[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වණ්ණුපථ ජාතකය

   පොසොන් අව අටවක පෝය 

  පොසොන් අව අටවක පෝය ජුනි12 සිකුරාදා අපර භාග 10.52 න් අව අටවක ලබා 14 ඉරිදා පූර්ව භාග 00.59 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 20 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

මෙවර වස් විසීම නිකිණි පොහෝ දිනට පසුදින යෙදී ඇති අගෝස්තු 04 වැනිදා

මෙවර වස්සාන ඍතුව උදා වන්නේ එළඹෙන ඇසළ (ජූලි) මස විසිවැනි (20) දින ය. එමෙන් ම මේ වර්ෂයේ මහා සංඝයා වහන්සේගේ වස් විසීමේ ආරම්භය නිකිණි (අගෝස්තු) මස හතරවැනි (04) දිනට යෙදී තිබේ. ඊට හේතුව මේ වර්ෂයට වප් පොහොය දෙකක් යෙදී තිබීම ය. මේ සම්බන්ධයෙන් තෛ‍්‍ර නිකායික මහානායක මා හිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි පසුගිය ජනවාරි දාහතරවැනි දින බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේ, අමරපුර මහා නිකායේ හා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා දිවියාගහ ශ්‍රී යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ගංකේවල ශ්‍රී ඤාණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ඡ්‍යොතිෂය පිළිබඳව ද දැන උගත් පැවිදි හා ගිහි විද්වතුන් කිහිප දෙනෙකු ද සහභාගි වූ හ. බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා ද ඊට සහ සම්බන්ධ විය. ලිත් සියල්ල ම අධ්‍යයනය කොට ඒ අනුව ගත් තීරණය මෙපරිදි වේ. ඒ අනුව 2020 අගෝස්තු මස තුන්වැනි (03) සඳු දින යෙදී තිබෙන නිකිණි පුර පසළොස්වක පොහෝ දින මහා සංඝයා වහන්සේ පොහොය කොට අගෝස්තු මස හතරවැනි (04) කුජ දින පෙරවස් විසීම සැප්තැම්බර් මස පළමු කුජ දිනට යෙදෙන බිනර පුර පසළොස්වක පොහෝ දින පොහොය කොට සැප්තැම්බර් දෙවැනි (02) බුධ දින පසුවස් එළඹීම.

 

ධර්ම දේශනාව:

සැපත සදන ප්‍රසන්න සිත

“නානත්ත කායා නානත්ත සඤ්ඤා” සත්ත්වයා නම් කයිනුත්, සිතිනුත් විෂම ව පවතින්නේ ය. ශාරීරික වශයෙන් ගත් කල්හි සෑම දෙනාගේ ම මුහුණු එකම අයුරින් පවතී. නාසය, කට, ඇස්දෙක, කන් දෙක, මේ ආදී වශයෙනි. සියල්ලන්ටම ඒවා ඇති මුත් මුහුණු 10 ක් ගතහොත් දහ දෙනා දහ ආකාරයකි. එකම කුසෙහි උපදින අය අතර වුව ද ඒ වෙනස්කම් පවතී. නිඹුල්ලු වශයෙන් උපදින අය අතර වුව ද ඒ වෙනස්කම් දක්නට ලැබේ. ශාරීරික වශයෙන් වෙනස් වන සත්ත්වයා මානසික වශයෙන් ඊටත් වඩා වෙනස්වන බව බුදු දහමේ පැහැදිලි වේ. සියලුම සත්ත්වයින් චරිත වශයෙන් කොටස් හයකට බෙදෙනු ඇත. රාග, ද්වේෂ, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක ආදී වශයෙනි. එම හයෙන් එකකට හෝ කිහිපයකට අයත් වනු ඇත. ඒ අනුව සත්වයාගේ මනෝ භාවයන් විවිධ ව, විෂම ව පවතින අයුරු පැහැදිලි වේ. සත්ත්වයා හොඳ - නරක දෙකේ සංකලනයක් වුව ද සමහර අයට පවතින්නේ නොහොඳ පමණි. එවැනි චරිත බොහොමයක් බුදු දහම තුළ විවරණය වේ. මට්ඨකුණ්ඩලී කතා පුවත ඇතුළත් වන්නේ “බෞද්ධයාගේ අත් පොත නම් වූ ධම්ම පදයේ පළමු වග්ගය වන යමක වග්ගයේ දෙවෙනි ගාථාවටයි. බුද්ධඝෝෂ හිමියන් විසින් හෙළටුවා පරිවර්තනය කරන ලදී. දඹදෙනි යුගය තුළ ලියැවෙන විශිෂ්ටතම ධර්ම ග්‍රන්ථයක් වන සද්ධර්මරත්නාවලිය රචනා වන්නේ ධර්මසේන හිමියන් විසිනි. එම සද්ධර්මරත්නාවලිය ලිවීමට එහිමියන් ගුරු කොට ගන්නේ පාලි ධම්මපදට්ඨ කතාවයි. ධර්මසේන හිමියන් ධම්මපදට්ඨ කතාවේ අරුත් පමණක් ගෙන තමන්ට ආවේණික වූ සිංහල බසින් සද්ධර්ම රත්නාවලිය රචනා කළහ.

