[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තන්තිරිමලේ රාජ මහා විහාරය
සේයාරුව - දුෂ්මන්ත මායාදුන්න

 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

කැලණිය රජ මහා විහාරස්ථ වෙබ් අඩවිය අගමැති සුරතින් නිරාවරණය වෙයි

ලොව පුරා සිටින බෞද්ධයන් මෙන් ම වෙනත් ආගමිකයන් ද බෞද්ධ ධර්මය පිළිබඳ ව කරුණු විමසා බලයි. එහෙත් ඒ දැනුම නිවැරැදි ලෙසින් ලබා ගත හැකි තැන් අල්ප ය. බුදු දහම පිළිබඳව කරුණු හදාරන ඕනෑම අයකුට දැනුම වර්ධනය කර ගැනීම පිණිස කැලණිය රජමහා විහාරස්ථානයේ නිල වෙබ් අඩවිය දැන් උපයෝගී කරගත හැකි ය. කැලණිය රජ මහා විහාරයේ නිල වෙබ් අඩවිය පසුගිය දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අන්තර්ජාලයට එක් කරන ලදී. එම අවස්ථාවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමා පවසා සිටියේ බෞද්ධ දර්ශනය පිළිබඳ ව හා භික්ෂූන් වහන්සේට,  බෞද්ධාගමික කටයුතු පිළිබඳ ව යොමු වන විවිධ ප්‍රශ්න පිළිබඳ ව රජය විසින් සිදු කළ යුතු පිළිතුරු සැපයීම වෙනුවට කැලණිය රජමහා විහාරයෙන් සිදු කර ඇති ඒ කාර්යය අගය කළ යුතු බවයි. ඒ සඳහා ඇප කැප වී කටයුතු කළ කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති නා හිමියන් ප්‍රමුඛ සියලු ගිහි පැවිදි අයට අග්‍රාමාත්‍යතුමා මෙහි දී තම සතුට පළ කෙළේ ය. මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ සංකල්පය ඉදිරිපත් කර ඇත්තේ කැලණිය රජ මහා විහාරයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ය. එමෙන්ම ඔහු විසින් ‘ශ්‍රී කල්‍යාණි ධර්ම දේශනා - 12‘ ග්‍රන්ථය ද අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලැබීම එම වෙබ් අඩවිය විවෘත කිරීමත් සමඟ ම සිදු කරන ලදී. www.kelaniyatemple.lk යන වෙබ් අඩවියෙන් කැලණිය රජමහා විහාරස්ථ නිල වෙබ් අඩවියට පිවිසිය හැකි ය.

 

ධර්ම දේශනාව:

