[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කච්චායන බමුණා දහම් ඇසීම

නිකිණි අව අටවක

  අගෝස්තු 29 ඉරිදා අ.භා 23.25 අව අටවක ලබා 31 අඟහරුවාදා පූ.භා 01.59 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

රටට සෙත් ප්‍රාර්ථනා කරමින් රතන සූත්‍ර දේශනාවක් හිඟුරාන උත්තර ජය මහා විහාරයේ දී

ගෝලීය වසංගතයක් බවට පත් වී ඇති කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින රට වැසියන්ට ඉක්මන් සුවය සහ ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදාව වසංගතය තුරන් කිරීමට ගෙන යන වැඩ පිළිවෙළ සාර්ථක ව සිදු කිරීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් හිඟුරාන උත්තර ජයමහා විහාරාධිපති හිඟුරාණේ සිරිධම්ම නායක හිමියන්ගේ අවවාද අනුශාසනා මත පසුගිය නිකිණි පොහෝදා සිට දින 07ක් විශේෂ බෝධිපුජාව සහිත රතන සූත්‍ර දේශනාව සිදු කිරීම ආරම්භ කෙරිණි. මෙම විශේෂ බෝධි පුජාව සහිත රතන සූත්‍ර දේශනාව සෑම දිනකම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට හිඟුරාණේ සිරිධම්ම නායක හිමියන් කටයුතු යොදා තිබුණි. මේ සඳහා හිඟුරාන උත්තර ජයමහා විහාරස්ථ අම්/සිරිධම්මරතන මහ පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ වැඩමවීමෙන් මෙම පින්කම් මාලාව සිදු කෙරිණි.

 

ධර්ම දේශනාව:

සුව ගෙනදෙන ආත්ම දමනය

සැවැත්නුවර ඉසුරුමත් පවුලක දෙමාපිය දෙපළක් අගසවු සැරියුත් මහරහතන් වහන්සේට සිව්පසයෙන් නිති උපස්ථාන කරති. ඔවුනට පිනැති පුත් රුවනක් ලැබිණ. එම කුමරු මව්කුස පිළිසිඳගත් තැන් පටන් නිවසෙහි වෙසෙන සියලුදෙනා ම සුව සම්පතින් පිනා ගිය හ. දුක් දොම්නස් රෝග පීඩා යනාදී බාධක දුරු විය. මෙම කුමරු උපන් පසු ඔහුට නම් තැබීම සඳහා සැරියුත් මහරහතන් වහන්සේට ආරාධනා ලැබිණ. කුමරු මව්කුස පිළිසිඳගත් දා පටන් පවුලේ සියලුදෙන සුව සේ වැඩුණු බව දත් උන් වහන්සේ කුමරුට “සුඛ කුමාර” යන නම තැබූ හ. යහතින් වැඩෙන කුමරු සත් හැවිරිදි වියේ දී පැවිදිවීමට කැමැත්තක් දැක්වීය. සැදැහැවත් දෙමාපියෝ සැරියුත් මහතෙරුන් වහන්සේ ගේ ශිෂ්‍යයකු ලෙස කුමරු පැවිදි කර වූ හ. පැවිද්දෙන් පසු පණ්ඩිත සාමණේර නම ලෙස හැඳීන්විණ. දිනක් සැරියුත් මහතෙරුන් සමඟ පණ්ඩිත සාමණේර නම පිඬුසිඟා වඩිමින් සිටිය හ. අතරමග දී ඇළ මාර්ග ඔස්සේ ඒ ඒ තැන් කරා දිය ගෙන යන්නන් පිරිසක් සාමණේර නමට දැක ගැන්මට ලැබුණි. මොවුහු කුමක් කරත් දැ යි, සැරියුත් තෙරුන් ගෙන් විමසී ය. මොවුන් කුඹුරු වගාවන් සඳහා ඒ ඒ තැන් දක්වා ජලය ගෙනයන බව සැරියුත් තෙරණුවෝ වදාළ හ. තවත් මද දුරක් ගමන් කරන විට සාමණේර හිමියන්ට දැකගත හැකි වූයේ ඊතල ගින්නෙන් තවමින් ඇස් අගින් බලා ඇද හරින හී වඩුවන් පිරිසකි. තවත් මද දුරක් ඉදිරියෙන් ලී දඬු නැවීම්, ඇද හැරීම් යනාදී සියුම් වැඩ මගින් රථවල නිම්වළලු සකස් කරන පිරිසක් දැකගත හැකි විය. පසුව පිණ්ඩපාත ගමන නතර කළ සාමණේර හිමි විහාර ගෙය තුළට පිවිසියේ ය. මග දී දුටු මෙම සිද්ධි තුන නිමිති වශයෙන් ගෙන තමා ම තමන් දමනය කරගත යුතු ආකාරය නුවණින් මෙනෙහි කිරීමට තරම් උන් වහන්සේ ප්‍රඥාවන්ත වූ හ. සිත් පිත් නැති ජලය වැනි ඉතා සියුම් දේත් යකඩ, ලී දඬු වැනි ඉතා තද දේත් කීකරු කොට ඒ ඒ කාර්යයෙහි යොදා ඉන් ප්‍රයෝජන ලබන අයුරු නුවණින් මෙනෙහි කළ හ. සිත නොයෙක් අරමුණු කරා විසිර යා නොදී එක් අරමුණක තබා ගත් හ. සහජයෙන් ම නුවණැති උන් වහන්සේ තමා ගේ සිත තමා විසින්ම පාලනය කරන ලදුව මාර්ගඵලාවබෝධය ලැබූ හ. මෙම අපූර්ව සිදුවීම නිමිති කරගත් බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයේ දී මෙසේ වදාළ හ.

