[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සැමදා බුදු හිමි වඳින්න

ගතට සිතට සුව ලැබෙ න්න
මත ද දුම ද හැර දම න්න
දුවට පුතුට ඉගෙන ග න්න
මේ ඔවදන පිළි පදි න්න

ලැබූ දිවියෙ ජය ලබ න්න
වාද භේද හැරදම න්න
පොඩි ළමුන්ට ඉගෙන ග න්න
සැමදා බුදු හිමි වඳි න්න

****

ලොකු හාමුදුරුවෝ

ලොකු හාමුදුරුවෝ අසනීපෙන් ඉන්නේ
දෙසවන වැකෙන විට කොහොමද වාවන්නේ
එ දවස දහම් පාසල් දරුවන් යන්නේ
ලොකු හාමුදුරුවො සෙවණෙයි දරුවන් වැඩුණේ

සසරේ පිරූ පින් හොඳටම තිබෙන්නේ
බුදු අනුහසින් හාමුදුරුවො රැකෙන්නේ
ඉක්මන් සුවය ම යි අප සැම පතන්නේ
ලොකු හාමුදුුරුවන්ට යි මේ සෙත් ගෙනෙන්නේ

****

දම් රජාණෝ

පස් මරු පැරදුවෝ අප දම් රජාණෝ
ඍජු මාවතේ වැඩි අප සිහ රජාණෝ
ධර්මය ලොවට පෙන්වූ බුදු රජාණෝ
අඳුර එළිය කළ මහ පින් වතාණෝ

මිනිසට මිනිස් ගති පෙන්වූ රජාණෙනි
දෙවියට දේව බව පෙන්වපු රජාණෙනි
බඹුහට හරි දැක්ම පෙන්වපු රජාණෙනි
හැමට ම නිවන් මඟ පෙන්වූ රජාණෙනි

****

පහන් සිතක කවි

පහන් සිතක කවි හදවත් පහන් කෙරේ
දහම් කරුණු ඇත හරබර නිරන් තරේ
අහන් ඉන්න හැකි රස කවිවලින් පිරේ
පහන් සිතක කවි අගයමි දහම් බෙරේ

කොරෝනාව දුරුවේවා පැතුම් ගලා එනවා
නිරෝගී දිවි මඟ උදෙසා පිටිවහලක් වෙනවා
දස්කම් ඇති දූ දරුවන් පහන් සිතක බිහි වෙනවා
කොරෝනාව තුරන් වෙන්න කවි සිත් මල් පිබි දෙනවා

****

වස් කාලය

සිංහල බොදු රටකි සිරිලක ලෝ පතළ
වස් කාලය උදා වෙයි පොහො දින ඇසළ
බොදු ජනතාව වෙත අත් වෙයි මහ කුසල
වස් පින්කමට සැරසෙයි ලෝ සත සකල

කඨින මහා පින්කම බලගතු එකකි
අට මහා කුසල් බලයෙන් එක පින්කමකි
වෙහෙරක පවත්වන්නට හැකි එක් වරකි
බොදු ජනතාවගේ හද දිනු මල් කඩකි

****

මෙවර ජයග්‍රාහී කවිය

සම්බුදු පියාණෙනි

භව දුකට පිළියම්
සදා හිමි දෙසු බණ දම්
හිස තබා සරු දම්
පළමු නමදිමි උතුම් බුදු හිමි
පස් පවින් වැළකෙමු
නිතර සරුදම් සුරකිමු
දහමට සිත යොමමු
දෙවනුව දහම් නමදිමු
කහ සිවුර ඔප කළ
අරම වෙහෙරෙහි සුපතළ
පිළිවෙත ය නිසසල
තෙවනුව වඳිමු මහරු සඟ පෙළ

****

බැස ගිය නිකිණි සඳ

සසරේ සරන සතහට නිති සුවය සොයා
පැතුමට නොනිමි සිලිලක් පෙර නොලද නියා
වස්කල උදාවක ඇරැඹුම අපට කියා
පින්බර නිකිණි සඳ නිහඬව බැහැල ගියා

බොදු දන සිතට බැති සිතිවිලි කරන් ගුලී
බැසගිය නිකිණි සඳ බුදු වත කරන් හෙලී
උපැවිදි පැවිදි සැම එකමුතු බවින් වෙළී
වස් කල අරුත් ඔපලමු නොම වෙමින් මැළී

****

යහපත

නැති බැරි කෙනෙක් තම නිවසට ආවාම
ඇති නැති කම් නොපා එක්වීමෙන් සෑම
බැති සිත් වඩා තම බත් පතවත් දීම
තුති පෙරටුව සැමරුව හැක නිතරෝම

****

ලොව පුරා මිනිසුන්ට

කොරෝනාව පෙන්වීය පාඩමක්
බුදු දහමෙ උතුම් බව සත්‍ය බව පිළි ගනිමු
පස් පවින් වැළකිලා අප සැවොම වෙර දරා
ලබා ගමු උතුම් වූ සැනසීම ඉක්මනින්
මතු භවය නිමාලන අජරමර නිවන් සුව
බුදු සමිඳු දෙසූ ඒ උතුම් සැනසීම වේ

****

සන්සුන් සිත

එල්. එස්. ඩී අයිස් හෙරොයින් නෙක රාසී
ගෙන දෙයි සතුට සමඟින් ගොඩවල් කාසි
දුර දිග නොම බලා ලැබුමට ලොකු වාසි
මත් වනු එපා මනසට එය වෙයි පාසි

සන්සුන් මනස සරු දිවියට රැකවර ණ
ගෙන දෙයි නසයි නෙක රෝ දුක් ඇති කරන
සරු කර ගන්න ඔබගේ ජීවිත අරණ
සතියට වරක් කියවනු මැන බුදු සරණ

****

නිකිණි පෝදා

නිකිණි පෝදා පොහොය කොට
පසු වස් සමාදන් වෙති බැතින්
තුටිනි අසිරිය බලන්නට දන
පන්සලට යති සාමයෙන්
බලමි සඟ රත්නයෙහි සුව දුක්
වස් වසන අද දින පටන්
දිලුණි දස අත අපේ බුදු හිමි
දෙසූ වස් පිළිවෙත් තුළින්

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]