[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්තුති පූජාව

ස්තුති පූජාව

මල්, පහන්, සුවඳ දුම්, සුවඳ සුණු, සුවඳ පැන්, සුවඳ දෑ, ආහාර, පාන, වස්ත්‍ර යන ආදී මනුෂ්‍යයන් කැමති වන වස්තූන් ගරු කළ යුතු පුද්ගලයන්ට පූජා කරති.

ස්තූතිය ද ආහාර පාන, වස්ත්‍රාදිය මෙන් මනුෂ්‍යයන් කැමති වන දෙයකි. ඇතැම්හු මිල මුදලට වඩා ස්තූතියට කැමැත්තෝ ය. ඔවුන්ගෙන් මුදලක් දී කරවා ගත නො හෙන වැඩක් ස්තූතියෙන් කරවා ගත හැකි ය. ස්තූතියෙන් සැමදෙනා ම සතුටු කරවිය හැකි ය. සතුටු වන දෙයක් වන ස්තූතිය ද පූජා කළ යුතු දෙයකි.

රජුන් සතුටු කරවා ඔවුන්ගෙන් ප්‍රයෝජන ලබනු කැමැත්තෝ රජුන් ඉදිරියේ ඔවුන් ගේ ගුණ ගී ගයා ඔවුනට ස්තූතිය පිරිනමති.

දෙවියන්ගෙන් උපකාර ලබනු කැමැත්තෝ දේවාලයකට ගොස් ස්තෝත්‍ර නාමයෙන් හඳුන්වන ශ්ලෝක කවි හා කන්නලව් නමින් හඳුන්වන වාක්‍යයන් ද කියමින් දෙවියන්ට ස්තූති පූජා කරති.

ඇතැම්හු ස්තූති ගීතිකා, ස්තූති වාක්‍යය පත්වල ලියා හෝ මුද්‍රණය කරවා උසස් අයට හා හිතවතුන්ට පිරිනමති. එසේ කරන්නේ මේ ස්තූතිය හැම දෙනම කැමති වන්නක් බැවිනි.

රාජා දී සෑම දෙනා ම කැමති වන, උසස් අයට පිරිනමන ඒ ස්තූතිය මල් පහන් සුවඳ ආදිය සේ රත්නත්ත්‍රයට පූජා කිරිමට ද සුදුසු ය. එබැවින් ඇතැම්හු ලොව්තුරා බුදුවරයන් කෙරෙහි පැහැද උන් වහන්සේලා ඉදිරියේ ගාථා කියා උන් වහන්සේලාට ස්තූති පූජා කළහ. වැඳීම, මල් පහන් ආදියෙන් පිදීම පිනක් වන්නාක් මෙන් ස්තූතියෙන් පිදීම ද පිනක් වේ. රත්නත්‍රය ගුණවලින් යුක්ත කොට ගොතා ඇති වන්දනා ගාථා, වන්දනා වාක්‍යයන් කීම රත්නත්‍රයට ස්තූති පූජාවකි. ගුණ සිහි කර ගැනීමට පමණක් නොව ස්තූති පූජාවක් වශයෙන් ද ඒ ගාථා, වාක්‍යයන් කිය යුතු ය.

රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ 'පුණ්‍යොපදේශය' ඇසුරෙනි

       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]