අසත්පුරුෂ දරුවන්ට පියාගෙන් පාඩමක්

ධනපාලකො නාම කුඤ්ජරො - කටුකප්පභෙදනො දුන්නිවාරයො - බද්ධෝ කබලං න භුඤජති - සු’මරති - නාගවනසස කුඤ්ජරො, මහ ඇත් දනපාලක සැඩ වන්නේ - බැඳුනේ හේ කිසිවක් නොබු දින්නේ - රස අහර ද කිසිවක් නොම ගන්නේ - මව සිටිනා වනය ම සමරන්නේ. සැවැත් නුවර ඉසුරුමත් මහලු බමුණෙක් විසී ය. ඔහුට පුත්තු සතර දෙනෙක් සිටියහ. පුතුන් සතර දෙනට කුමරියන් සිවු දෙනකුන් සරණ කර දුන්නේ ය. බැමිණිය මළ පසු පුත්තු සතර දෙනා ද, යෙහෙළණියන් සතර දෙනා ද බමුණා වට කරගෙන උවටැන් කළහ. දිනක් ඔවුහු පියාගේ අත් පා මෙහෙවර කරමින් සිටියදී ම ‘පියතුමනි, අපි ඔබට සැප එළවන්නෙමු. අපට ධනය බෙදා දී ඔබ සිත සනසා ගන්න යැයි කියා කීහ. මේ කතාවට බමුණා ද රැවටුණේ ය. සිත මොළොක් වූයේ ය. ධනය ද සතර දෙනාට සම ව බෙදා දුන්නේ ය. මඳ කලක් ගිය පසු පුත්තු නොසලකා හැරියා හ. කිසිවකුගේ පිළිසරණක් නොලැබුණේ ය. බමුණා බුදුරදුන් වෙත යාමට සිතුවේ ය. ඒ බමුණා, "බුදුරජාණන් වහන්සේ සියලු දෙනා සමඟ මෙත් සිතින් කතා කෙරෙති. යහපත සලසති. උවදෙස් දෙති"යි අසා බුදුරදුන් ඉදිරියට පැමිණියේ ය. සිරුර බල නැති ව පසෙක හිඳ ගත්තේ ය. එවිට බුදුන් වහන්සේ බමුණ, ඔබ බොහෝ දුබල ය. හඳනා, පොරෝනා පිළීත් දුබල ය, කිළුටු ය. ඉතා මහලු වූ ඔබ රකින බලන කෙනෙක් නැද්දයි වදාළ සේක.බමුණා ද බුදුරජාණන් වහන්ස, මගේ පුත්තු සතර දෙනා මා රවටා එළවා දැමූහ. දැන් මම අනුන්ගේ ගෙපිල්වල ලගිමින් කුසගින්නේ සිඟා ඇවිදමි යි කීය.බුදුරජාණන් වහන්සේ "බමුණ, එසේ නම් මේ පස් ගය පාඩම් කරගෙන ඔබ පුතුන් ඇතුළු බොහෝ දෙන රැස්වන තැනක දී හඬ නඟා කියන්නැයි ඔහුට ගාථා පහක් උගන්වා වදාළ සේක.

 

කෙටියෙන් වදාළ ධර්මය විස්තර කර ප්‍රකාශ කරන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ

මහා කච්චායන මහ රහතන් වහන්සේ

බුදුරජාණන් වහන්සේගේ කාලයේ රහතන් වහන්සේලා බහුල ය. ඒ අතරින් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ සුවිශේෂී ය. ඒ උදෙසා උන්වහන්සේ සසර මඟ කළ පින් දහම් , පාරමී දම් අපමණ ය. මෙවර ලිපියෙන් සඳහන් කරන්නේ කෙටියෙන් වදාළ ධර්මය විස්තර කොට ප්‍රකාශ කළ හැකි භික්ෂූන් අතරින් අග්‍ර වූ මහා කච්චායන මහ රහතන් වහන්සේ ගැන ය. උන් වහන්සේ අතීත භවයක දී පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ උපත ලැබුවේ ගොවි මහසල් කුලයක ධනවත් කුල පුත්‍රයෙක් ලෙස ය. ඔහු ශ්‍රද්ධාවෙන් පිරී ගියේ පදුමුත්තර බුදුන් වහන්සේගේ සුමධුර සදහම් දෙසුමෙනි. එක්තරා දිනයක බණ අසමින් සිටි ඔහු දුටු දසුන අසිරිමත් ය. ඒ එක්තරා භික්ෂුවකට පියුමතුරා බුදුරජාණන් වහන්සේ, කෙටියෙන් වදාළ ධර්මය විස්තර කර දේශනා කිරීමට සමත් භික්ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානය ලබා දීම යි. එහි දී මොහු ද මෙවැනි පදවියක් දැරීමේ අදහසින් කළ පින් දහම් අපමණ ය.ඔහු, පසු දින පටන් සත් දිනක් ම බුද්ධ ප්‍රමුඛ මහ සඟ රුවනට දන් පිදුවේ අපරිමිත ශ්‍රද්ධාවෙනි. දන් වළඳා සත්වන දින අවසානයේ අනුමෝදනා බණ දෙසූ බුදුරදුන්ට මොහුගේ පැතුම පැවසුවේ වැඳ නමස්කාර කරමිනි. එහි දී පදුමුත්තර බුදුන් වහන්සේ අනාගතය දෙස බලා, විවරණ දුන්නේ මෙම කුල පුත්‍රයාගේ පැතුම ගෞතම බුද්ධ ශාසනයේ දී ඉෂ්ට සිද්ධ වන බව යි. මෙලෙස පදුමුත්තර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබූ කුල පුත්‍රයා සැදැහැ සිතින් කළ පින් දහම් අපමණ ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]