[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

අසත්පුරුෂ දරුවන්ට පියාගෙන් පාඩමක්

ධනපාලකො නාම කුඤ්ජරො - කටුකප්පභෙදනො දුන්නිවාරයො බද්ධෝ කබලං න භුඤජති - සු’මරති - නාගවනසස කුඤ්ජරො, මහ ඇත් දනපාලක සැඩ වන්නේ - බැඳුනේ හේ කිසිවක් නොබු දින්නේ - රස අහර ද කිසිවක් නොම ගන්නේ - මව සිටිනා වනය ම සමරන්නේ. සැවැත් නුවර ඉසුරුමත් මහලු බමුණෙක් විසී ය. ඔහුට පුත්තු සතර දෙනෙක් සිටියහ. පුතුන් සතර දෙනට කුමරියන් සිවු දෙනකුන් සරණ කර දුන්නේ ය. බැමිණිය මළ පසු පුත්තු සතර දෙනා ද, යෙහෙළණියන් සතර දෙනා ද බමුණා වට කරගෙන උවටැන් කළහ. දිනක් ඔවුහු පියාගේ අත් පා මෙහෙවර කරමින් සිටියදී ම ‘පියතුමනි, අපි ඔබට සැප එළවන්නෙමු. අපට ධනය බෙදා දී ඔබ සිත සනසා ගන්න යැයි කියා කීහ. මේ කතාවට බමුණා ද රැවටුණේ ය. සිත මොළොක් වූයේ ය. ධනය ද සතර දෙනාට සම ව බෙදා දුන්නේ ය. මඳ කලක් ගිය පසු පුත්තු නොසලකා හැරියා හ. කිසිවකුගේ පිළිසරණක් නොලැබුණේ ය. බමුණා බුදුරදුන් වෙත යාමට සිතුවේ ය. ඒ බමුණා, "බුදුරජාණන් වහන්සේ සියලු දෙනා සමඟ මෙත් සිතින් කතා කෙරෙති. යහපත සලසති. උවදෙස් දෙති"යි අසා බුදුරදුන් ඉදිරියට පැමිණියේ ය. සිරුර බල නැති ව පසෙක හිඳ ගත්තේ ය.


 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]