[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ ප්‍රසාදය

මෙරට වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු නිරාකරණයට හා දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් වැඩපිළිවෙළක් සහ නියාමනයක් තුළින් ගුණාත්මක තත්ත්වයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගන්නා උත්සාහයට මහා සංඝරත්නය විසින් ආශිර්වාදය හා ප්‍රසාදය එක් කරන ලදී. ජනාධිපති කාර්යාලයේ ඉකුත් 21 දින ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 5 වැනි සැසිවාරය පැවැත්වුණි. මෙහි දී රාජ්‍ය ආරක්ෂාව රාජ්‍ය ප්‍රතිපත්ති ආගම හා අපේ දරුවන් වෙනුවෙන් විශේෂයෙන් ම සිදුවිය යුතු කරුණු පිළිබඳව උපදෙස් දීම ඉතා වැදගත් වන බවත් එවිට උපදේශක සභාවේ ප්‍රතිඵල ලබා ගන්නට හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේ ය. බෞද්ධ විශ්වවිද්‍යාල පිළිබඳ යම් ප්‍රශ්නයක් ඇත්නම් බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යන දෙකම සෘජුවම අධ්‍යාපන ඇමතිතුමා යටතට ගැසට් කළ හැකි බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. මෙම විෂය කෙරෙහි ම යොමුවන්නට රාජ්‍ය අමාත්‍යවරයකු පත් කළ බව ද එහි දී ජනාධිපතිතුමා සඳහන් කළ අතර බෞද්ධ උපදේශක සභාවේ මහා නා හිමිවරු රැසක් ද මෙම අවස්ථාවට එක්වූහ.


       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]