[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඛේමා බිසව බුදුරදුන් මුණගැසීම

පොසොන් අමාවක

ජුලි 09 සිකුරාදා පූර්වභාග 05.16 අමාවක ලබා 10 සෙනසුරාදා පූර්වභාග 06.46 ට ගෙවේ.
සිකුරාදා සිල් 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

 

 

 

ස්වර්ණමාලී සෑරදුන් අභියසදී විළඳ මී පිඬු පූජා පින්කමක්

බුදුරජාණන් වහන්සේ උදෙසා පළමුැනි දානය පූජා කිරීමට සසරේ පෙරුම් දම් පුරා ගෙන ආ තපස්සු භල්ලුක නම් වෙළඳ දෙබෑයෝ, කරත්ත පන්සියයකින් වෙළඳාමේ යන අතරමඟදී බුදුහාමුදුරුවන්ට විළඳ සහ මී පිඬු පූජා කරන ලදී. මෙම උතුම් පින්කම පිළිබඳ සිහිපත් කරමින් 2010 වසරේ සිට වාර්ෂික ව රුවන්වැලි මහා සෑරදුන් අබියස විළඳ සහ මී පිඬු පූජා කිරීම කඳුළුගමුවේ සුමනතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. එදිනට කරත්තවලින් රැගෙන එන විළඳ සහ මී පැණි, කප්රුක් පූජා සහිත උතුම් පින්කමට විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගි වේ. පින්කමට සහභාගිවන දහස් ගණන් සැදැහැවතුන් උදෙසා උදෑසන ආහාර සඳහා දන්සැල් ආදිය පවත්වන මහා පින්කම් ද සිදු කෙරේ. මේ වන විට කරත්ත පෙරහර සඳහා යොදා ගැනීමට සැදැහැවතුන් විසින් කරත්ත සහ ගවයන්ද පූජා කර තිබේ. මෙම පින්කමේ මී පැණි පූජා කිරීමෙන් අනතුරුව රෝගීන්ට ඖෂධ සෑදීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබාදීම 2020 වසරේ සිදු කෙරිණි. 2010 වසරේ සිට වාර්ෂිකව සිදු කරන මෙම උතුම් සම්බුද්ධ පූජාව 2021 ජූලි 14 වෙනිදාට යෙදී ඇත. මෙවර 12 වෙනි වරට පින්කම පැවැත්වීමට නියමිත ව තිබේ. පවතින කොරෝනා වසංගත තත්ත්වය අනුව නිරෝධායන නීති රීති හා සෞඛ්‍යය උපදෙස් අනුව ජන සහභාගිත්වයෙන් තොරව චාරිත්‍රානුකූලව පූජාව පැවැත්වීමට සිදු වී ඇත. මෙම උතුම් පින්කමේ අනුහසින් පවතින කොරෝනා වසංගත තත්ත්වය දුරුවී සියලුම රෝගීන් සුවපත් වේවා යන අධිෂ්ඨානයෙන් රුවන්වැලි මහා සෑ මළුවේ දී එම පින්කම එදින සිදු කෙරේ.

ධර්ම දේශනාව:

ප්‍රඥා ඇසින් ලෝකය දකින්න

අන්ධභූතෝ අයං ලෝකෝ - තනුකෙත්ථ විපස්සති - සකුන්තෝ ජාල මුත්තේහි - අප්පොස්සග්ගාය ගච්ඡති. මේ පුහුදුන් ලෝකයා පැණැස (පඤ්ඤා චක්ඛු) නැතිහෙයින් අන්ධ ය. මේ ලෝවැසියා අතරෙහි ස්වල්ප දෙනෙක් පංචස්කන්ධය අනිත්‍ය ආදී වශයෙන් වෙසෙසා දකියි. ලිහිණී වැද්දකුගේ දැලින් මිදුණු වටුවෙකු මෙන් ස්වල්ප දෙනෙක් මාරයාගේ පංචකාම නමැති දැලින් මිදී නිර්වාණයට යන්නේ ය. ධම්මපදය - 13 වැනි ලෝක වර්ගයේ 7 වැනි ගාථාව. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙම ගාථා ධර්මය දේශනා කළේ අලවි නුවර අග්ගාලව චේතිය නම් විහාරස්ථානයෙහි වැඩවසන සේක් එක්තරා පේසකාර දියණියක් අරභයා ය. එක් දිනක් ජනපද චාරිකාවේ වඩින බුදුරජාණන් වහන්සේ ආලවි නුවරට වැඩම කළ විට එනුවර වැසියෝ දන් පිළිගැන් වූ අතර බත්කිස නිම කළ උන්වහන්සේ මෙසේ අනුමෝදනා ධර්මයක් දේශනා කළහ. ජීවිතය අනිතය, මරණය ඒකාන්තය, මම මරණයට පත්වන්නේ වෙමි. මාගේ ජීවිතය මරණය කෙළවර කොට සිටී. යන අයුරින් මරණ සතිය වඩන්න. යමෙක් මරණසතිය මෙසේ නොවඩන ලද නම් ඔවුහු පසුකලෙක නයකු දැක බිය වූ තැනැත්තෙක් සන්තාපයටසේ පැමිණෙන්නාහ. මර හඬ දෙමින් කලුරිය කරත්. යම් කෙනෙක් මරණසතිය වඩන ලද්දේ නම් ඔවුහු දුරදීම නයකු දැක කෝටුවකින් ගෙන විසි කොට සිටි අයෙක් මෙන් නිර්භීතව සිටිත්. ඒ නිසා මරණසතිය වැඩිය යුතු යැයි පැහැදිලි කරමින් ධර්මදේශනා කළ සේක.