 

පරාර්ථය වෙනුවෙන් කැප වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ

මතු බුදුවන අනඳ මෙත් මහ නාහිමි

වයස අවුරුදු සියය ඉක්මවා තිබියදීත් එතෙර ධර්ම ප්‍රචාරය පිණිස වැඩම කළ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන්ගේ 125 වන ජන්ම දිනය යෙදුණේ පසුගිය 23 වැනිදාට ය. උන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය වෙනුවෙන් තබන කෙටි සටහනකි මේ. කලින් කලට මෙරට පහළ වන යතිවරයාණන් වහන්සේ වෙති. එසේ බිහිවූ ශ්‍රේෂ්ඨ යතිවරුන්ගෙන් රටට, ජාතියට හා බුද්ධ ශාසනයටත් සිදුව ඇති සේවය අතිවිශාල ය. එවන් එක් යතිවරයාණන් වහන්සේ නමක් ලෙස බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේ පෙන්වා දිය හැකිය. උන් වහන්සේ උපත ලබන්නේ 1896 වසරේ අගොස්තු 23 වැනිදා ය. ලංකාවාසී බෞද්ධ ජනතාව විසින් උන්වහන්සේ හැඳීන්වූයේ මතු බුදුවන හිමිනමක් ලෙසිනි. බුද්ධ ධර්මය පිළිබඳ මනා දැනුමකින් එය ඉගැන්වීමට හැකියාවක් උන් වහන්සේ සතු විය. උන්වහන්සේගේ විෂයය වූයේ බුද්ධ වචනය කියා දීම පමණක් නොවේ. එය විශ්ලේෂණය කොට යුරෝපීය ජාතීන්ට කියාදීමට උන්වහන්සේට තිබූ හැකියාව මා සියැසින් ම දුටු අතර ඒ සඳහා පිරිස ආකර්ෂණය වන ආකාරය ද මම අවබෝධ කර ගත්තෙමි. උන්වහන්සේ ලෝක ප්‍රකට උගතකු, බුද්ධිමතකු හා දාර්ශනිකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත්වූ නිසා ලොව බොහෝ රටවල උන්වහන්සේට ආරාධනා කළේ ධර්මය ඉගැන්වීමට මෙන්ම භාවනාව පුහුණු කිරීමට ය. උන්වහන්සේ එම ආරාධනයන් පිළිගෙන යුරෝපයේ හා අමෙරිකාවේ ධර්මය ඉගැන්වීම සඳහා අවුරුදු ගණන් කල් ගත කළ ආකාරය ද මම සියැසින් ම දුටුවෙමි. බළන්ගොඩ නා හිමියන් මට අඳුනා ගන්නට ලැබෙන්නේ 1982 වසරේ ප්‍රංශයේ දී ය. එය මා ලද ලොකුම භාග්‍යයක් ලෙස මා සලකන්නේ, කිසිදිනකවත් නොලබන්නට පුළුවන් අත්දැකීම් රාශියක් උන්වහන්සේගේ ඇසුරෙන් ලබා ගැනීමට හැකිවීම නිසා ය.

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]