[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමාජ මාධ්‍ය භාවිතයේ‍ හොඳ නරක ගැන දරුවන්ට කියා දෙන්න

සමාජ මාධ්‍ය භාවිතයේ‍ හොඳ නරක ගැන දරුවන්ට කියා දෙන්න

මොරටුව ලුනාව ශ්‍රී බෝධිරාජාරාම විහාරවාසී
දාම්මල සුමනජෝති හිමි

ගුවන් විදුලිය, රූපවාහිනිය සහ පුවත්පත් වැනි ප්‍රධාන දහරාවේ ජනමාධ්‍ය අතික්‍රමණය කරමින් සමාජ මාධ්‍ය පෙරට ඒම වර්තමානය වනවිට දැකිය හැකි තත්ත්වය යි. මේ නිසාම සමාජ මාධ්‍යවල ඇබ්බැහිකරුවන් බවට පත් වී ඇත්තේ ද තරුණ දරුවන් ය.

වර්තමානයේ ඇති වී තිබෙන වසංගත රෝග තත්වය නිසා පාසල් මෙන්ම විශ්ව විද්‍යාල ද වසා ඇති බව අප හැමෝම දන්නා කාරණාවකි. එම හේතුව නිසා බොහෝ දරුවන් තම ඉගෙනීමේ කටයුතු සිදු කරනු ලබන්නේ online මාර්ගගත ක්‍රමය ඔස්සේ ය.

අද අප සාකච්ඡා කරනු ලබන්නේ එම online මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගෙනීමෙන් අත්වන අතුරු ප්‍රතිපල පිළිබඳව ය. බොහෝ මව්පියන් මේ කාරණය පිළිබඳ අඩු සැලකිල්ලක් දක්වන නිසා බොහෝ දරුවන් වැරැදි මඟට යොමු වී ඇති බව පෙනේ .

වර්තමානයේ තම පෞද්ගලික තොරතුරු තවත් කෙනකු අතට පත්වීමෙන් බොහෝ සෙයින් පීඩාවට පත්වන්නේ නව යොවුන් වියට හා පෙර සහ මුල් නව යොවුන් වියේ පසුවන්නන් ය.

බොහෝ වෙබ් අඩවිවල වයස් සීමාවකින් තොරව බොහෝ දෙනකු හා මාධ්‍ය අතර ඇත්තේ සමීප සබඳතාවකි. මෙමඟින් දරුවාගේ හැඟීම් , ආකල්ප, හැසිරීම් පිළිබඳ පිරික්සීමේ දී අවම වශයෙන් දරුවකු දිනකට පැය තුන හතරක්වත් සමාජ සංගීතය, වීඩියෝ ක්‍රීඩා සහ සමාජ මාධ්‍ය බහුලව භාවිත කරන අතර අවුරුදු 12 ත් 17 ත් අතර දරුවන් වීඩියෝ ක්‍රීඩාවලට මෙන්ම සමාජ මාධ්‍ය භාවිත කිරීමට වැඩි නැඹුරුතාවක් දක්වන බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත.

වර්තමානය වන විට ළමයාගේ ආකර්ශණීය මාධ්‍ය රූප මාධ්‍යය වේ. ජංගම දුරකථන හා පරිගනක ළමුන් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ මේ නිසාවෙනි. ගුවන් විදුලිය, රූපවාහිනිය සහ පුවත්පත් වැනි ප්‍රධාන දහරාවේ ජනමාධ්‍ය අතික්‍රමණය කරමින් සමාජ මාධ්‍ය පෙරට ඒම වර්තමානය වනවිට දැකිය හැකි තත්ත්වය යි. මේ නිසාම සමාජ මාධ්‍යවල ඇබ්බැහිකරුවන් බවට පත් වී ඇත්තේ ද තරුණ දරුවන් ය. සමාජ මාධ්‍ය තුළින් පොදුවේ ඇතිවිය හැකි බලපෑම් තුනකි. එනම් හැසිරීම් කෙරෙහි වන බලපෑම, ආකල්ප කෙරෙහි වන බැලපෑම හා හැඟීම් කෙරෙහි ඇතිවන බලපෑම ය.

මේ ආකාරයන් මඟින් දරුවන්ට ඇතිවන බලපෑම කෙබඳු ද කියතොත් අමෙරිකාවේ පැය තුනකට වරක් වෙඩි තැබීමකින් දරුවකු මිය යන අතර විනාඩි පහකට වරක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දරුවකු අත්ඩංගුවට ගැනීම ද සිදුවේ.

එසේම බො‍හෝ සමාජ මාධ්‍ය ප්‍රචණ්ඩත්වය හා ලිංගිකත්වය හුවා දැක්වීම මඟින් ද බොහෝ දරුවන් අවාසනාවන්ත ලෙස අවිචාරවත් ලිංගික සබඳතා හා අනාරක්ෂිත හුරුපුරුදු, අයහපත් සෞඛ්‍ය පුරුදුවලට මෙන්ම මත්කුඩු හා මත්ද්‍රව්‍ය වලට පෙළඹීම ද සිදු වෙයි. එම හේතු නිසා මේ කාලයේ දී විශේෂයෙන් ම ඔබේ දරුවා පිළිබඳ සැලකිලිමත් ව ඔවුන් සිදුකරන ක්‍රියාවන් පිළිබඳ අධීක්ෂණයෙන් යුතුව දරුවාට සමාජ මාධ්‍ය මඟින් ඇතිවිය හැකි ගැටලු මෙන්ම එහි ඇති ඵලදායිත්වය පිළිබඳව ද දැනුවත් කොට ළමා පරපුර නව පෞරුෂයක් නව සමාජයක් හා නව ලෝකයක් කරා මෙහෙයවීමේ බලය මාධ්‍ය සතු වන අතර ඉන්ද්‍රිය වර්ධනය, හැගීම් සංවර්ධනය, සමාජ අවබෝධය, සමාජ සබඳතා හා භාෂා වර්ධනය කෙරෙහි යහපත් බලපෑම් ද ඇතිකරනු ලබයි.

එසේම දරුවන්ගේ ස්වයං අත්හදා බැලීම් විෂයයෙහි වර්ධනය ඇතිකිරීමටත්, සන්නිවේදන හා නිර්මාණාත්මක හැකියා වර්ධනයටත් මාධ්‍ය ඉවහල්වන බව කිවයුතු ම ය.

එමනිසා online මාරයාගෙන් ඔබේ දරුවා සුරක්ෂා කොට යහපත් ලෙස මාර්ගගත කිරීම වත්මන් වැඩිහිටි සියලු දෙනාගේ ම මෙන්ම බලධාරීන්ගේ ද වගකීමකි.

පොසොන් අමාවක

ජුලි 09 සිකුරාදා පූර්වභාග 05.16 අමාවක ලබා 10 සෙනසුරාදා පූර්වභාග 06.46 ට ගෙවේ.
සිකුරාදා සිල් 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]