 

පින් පිරෙන කුසල් වැඩෙන පින්බර වස් සමය

වසරකට වරක් වස් සමාදන්වීම භික්ෂූන් වහන්සේගේ කාර්යයකි. එයට දායකයන්ගේ ආරාධනාවක් අනවශ්‍ය ය. දායකයන්ගේ ආරාධනාවක් ඇතත් නැතත් උපසම්පදා භික්ෂුව වස් සමාදන්වීම කළ යුතු ය. වස් වසනවා යනු තුන් මාසයක් එකතැනක වසන්නෙමි යන අදහස යි. වස් වැසීමත් මහජන හඬට කන්දීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පදයකි. ලංකාවේ මෙන් නොව ඉන්දියාවේ ඇසළ මාසයෙන් පසුව ඇති වන වර්ෂා කාලය ඉතා බැරෑරුම් ය. පීඩාදායක ය. ඒ අනෝරා වැස්සේ බුදු සසුනේ භික්ෂූහු ආදියේ ගමන් බිමන් ගියහ. පිණ්ඩපාතයේ ගියහ. මේ පිළිවෙතට මිනිස්සු විරෝධය පළ කළහ. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් කෙනෙක් තීර්ථක වැනි කොටස් වස්සාන කාලයේ එක්තැනකට වී සිටීමේ ආදර්ශය දුන්හ. මේ ආදර්ශයත්, මහජන විරෝධතාවයත් භික්ෂූන් වහන්සේට වස් විසීමට පෙළඹ වූ බව පෙනෙයි. සෑම වර්ෂයක ම ඇසළ පසළොස්වක දවසට පසුවදා වස් එළඹිය යුතු ය. මාස හතරකින් යුක්තවන වස්සාන සෘතුවේ දී පළමු තුන් මාසය එක් තැනකට වී මහණදම් රැකීම වස් එළඹීම වශයෙන් නියමය වේ. වස් එළඹෙන්නහු විසින් වහළක් ඇති, අරින්න වහන්න පුළුවන් දොරක් ඇති සෙනසුනකම වස් එළඹිය යුතු ය. සෙනසුනක් නැතයි වස් නොඑළඹ සිටිනු අයුතු ය. සෙනසුනක් නැත්නම් අත් උදව්කාරයකු සොයා දායකයකු සොයාගෙන සෙනසුනක් තනවා ගත යුතු ය. අත් උදව්කාරයකු නැතිනම් තමන් විසින් හෝ සෙනසුනක් තනා ගත යුතු බව විනයාලංකාර ටීකාවේ උගන්වා ඇත. නවත්වා ඇති නැවක හෝ වස් විසීම කළ යුතු ය. එය ද විනයානුකූල ය.

 

කෝවිඩ් වසංගත රෝගය හමුවේ බිඳවැටෙන කායික හා මානසික සෞඛ්‍යය රැක ගත යුතු හැටි

2019 වසර අග භාගයේ චීනයේ වුහාන් නගරයෙන් ව්‍යාප්ත වූ කොරෝනා වෛරස හෙවත් කොවිඩ් 19 වසංගතය 2021 ජුනි මස මුල් සතිය වන විට ලොව රටවල් 222 ක මිලියන 173 කට අධික ජනයා රෝගාතුර කොට ඉන් ලක්ෂ 37 කට අධික පිරිසක් මරුමුවට පත්කොට ඇත. ලොව මෙතෙක් අත්දුටු දරුණුම වසංගතයක් වූ මෙය පාලනය කිරීමට දැනට යෝජිත ක්‍රම අතරින් ප්‍රතිශක්තිකරණ එන්නත් කිරීමත්, සංචරණ සීමා පැනවීමත් සාර්ථකම ක්‍රියාමාර්ග ලෙස හඳුනාගෙන ඇත. මෙම සංචරණ සීමා කිරීම් හමුවේ ආර්ථික, සාමාජික, ආගමික හා දේශපාලනික අපහසුතා රැසකට මුහුණදීමට ලොව බොහෝ දෙනකුට සිදුව ඇති අතර, එය සමස්ත ලෝකවාසීන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට ඉතා දැඩි බලපෑමක් එල්ලකර තිබේ. බෞද්ධයකු ලෙස මේ තත්ත්වයට මුහුණදී ඒ කළමණාකරණය කරන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් අපි විමසා බලමු.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusa[email protected]