[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

ඕපාත බුද්ධසිරි හිමි

පිරිත් දේශනාවෙන්, ධර්ම දේශනාවෙන් පළාතේ කිර්තියක් උසුලන උන්වහන්සේ මෙම පළාතට කරන සේවාව අතිවිශාල ය. විශාල පැවිදි ගිහි ශිෂ්‍ය පරපුරක් සිටින උන්වහන්සේගේ එම පැවිදි ශිෂ්‍යයන්ගෙන් ද පළාතට සිදුවන සේවාව ඉමහත් ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම් පත්තුවේ ඕපාත පියසේන මදරසිංහ හා ලීලාවතී වන්නිආරච්චි මෑණියන්ට දාව 1960.10.27 වන දින උපන් කුමරු නමින් රිචඩ් මදරසිංහ නම් විය.

සහෝදර සහෝදරියන් හැටදෙනකුගෙන් යුත් පවුලෙහි බාලයා වූයේ රිචඩ් මදරසිංහ කුමරුන් ය. කුඩා කල සිට ආගම දහමට නැඹුරුව කටයුතු කළ රිචඩ් මදරසිංහ කුමරුවන් මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල ඕපාත මහා විද්‍යාලයෙනි. පාසල් අධ්‍යාපනය හය වසර දක්වා උගත් මෙම කුමරුවාණන් 1973.07.23 වන දින අකුරැස්ස බෝපාගොඩ ශ්‍රී පරමානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති ව වැඩ විසූ දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක මිල්ලව පියතිස්ස නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උතුම් පැවිදි බිමට ඇතුළත්විය. පැවිදිවීමෙන් පසු හය වසරෙහි සිට පාලි සංස්කෘත විෂයන්ගෙන් සමන්විත ව අ.පො.ස සාමාන්‍ය පෙළ අ.පො.ස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත්ව 1982/83 වසරෙහි කැලණිය විශ්ව විද්‍යාලයෙහි අභ්‍යන්තර ශිෂ්‍යයකු ලෙස ඇතුළත්විය.

1984.06.27 වන දින මහනුවර මල්වතු මහා විහාරීය උපෝෂථාගාරයෙහි දී මිල්ලව ශ්‍රී පියතිස්ස නාහිමිපාණන් වහන්සේගේම ශිෂ්‍යයකු ලෙස උතුම් උපසම්පදා භූමියට පත්විය.

1985 වසරෙහි දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නා උන්වහන්සේ 1986.10.01 දින බෝපාගොඩ ශ්‍රී පරමානන්ද විද්‍යායතන පිරිවෙනෙහි ගුරු වෘත්තියට පත්විය. ගුරුවරයකු ලෙස සේවය කළ උන්වහන්සේ 2000 වසරෙහි සිට එම පිරිවෙනෙහි ම නියෝජ්‍ය පරිවෙණාධිපති ධූරයට ද 2010 වසරෙහි සිට පරිවෙණාධිපති ධූරයට ද පත්විය. පාලි හා බෞද්ධ සංස්කෘතිය විෂයය උන්වහන්සේගේ ප්‍රධාන විෂයයන් වූ අතර, ඊට අමතරව සිංහල,බුද්ධ ධර්මය විෂයයන් ද ඉගැන්වී ය. වසර 34 ගුරු වෘත්තියෙහි සේවය කළ උන්වහන්සේගෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෝ බෝහෝ ය. ශිෂ්‍යයන්ගේ හා ආයතනයේ ගුරුවරුන්ගේ, මව්පියන්ගේ කීර්තියට පත් වූ හිමිනමක් වූයේ ය. 1988 වසරෙහි අකුරැස්ස දෙමටපස්ස නම් ගමෙහි සීතලදොළ සිරි විජයනන්දනාරාමය නමින් අලුතින් විහාරස්ථානයක් ඇති කළේය. අද එම විහාරස්ථානය විහාරය, චෛත්‍ය , බෝධිය,ධර්මශාලාව , සංඝාවාසය, දාන ශාලාව, ආදී සියලු විහාර අංගයන්ගෙන් සමන්විත අලංකාර විහාරයක් බවට පත්ව ඇත. එම විහාරස්ථානයට අනුබද්ධ ව සීල සමිතිය, දහම් පාසල, වැඩිහිටි සමිතිය, තරුණ සමිතිය හා ග්‍රාම සංවර්ධන සමිතිය පවත්වාගෙන යනු ලබයි.

පිරිත් දේශනාවෙන්, ධර්ම දේශනාවෙන් පළාතේ කිර්තියක් උසුලන උන්වහන්සේ මෙම පළාතට කරන සේවාව අතිවිශාල ය. විශාල පැවිදි ගිහි ශිෂ්‍ය පරපුරක් සිටින උන්වහන්සේගේ එම පැවිදි ශිෂ්‍යන්ගෙන් ද පළාතට සිදුවන සේවාව ඉමහත් ය. එම පැවිදි ශිෂ්‍යන් අතර ශාස්ත්‍රවේදී කඩිහිංගල පියනන්ද හිමි කඩිහිංගල චන්දිම හිමි ප්‍රධාන වේ.

2020 ඔක්තෝබර් 27 වන දිනට සැටවිය සපුරා පිරිවෙන්පති ධූරයෙන් විශ්‍රාම ගන්නා ඕපාත බුද්ධසිරි හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]