[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදර්ශය මුහුණ බලන කැඩපතක් වගෙයි

ආදර්ශය මුහුණ බලන කැඩපතක් වගෙයි

වර්තමාන සමාජයේ ජීවත්වන ඇතැම් පිරිසකට ආගම, සාහිත්‍ය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති බව ඇතැම් විට දක්නට ලැබෙන කරුණකි. වාණිජ ලෝකය තුළ කාමය උද්දීපනය වන සමාජ පරිසරයක ජීවත්වන බැවින් යුග ජීවිතය යනු හුදෙක් ලිංගිකත්වය පමණක් බවම ඇතැම් අඹුසැමියන් විශ්වාස කරන බව ද පෙනේ.

සම්පත් පරිහරණය කරමින් සතුටින් සැහැල්ලුවෙන් ජීවත්විය යුතු බවට බුදු දහම අවධාරණය කර ඇත. එසේ වුව ද, බුදු දහමට අනුව අධර්ම රාගය ප්‍රතික්ෂේප කර ඇත. නිවැරැදි සමාජ පරිසරයක් ගොඩනඟා ගැනීමට නම්, ධර්මානුකූල ව සිතා ජීවත්විය යුතු ය.

විවාහයේ දී ස්වාමිපුරුෂයාත් ,බිරිඳත් අතර විශාල වයස් පරතරයක් නොතිබිය යුතු ය. එසේ වූ විට ඒ පවුල් ජීවිතයේ සාර්ථකත්වයට විශාල බලපෑමක් ඇතිකරනු ඇත. එම නිසා සෑම පුද්ගලයකු ම තම වයසට ගැලපෙන සේ කටයුතු කළ යුතු ය. රූපවත් නොවේ නම්, ධනවත් නොවේ නම්, සිල්වත් නොවේ නම්, අලස වේ නම්, දරුවන් නැති නම් එම ජීවිතය බොහෝ දුක්මුසු ය.

විවාහයෙන් පසු දරුවන් නොලැබුණහොත් එය අඹුසැමියන්ගේ නොසතුටට හේතු වේ. පෙර ආත්මයක දී සිදුකළ අකුසල කර්මයක් නිසා හෝ ජීව විද්‍යාත්මක සාධක ද පදනම් කරගෙන දරුවන් අහිමි විය හැකි ය.

මෙවැනි අවස්ථාවක දී අඹුසැමියන්ට දරුවන් නීත්‍යනුකූල ව දරුකමට හදාගත හැකි ය. අඹුසැමියන් එම දරුවනට පියකු මෙන්, මවක මෙන් සලකන්නේ නම්, එතැනදී මව් පිය සෙනෙහසක් උපදී.

ආදර්ශය යනු මුහුණ බලන කැඩපතක් බඳු ය. විවාහ ජීවිතය සමබර වීමටත්, ඒ තුළින් ගොඩනැඟෙන දරුවන්ට නිසි මඟ කියාදීමට ත් මව්පියන් කැඩපතක් ලෙස කටයුතු කළ යුතු ය. ඔවුන් සමඟියෙන්, ධාර්මික ව, සුචරිතවත් ලෙස පවුල් ජීවිතය ගත කරන විට එම ආදර්ශය දරුවන් ද ලබා ගනී.

ඒ තුළින් ගොඩනැඟෙන සමාජය රටට හිතකර ය. සමබර ධාර්මික පවුල් ජීවිතය යනු රටක අනාගත සමාජය වෙනුවෙන් කරනු ලබන ධාර්මික ආයෝජනයක් ලෙස හඳුන්වා දිය හැකි ය. පව් කිරීමට ඇති බිය වළකන ලෝක පාලක ධර්ම බිඳවැටීමට ලක්වුවහොත් පවුල් ජීවිතය අර්බුදයට ලක්වේ.

තමාගේ තරම, හැකියාව, නොදැන කටයුතු කිරීමෙන් හා තීරණ ගැනීමෙන් වර්තමානය වන විට විවාහය කල්දමන ස්වභාවයක් පවතී. යහපත් තරුණයකු හෝ යහපත් තරුණියක ලැබෙන තුරු විවාහය කල්දමන බව ප්‍රකාශ කරයි. විශ්වාසවන්ත තරුණියක හා විශ්වාසවන්ත පිරිමියකු සොයා ගැනීම ද පහසු නොවේ. පවුල් ජීවිතයක් සාර්ථක වීමට නම්, සැමවිටම සැමියාගේ සිතිවිලිත්, බිරිඳගේ සිතිවිලිත් අතර සමබරතාවයක් තිබිය යුතු ය. විශ්වාසවන්ත තරුණයකු හෝ විශ්වාසවන්ත තරුණියක සොයා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවන බව දෙපාර්ශ්වයේ ම අදහස ය. දෙපැත්තටම පොදු වූ ධර්මතාව නම්, එකිනෙකාට එකිනෙකා පිළිබඳ විශාල සැකයක් පැවතීම ය. සාර්ථක පවුල් ජීවිතයකට එය විශාල බාධාවක් වේ.

විශ්වාසය නැතිව ගිය විට සැමියා අන් කාන්තාවන් කෙරෙහිත්, බිරිඳ අන් පුරුෂයන් කෙරෙහිත් බැඳීය හැකි ය.

අප ලෝක සම්මතයන්ට ගරු කළ යුතු ය. එසේ ලෝක සම්මතයන්ට ගරු කරමින් ජීවත් වූ විට සමාජයේ ඇතිවන ගැටුම් බොහෝ දුරට අවම කරගත හැකි ය. වර්තමාන සමාජයේ ඇතැම් මිනිසුන් විසින් තමන්ගේ ලස්සන ජීවිතය අසුන්දර ව අපිළිවෙළ කරගෙන අපාය බවට පත්කර ගනු ලබන්නේ තම චර්යාවන් පාලනය කරගත නොහැකි නිසයි.

එබැවින් නිතරම සමාජය තුළ සාධාරණ ව ජීවත්වෙමින් සමාජ සංස්කෘතියේ පැවැත්මට කටයුතු කළ යුතු ය. යමෙකුට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණයෙන් ඉෂ්ට කළ හැකි නම්, දුකෙන් මිදීමට හැකි ය. ඉන්ද්‍රිය සංවරය ඇතිකර නොගත හොත් මිනිසුන් පවා තිරිසන් බවට වැටෙන්නේ ය.

යම් දෙයක් සිදුකිරීමේ දී එය තමන්ටත්, අනුන්ටත් අයහපත පිණිස සිදුවෙනවා නම්, එය අකුසලයක් බවට කල්පනා කළ යුතු ය.

එබැවින් යමකුට ඔහුගේ සිතැඟි පරිදි රුචි අරුචිකම් අනුව පමණක් හැසිරීමට අයිතියක් නැත. තමාගේ ක්‍රියාවක් හේතු කොටගෙන සමාජයට යහපතක් හෝ අයහපතක් සිදුවනවා ද? යන්න කල්පනා කළ යුතු ය. සමාජ සම්මුතීන්ට පිටුපා ක්‍රියා කිරීමට අපට අයිතියක් නැත.

නිකිණි අව අටවක

  අගෝස්තු 29 ඉරිදා අ.භා 23.25 අව අටවක ලබා 31 අඟහරුවාදා පූ.භා 01.59 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]