 

මුදල් ගෙවා ආයුෂ කෙටි කර ගැනීම

පරිහානිය දකිමින් පරිහානියට යන්නේ කුමටද ?

කොරෝනා උවදුර නිසා අපේ සෙසු ගැටලු බොහොමයක් අපට අමතක වූවා දෝ හැඟේ. විශේෂයෙන්ම මත්වතුර බීම නිසා අපේ රටේ ජනතාවට අත්ව ඇති ඉරණම බොහෝ දෙනාට නොපෙනෙන විශාල ව්‍යසනයක් ව අවසන් බව තේරුම් යන්නේ ඒ ගැන විමසිලිමත් ව සොයා බැලුවහොත් පමණකි. විශේෂයෙන් ම නිවසක ඇතුළේ සිදුවන යම්කිසි සිදුවීමක් එළියේ සිට බැලූ විටයි පැහැදිලිව ම පෙනෙන්නේ. ශ්‍රී ලංකාවේ ජනතාවගේ අනාගතය මත් වතුර බීම නිසා විශාල අගාධයක් කරා ඇදී යන බව ශ්‍රී ලංකාවෙන් පිටත සිට බැලූ විට පැහැදිලිව ම පෙනෙනවා. කොරෝනා ව්‍යසනය නිසා ශ්‍රී ලංකාවේ ඇඳීරි නීතිය පනවා එය ලිහිල් කළ අවස්ථාවේ පිරිමි පාර්ශ්වය පෝලිමේ පොරකමින් සිටියේ මත් වතුර මිලදී ගන්නට බව ලෝකයම දැක්කා. ඇතැම් අයගේ දරුවන් බඩගින්නේ, තවත් අයගේ නිවෙසේ රෝගාතුර වූ අය ප්‍රතිකාර ගන්නට යාමට නොහැකිව සිටිනවා. ඒ අතරේ මත් වතුර බොන්නට පෝලිමේ සිටි ආකාරය අපට දැක ගැන්මට පුළුවන් වුණා. මොනවා බලාපොරොත්තුවෙන් ද මේ මත්වතුර බොන්නට ගියේ. විනෝදයටද? නැත්නම් රසයට ද? නැත්නම් ගුණයක් ලබා ගන්න ද? මේ එකක්වත් මත්වතුර වලින් ලැබෙනවා ද? ඇතැම් අය එසේ මත්වතුර බොන්නට ගොස් තිබුණේ රජයෙන් අඩු ආදායම්ලාභීන්ට ආහාර පාන ලබා ගන්නට ලබා දුන් රුපියල් 5000 සහනාධාර මුදලින් බවත් වාර්තා වෙලා තිබුණා. ඒ කියන්නේ දරුවන්ගේ බඩගින්නට වඩා මත්වතුර ඒ අයට ලොකු වුණු බවයි. මේ පිරිස ද අපේ රට රැක ගන්නට යන්නේ.

 

මානසික සුවයට සැහැල්ලු දිවි පැවැත්ම

මනා වාතාශ්‍රයෙන් ගහන වූ එළිමහනක් සිතකට මොනතරම් සහනයක්, සුවයක්, සැහැල්ලුවක් ඇති කරනවා ද? බඩුබාහිරාදියෙන් ගොඩගැසුණු කාමරයක් තුළ, භෞතික මෙවලම්වලින් පිරි පරිසරයක් තුළ චිත්ත විවේකය හීනවෙයි. “අප්පිච්ඡතා” යනු නොයෙක් දෙයට ආශාවන්ගෙන් තොර බවයි. එසේ ම දැඩි ආශාවන් නොමැති, මද ආශාවන් ඇති බවයි. “සන්තුට්ඨිතා” යනු යහපත් වූ හෝ, අයහපත් වූ හෝ, මද වූ හෝ තමාට ඇති දෙයින් සතුටට පත්වන බවයි. මෙම ගුණධර්ම දෙක ගහට පොත්ත සේ පොත්තට ගහ සේ එකට බැඳී පවත්නා ගුණයන් දෙකකි. තමන් සන්තකයේ කොතෙක් ධනස්කන්ධයක් උපභෝග පරිභෝග වශයෙන් තිබුණත් අනෙකා ළඟ පවතින කුඩා ම දෙය කෙරෙහි වුව ලෝභ සහගත වී එයට ආශා කිරීම පෘථග්ජන ස්වභාවයයි. ඒ පිළිබඳ ව බුදු දහමේ “ඉච්ඡාව“ හෙවත් “ආශාව“ සතරාකාරබව “පරමත්ථ ජෝතිකා” නම් වූ ඛුද්දකපාඨට්ඨකථාවෙහි ද “මෙත්ත” සූත්‍ර වර්ණනාවෙහි ද දක්වා ඇත.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]