[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්වර්ණමාලී සෑරදුන් අභියසදී විළඳ මී පිඬු පූජා පින්කමක්

ස්වර්ණමාලී සෑරදුන් අභියසදී විළඳ මී පිඬු පූජා පින්කමක්

බුදුරජාණන් වහන්සේ උදෙසා පළමුැනි දානය පූජා කිරීමට සසරේ පෙරුම් දම් පුරා ගෙන ආ තපස්සු භල්ලුක නම් වෙළඳ දෙබෑයෝ, කරත්ත පන්සියයකින් වෙළඳාමේ යන අතරමඟදී බුදුහාමුදුරුවන්ට විළඳ සහ මී පිඬු පූජා කරන ලදී. මෙම උතුම් පින්කම පිළිබඳ සිහිපත් කරමින් 2010 වසරේ සිට වාර්ෂික ව රුවන්වැලි මහා සෑරදුන් අබියස විළඳ සහ මී පිඬු පූජා කිරීම කඳුළුගමුවේ සුමනතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. එදිනට කරත්තවලින් රැගෙන එන විළඳ සහ මී පැණි, කප්රුක් පූජා සහිත උතුම් පින්කමට විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගි වේ. පින්කමට සහභාගිවන දහස් ගණන් සැදැහැවතුන් උදෙසා උදෑසන ආහාර සඳහා දන්සැල් ආදිය පවත්වන මහා පින්කම් ද සිදු කෙරේ. මේ වන විට කරත්ත පෙරහර සඳහා යොදා ගැනීමට සැදැහැවතුන් විසින් කරත්ත සහ ගවයන්ද පූජා කර තිබේ.

මෙම පින්කමේ මී පැණි පූජා කිරීමෙන් අනතුරුව රෝගීන්ට ඖෂධ සෑදීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබාදීම 2020 වසරේ සිදු කෙරිණි. 2010 වසරේ සිට වාර්ෂිකව සිදු කරන මෙම උතුම් සම්බුද්ධ පූජාව 2021 ජූලි 14 වෙනිදාට යෙදී ඇත. මෙවර 12 වෙනි වරට පින්කම පැවැත්වීමට නියමිත ව තිබේ. පවතින කොරෝනා වසංගත තත්ත්වය අනුව නිරෝධායන නීති රීති හා සෞඛ්‍යය උපදෙස් අනුව ජන සහභාගිත්වයෙන් තොරව චාරිත්‍රානුකූලව පූජාව පැවැත්වීමට සිදු වී ඇත. මෙම උතුම් පින්කමේ අනුහසින් පවතින කොරෝනා වසංගත තත්ත්වය දුරුවී සියලුම රෝගීන් සුවපත් වේවා යන අධිෂ්ඨානයෙන් රුවන්වැලි මහා සෑ මළුවේ දී එම පින්කම එදින සිදු කෙරේ.

පොසොන් අමාවක

ජුලි 09 සිකුරාදා පූර්වභාග 05.16 අමාවක ලබා 10 සෙනසුරාදා පූර්වභාග 06.46 ට ගෙවේ.
සිකුරාදා සිල් 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]