[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ප්‍රඥා ඇසින් ලෝකය දකින්න

අන්ධභූතෝ අයං ලෝකෝ - තනුකෙත්ථ විපස්සති - සකුන්තෝ ජාල මුත්තේහි - අප්පොස්සග්ගාය ගච්ඡති. මේ පුහුදුන් ලෝකයා පැණැස (පඤ්ඤා චක්ඛු) නැතිහෙයින් අන්ධ ය. මේ ලෝවැසියා අතරෙහි ස්වල්ප දෙනෙක් පංචස්කන්ධය අනිත්‍ය ආදී වශයෙන් වෙසෙසා දකියි. ලිහිණී වැද්දකුගේ දැලින් මිදුණු වටුවෙකු මෙන් ස්වල්ප දෙනෙක් මාරයාගේ පංචකාම නමැති දැලින් මිදී නිර්වාණයට යන්නේ ය. ධම්මපදය - 13 වැනි ලෝක වර්ගයේ 7 වැනි ගාථාව. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙම ගාථා ධර්මය දේශනා කළේ අලවි නුවර අග්ගාලව චේතිය නම් විහාරස්ථානයෙහි වැඩවසන සේක් එක්තරා පේසකාර දියණියක් අරභයා ය. එක් දිනක් ජනපද චාරිකාවේ වඩින බුදුරජාණන් වහන්සේ ආලවි නුවරට වැඩම කළ විට එනුවර වැසියෝ දන් පිළිගැන් වූ අතර බත්කිස නිම කළ උන්වහන්සේ මෙසේ අනුමෝදනා ධර්මයක් දේශනා කළහ. ජීවිතය අනිතය, මරණය ඒකාන්තය, මම මරණයට පත්වන්නේ වෙමි. මාගේ ජීවිතය මරණය කෙළවර කොට සිටී. යන අයුරින් මරණ සතිය වඩන්න. යමෙක් මරණසතිය මෙසේ නොවඩන ලද නම් ඔවුහු පසුකලෙක නයකු දැක බිය වූ තැනැත්තෙක් සන්තාපයටසේ පැමිණෙන්නාහ. මර හඬ දෙමින් කලුරිය කරත්. යම් කෙනෙක් මරණසතිය වඩන ලද්දේ නම් ඔවුහු දුරදීම නයකු දැක කෝටුවකින් ගෙන විසි කොට සිටි අයෙක් මෙන් නිර්භීතව සිටිත්. ඒ නිසා මරණසතිය වැඩිය යුතු යැයි පැහැදිලි කරමින් ධර්මදේශනා කළ සේක.


පොසොන් අමාවක

ජුලි 09 සිකුරාදා පූර්වභාග 05.16 අමාවක ලබා 10 සෙනසුරාදා පූර්වභාග 06.46 ට ගෙවේ.
සිකුරාදා සිල් 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]