[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

කුසීතකම ඇති තැන වීර්යය නැත

“මහණෙනි කුසීතභාවය නැමැති ස්වර්ග මෝක්ෂ ආවරණය කරන අන් එකම ධර්මයක් වත් මගේ බුදු ඇසට නොපෙනෙයි . ඒ මොන ආකාර කුසීත භාවයක් ද? යම් කුසීත කම කින් උපන් අකුසල් උපදිත් ද, උපන් කුසල් පිරිහෙත් ද එසේ වෙන එකම ධර්මය කුසීත කමයි” “මහණෙනි වීර්යය ආරම්භය පමණ ප්‍රබල සම්පන්න ධර්මයක් මට නොපෙනේ . කුමක් සඳහාද ? නූපන් කුසල් වඩ වඩා වගා කර ගන්නටය. උපන් අකුසල් නසා දමා වනසා ගන්නටය. පටන්ගත් වීර්යය ඇත්තාහට නූපන් කුසල් වැඩේ . සම්පූර්ණ වෙයි. උපන් අකුසල් මැඩෙයි , වැනසෙයි. මෙසේ වීර්යයේ බලය බුදුරජාණන් වහන්සේ වර්ණනා කර තිබේ” කුසීත භාවය සත්වයා දුගතියට පිරිහීමට ප්‍රපාතයට ඇද දමයි. එබැවින් සුගතිය, නිවන බලාපොරොත්තුවෙන් කටයුතු කරන සෑම පින්වතෙක් ම වීර්යය ආරම්භයෙන් මෙන් ම වීර්ය බලයෙන් ප්‍රබල විය යුතු ය.වීර්ය හා කුසීතකම යනු මනුස්ස සන්තානයක උපදින ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකකි. වීර්යය ඇති තැන කුසීතකම නැත. කුසීත කම ඇති තැන වීර්යය නැත. එසේම කුසීතකම බලවත් වන විට සිතේ නැගෙන වීර්යය යටපත් වී යයි. වීර්යය බලවත් වන විට සිත හැකිලෙන ගතිය ඇති කරන කුසීතකම යටපත් වී යයි.එසේ නම් , අපි කුසීතකම අඩු වන්නටත් වීර්යය වැඩි වන්නටත් , යම්කිසි ක්‍රමවේදයක් භාවිතා කළ යුතුව ඇත. මේ සඳහා කළ යුත්තේ කුසීත භාවයේ ආදීනවයත් , වීර්යාරම්භයේ ආනිසංසත් හොඳීන් දැන නැවත නැවත ඒවා මෙනෙහි කිරීමයි.කුසීත කම ඇති පුද්ගලයා හිරේ විලංගුවේ වැටුණ කෙනෙකු වැනි ය. හිරේ විලංගුවේ වැටුණු පුද්ගලයාට නිදහසට කටයුතු කිරීමට නොහැකි ය. කම්මැලිකමට හිරවීම් නිසා බොහෝ පුද්ගලයන් දෙලොව ම පරිහානියට පත්වේ.


       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]