාණය සුවිශාල වෙයි. මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය පිහිටුවා භික්ෂු අධ්‍යාපනය විධිමත් කරමින් බම්බලපිටියේ වජිරාරාමය ඇතුළු විහාරස්ථානයන් හි ආධිපත්‍යය දරමින් අම්පිටියේ රාහුළ මාහිමියන් ගේ ද දායකත්වයෙන් ශතාධික ශිෂ්‍ය සමූහයක් දායාද කළහ. ජාත්‍යාන්තර ධර්ම ප්‍රචාරක මෙහෙවරෙහි ද මඩිහේ මහනාහිමිපාණන් වහන්සේ සුවිශේෂී මෙහෙවරක් සිදු කළ අනතිමානී සංඝශෝභන ගුණයන්ගෙන් පිරිපුන් ව වැඩ විසූ සේක.

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක පදවිය හොබවා වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පාර්ශ්ව විසි දෙකකට බෙදී තිබුණු අමරපුර මහා නිකාය එක්සත් කොට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාව පිහිටුවීම සඳහා නායකත්වය ගෙන ක්‍රියා කළහ. එකී මහා මෙහෙවරට උපහාර පිණිස 1992 වර්ෂයේ දී එම සංඝ සභාවෙහි ඒකමතිකත්වයෙන් ව්‍යවස්ථාව සංශෝධනය කොට උත්තරීතර මහානායක පදවිය පිහිටුවා මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන් වෙත පුද දෙන ලදි.

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍ර සම්භාවනා සම්භාෂණයෙහි ගුණසමරු දෙසුම් අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහානාහිමි, කොටපිටියේ රාහුල අනුනාහිමි, ඕමල්පේ සෝභිත නාහිමි සහ මහාචාර්ය අසංග තිලකරත්න මැතිතුමා විසින් සිදු කළ අතර, තිරිකුණාමලේ ආනන්ද මහානාහිමියන් විසින් සමෝධායන දෙසුම සිදු කරන ලදි. දොඩම්පහළ චන්දසිරි මහනාහිමිපාණන් වහන්සේ සහ ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමිපාණන් වහන්සේ ශුභාශිර්වාද එක් කළහ.

කිතලගම හේමසාර නාහිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය තවලම ධම්මික හිමි, ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි, මහාචාර්ය යමුනා හේරත් මැතිනිය ඇතුළු වියතුන් අදහස් දැක්වීය.

දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි, බලංගොඩ සෝභිත නාහිමි, අමරපුර නිකායේ එක් එක් පාර්ශ්වවල මහානායක, අනුනායක, ලේඛකාධිකාරි හිමිවරුන්, මඩිහේ මහනාහිමියන් ගේ ශිෂ්‍ය හිමිවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූ හ.

අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමියන් ගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අධ්‍යාපන, ප්‍රකාශන සහ ධර්මදූත අංශය සංවිධානය කළ මෙම ගුණසමරු සම්භාෂණය මෙහෙයවන ලද්දේ බලපිටියේ සිරි සීවලී නාහිමියන් විසිනි.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]