[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

භික්ෂුණී සමාජය ආරම්භ වූ බිනර පුන් පොහෝ දා

බිනර පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම ඊට හේතුව යි. බිනර පොහෝ දා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ගේ පැවිදිවීම සිදු වූ අතර, එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය. එ සමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහි දී මහා ප්‍රජාපතීගෝතමී දේවිය උන්වහන්සේ කරා එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙසට තෙවරක් ම ආයාචනා කළා ය. චුල්ල වග්ග පාලියෙහි භික්ඛුනීක්ඛන්ධකයෙහි දැක්වෙන පරිදි එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ. "අලං ගොතමී මා තෙරුච්චි මාතුගාමස්ස තථාගතප්පවේදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති" ගෞතමියනි, තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි ගිහි ගෙයින් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා යන්න මෙහි අර්ථයයි. පැවිදිවීම පිළිබඳ කළ ඉල්ලීම සිදු කළ සැණින් ම බුදුරදුන් ඒ සඳහා අවසරය ලබා දුන්නේ නම් එම කාර්යයෙහි කිසිදු බැරෑරුම් බවක් පැවිදි වන කාන්තාවෝ නොදකිති. දුක සේ අපහසුවෙන් එය ලබාගත් කළ ශාසනික බ්‍රහ්මචරියාව හොඳින් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති. බුදුරදුන් ඊළඟ වස් සමය වැඩ සිටියේ විශාලා මහනුවර මහ වනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි ය. එහිදී ද මහා ප්‍රජාපතී ගෝතමී දේවිය කලින් රෝහිණී නදී තීරයේ දී බුදුරදුන් සමීපයේ පැවිදි වූ ශාක්‍ය, කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයක ගේ භාර්යාවන් ද කැටුව කෙස් වැටි කපා හැර, කහ වස්ත්‍ර පොරවා, මැටි පාත්‍ර ගෙන ඉතාම දුක සේ සැතපුම් ගණනාවක් පයින්ම විශාලා මහනුවර කරා පැමිණියහ.


       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]