[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

   බළන්ගොඩ
ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි

 

පරාර්ථය වෙනුවෙන් කැප වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ

මතු බුදුවන අනඳ මෙත් මහ නාහිමි

වයස අවුරුදු සියය ඉක්මවා තිබියදීත් එතෙර ධර්ම ප්‍රචාරය පිණිස වැඩම කළ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන්ගේ 125 වන ජන්ම දිනය යෙදුණේ පසුගිය 23 වැනිදාට ය. උන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය වෙනුවෙන් තබන කෙටි සටහනකි මේ. කලින් කලට මෙරට පහළ වන යතිවරයාණන් වහන්සේ වෙති. එසේ බිහිවූ ශ්‍රේෂ්ඨ යතිවරුන්ගෙන් රටට, ජාතියට හා බුද්ධ ශාසනයටත් සිදුව ඇති සේවය අතිවිශාල ය. එවන් එක් යතිවරයාණන් වහන්සේ නමක් ලෙස බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේ පෙන්වා දිය හැකිය. උන් වහන්සේ උපත ලබන්නේ 1896 වසරේ අගොස්තු 23 වැනිදා ය. ලංකාවාසී බෞද්ධ ජනතාව විසින් උන්වහන්සේ හැඳීන්වූයේ මතු බුදුවන හිමිනමක් ලෙසිනි. බුද්ධ ධර්මය පිළිබඳ මනා දැනුමකින් එය ඉගැන්වීමට හැකියාවක් උන් වහන්සේ සතු විය. උන්වහන්සේගේ විෂයය වූයේ බුද්ධ වචනය කියා දීම පමණක් නොවේ. එය විශ්ලේෂණය කොට යුරෝපීය ජාතීන්ට කියාදීමට උන්වහන්සේට තිබූ හැකියාව මා සියැසින් ම දුටු අතර ඒ සඳහා පිරිස ආකර්ෂණය වන ආකාරය ද මම අවබෝධ කර ගත්තෙමි. උන්වහන්සේ ලෝක ප්‍රකට උගතකු, බුද්ධිමතකු හා දාර්ශනිකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත්වූ නිසා ලොව බොහෝ රටවල උන්වහන්සේට ආරාධනා කළේ ධර්මය ඉගැන්වීමට මෙන්ම භාවනාව පුහුණු කිරීමට ය. උන්වහන්සේ එම ආරාධනයන් පිළිගෙන යුරෝපයේ හා අමෙරිකාවේ ධර්මය ඉගැන්වීම සඳහා අවුරුදු ගණන් කල් ගත කළ ආකාරය ද මම සියැසින් ම දුටුවෙමි. බළන්ගොඩ නා හිමියන් මට අඳුනා ගන්නට ලැබෙන්නේ 1982 වසරේ ප්‍රංශයේ දී ය. එය මා ලද ලොකුම භාග්‍යයක් ලෙස මා සලකන්නේ, කිසිදිනකවත් නොලබන්නට පුළුවන් අත්දැකීම් රාශියක් උන්වහන්සේගේ ඇසුරෙන් ලබා ගැනීමට හැකිවීම නිසා ය.


නිකිණි අව අටවක

  අගෝස්තු 29 ඉරිදා අ.භා 23.25 අව අටවක ලබා 31 අඟහරුවාදා පූ.භා 01.59 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]