[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

චීවර මාසය ඇරඹෙන පින්බර වප් පොහොය

වස්සාන ඍතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන තුළ උපසපන් භික්ෂූන් වහන්සේලා වස් සමාදන් ව වැඩ සිටිති. මෙම සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පොහොයෙනි. සෑම වසරකම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය සැදැහැවතුන් ගේ පුණ්‍ය කාලය යි. වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. වප් පුර පසළොස්වක පොහෝදා සිට මෙම කඨින මහා පින්කම් ඇරඹෙයි. එහෙත් මෙම වසරේ වප් පොහොය උදා වනුයේ ඔක්තෝබර් 30 වැනිදා ප.ව. 5.45 ට ය. පොහොය අවසන් වනුයේ ඔක්. 31 ප.ව. 8.19 ට ය. වප් පුර පසළොස්වක පොහොය පවතිනුයේ මෙම කාලය තුළ වන බැවින් භික්ෂූන් වහන්සේලා පෙරවස් පවාරණ මහා විනය කර්මය සිදු කරනුයේ මෙම කාලය තුළ දී ය. සැදැහැවත් පිරිස පොහොය අටසිල් සමාදන්වනුයේ ඔක්තෝබර් 30 වැනිදා ය. එහෙත් එදින උදෑසන හෝ දවල් පොහොය උදාවී නොමැති හෙයින් පෙරවස් පවාරණ මහා විනය කර්මය සිදුකළ නො හැකි ය. එබැවින් එම උතුම් විනය කර්මය ඔක්තෝබර් 30 වැනිදා රාත්‍රියේ හෝ ඔක්තෝබර් 31 වැනිදා රාත්‍රී 8.20 ට පෙර සිදු කළ යුතු ව පවතියි. මේ අනුව මෙම වසරේ කඨින චීවර පූජාවන් සිදු කරනුයේ නොවැම්බර් 01 වැනිදා සිට යි. එය සිදු කළ හැකි අවසාන දවස වනුයේ නොවැම්බර් 29 වැනිදා එළඹෙන ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි. මෙම වස් මහට චීවර මාසය යන නම ද ව්‍යවහාර කෙරෙයි. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනක දී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම සිදු කළ හැකි වුවද කඨිනය සිදු කළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් වරක් පමණකි. මේ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී කඨිනය විහාරස්ථානයක වර්ෂයක් තුළ සිදුකෙරෙන පින්කම් අතර වඩාත් උත්කර්ෂවත් පින්කම ලෙස සැලකිය හැකි ය.


  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]