[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල් දින සැමරුම් මහෝත්සවය

දහම් පාසල් දින සැමරුම් මහෝත්සවය

ඓතිහාසික කසාගල රාජ මහා විහාරයේ පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය පසුගිය 23 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහි දී අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ රටේ වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරිහීම පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින් බවත් , ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යය කළ යුතු බවත් ය.

පාස්කු දින ප්‍රහාරය, ඇතුළු පසුගිය කාලයේ රටේ ඇති වූ විවිධ ප්‍රශ්න නැති කිරීමට දායක වන්නේ ආගමික අධ්‍යාපනය බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිදු ආගමක ප්‍රචණ්ඩත්වය උගන්වන්නේ නැති බව ද සඳහන් කළේ ය.

බෞද්ධ දහම් පාසල් වැඩ සටහන මෙරට ස්ථාපිත කිරීමේ උදාර වැඩසටහන ලෙස ගාල්ල වැලිවත්ත ශ්‍රී විජයානන්ද දහම් පාසල 1895 අගෝස්තු මස 03 දින ආරම්භ වූ අතර එසේ ආරම්භ වූ දහම් පාසල් සඳහා රාජ්‍ය අනුග්‍රහය යටතේ දහම් පාසල් පෙළපොත් ලබාදීම සිදු වූ බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී සඳහන් කළේ ය.

මෙරට දරුවන් ලක්ෂ 22ක් 23ක් පමණ දහම් පාසල් අධ්‍යාපනය ලබන අතර සාරධර්මයෙන් පිරිපුන් දරුවන් පිරිසක් රටට දයාද කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය අප රටේ පවත්වාගෙන යාම පිණිස ගරුතර මහා සංඝරත්නයත්, ගිහි දහම් පාසල් ගුරු පිරිසත් කරන කැපවීම වත්මන් රජය අගය කොට සලකන බව ද හෙතෙම සඳහන් කළේ ය.

එමෙන් ම කිසිදු වේතනයක් නොලබා මහා සංඝරත්නය ප්‍රමුඛ දහම් පාසල් ගුරුවරු කරන කැපකිරීම ද අගය කරන බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා දෙනු ලැබී ය.

දරුවන් දහම් පාසල් වෙතට යොමු කිරීම මඟින් ගුණ ගරුක දරුවන් පිරිසක් රටට දායාද කළ හැකි බවත්, මේ පිළිබඳව සිතිය යුතු අවශ්‍යම යුගය අද එළැඹ තිබෙන බව ද දහම් පාසල් පද්ධතිය තවදුරටත් ශක්තිමත් ව හා විධිමත් ක්‍රමවේද සහිත පරිපාලනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාම අරමුණ බව ද අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ ය.

මේ වන විට දහම්ි පාසල්, අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර, ඒ සඳහා රාජ්‍ය අමාත්‍යවරයකු ද පත්කර ඇති බවත් වත්මන් රජය යටතේ දහම් පාසල ඉදිරියට ගෙන යන බව ද අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ ය.

රටේ ඉදිරි සෑම අවස්ථාවක දී ම ගරුතර මහා සංඝ රත්නයේ අවවාද හා අනුශාසනා මධ්‍යයේ සිදුකිරීමට කටයුතු කරන බව ද, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ දී එය පැහැදිලිව ප්‍රකාශ කළ බව ද, දහම් අධ්‍යාපනය දරුවන්ට ලබා දීමට කටයුතු කරන බව ද, එමඟින් විනය ගරුක දරුවන් පිරිසක් බිහි කිරීමේ යුතුකම ද වත්මන් රජය යටතේ ඉටුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි දී පෙන්වා දුන්නේ ය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ මැති ඇමතිවරු හා දහම් පාසල් ගුරුවරුන් හා දරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]