[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදු වූ නාගදීප පුදබිම

 බක් පුර පසළොස්වක පෝය 

 බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 07 වනදා අඟහරුවාදා අපරභාග 00.01 ට ලබයි. 08 වනදා බදාදා පූර්ව භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 07 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය අප්‍රේල් 14 වනදා අඟහරුවාදා.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

epaper link

දඹදිව වන්දනාකරුවන් මෙරටට ගෙන ආ මෙහෙයුම

බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ “බහුජන හිතාය - බහුජන සුඛාය“ යන්නයි. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරමින් ජනතාවගේ මෙලොව හා පරලොව සෙත සලසන්නට කටයුතු කිරීමට බෞද්ධ භික්ෂූන් වහන්සේ කටයුතු කරති. භික්ෂූන් වහන්සේ මෙරට මෙන්ම විදේශයන්හි සිටද එසේ මෙරට ජනතාවට විශාල සේවාවක් සිදු කරති. අප මේ කියන්නට යන කතාවද මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා හෙවත් කොවිඩ් - 19 වසංගතය නිසා අතරමං වූ ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට පිහිට වූ චෙන්නායි හි භික්ෂූන් වහන්සේ නමක් හා ශ්‍රී ලංකා රජයේ මෙහෙයුම පිළිබඳ කතාවකි. කොරෝනා වසංගතය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යෑම ආරම්භ වූ විට වන්දනාව පිණිස ඉන්දියාවට ගොස් සිටි වන්දනාකරුවන්ට යළි පැමිණෙන ලෙස දන්වන ලදී. ඒ අවස්ථාව වන විට ඇතැම් වන්දනාකරුවන් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් තොටුපොළවලින් කිලෝමීටර් දහස් ගණන් දුරක සිටියහ. ඔවුහු පණිවිඩය ලත් මොහොතේ ආපසු පැමිණීම ආරම්භ කළද නව දිල්ලිය හා චෙන්නායි ගුවන් තොටුපොළ වෙත පැමිණෙද්දී ශ්‍රී ලංකාවට පැමිණෙන මඟී ගුවන් යානා ගොඩබෑම තහනම් කරන ලදී. ඒ නිසා ඔවුන්ට පැමිණීමට ගුවන් යානා නොමැති වීමෙන් විශාල ගැටලුවකට ඒ පිරිස මුහුණ දුන්හ.

රෝග නිවාරණයට පිරිත්

අද දවසේ මුලු මහත් ලෝකය මුහුණ පා ඇති බරපතළම උවදුර Covid - 19 වයිරස් රෝගය යි. තවමත් එයට නිසි ප්‍රතිකාරයක් සොයා නොගැනීම හමුවේ ලෝකයේ සෑම තත්ත්පර 30කට වරක් අයකු මරණයට පත්වන බවක් පෙනෙන්නට ඇත. දැනට ලක්ෂ 10ක පමණ පිරිසකට රෝගය ආසාදනය වී ඇති අතර පනස් දහසකට අධික සංඛ්‍යාවක් ලොවපුරා මරණයට පත්වී ඇත. මිනිසාගේ පාලනයෙන් ඔබ්බෙහි සිදුවන ව්‍යසනකාරී තත්ත්වයක් බවට මෙය පත්ව ඇත. විශාලා මහනුවර ඇති වූයේද එබඳු එක් වසංගතයකි. වැස්ස නැති වීමෙන් ඇති වූ දුර්භික්ෂය, වසංගත රෝග පැතිරීමෙන් ඇති වූ ජීවිත හානි සහ විවිධ අමනුෂ්‍යයන්ගෙන් ඇතිවූ තර්ජන හමුවේ විශාලාව අමුසොහොනක් විය. අන්ත අසරණ තත්ත්වයට පත් නුවර වැසියෝ තම තමන් දන්නා ආකාරයට සහ සුදුසු යැයි ආරංචි මාත්‍රයෙන් දැන ගන්නා ක්‍රමයන්ට විවිධ යාගහෝම කරමින් විවිධ අභිචාර උපචාර විධීන් අනුගමනය කරමින් පුදපූජා පවත්වමින් යම් සහනයක් පැතූහ. ඒ කිසිදු ක්‍රමයකින් සැනසිල්ලක් නො වූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එනුවරට තම උපස්ථායක ආනන්ද හිමියන් සමඟ වැඩම කළහ. මහා කරුණාවෙන් යුතුව උන්වහන්සේ එහිදී රතන සූත්‍රය දේශනා කළහ.

 

දහම‍ට මුල් තැනක් දී විපතින් නැඟී සිටිමු

කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය අද ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ආසාදනයට පත් කරන වසංගත රෝග කාරකයක් බවට පත් වී ඇත. මේ නිසා සමස්ත ලෝකය බියෙන් ඇළලී සිටිනවා පමණක් නොව සමස්ත ක්‍රියාකාරීත්වය අඩපණ වී ඇත. ඉතා බල සම්පන්න රාජ්‍යයෝ පවා අද අසරණ ව වහ වහා ඊට පිළියම් සොයමින් සිටිති. එය එතරම් ම අත්‍යන්තයෙන් ම භයංකර ඛේදවාචකයකි. සෙසු වසංගත රෝගවලට බෙහෙත් පිළියම් ක්‍රම ඇතත් කොරෝනා වයිරසයට මෙතෙක් නිසි ඖෂධයක් හෝ එන්නතක් හෝ සොයාගෙන නැත. හැරත්, අප නොසිතන ආකාරයට එය අපට වැලඳීමේ අවදානම ද ඉතා වැඩි ය. එහෙයින් ආරක්‍ෂක අංශ හා සෞඛ්‍ය අංශ මහජනතාව දැනුම්වත් කැර ඇති අවවාද අකුරට ම පිළිපදිමින් වයිරසය පැතිරීමට ඇති සියලු ඉඩකඩ අහුරාදැමීමට සාවධාන ව සතිමත් ව සැලකිල්ලෙන් හා වගකීමෙන් රටවැසි සියලු දෙනා ම ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වෙයි. රටවැසි හැම දෙනා ම වගකීමෙන් ඒ යුතුකම කළ හොත් වැඩිකල් නො යා ම මෙම වසංගත උවදුරින් රටවැසි ජනතාව බේරාගත හැකි වනු නොඅනුමානය. කොවිඩ් 19 වයිරස් වසංගතය කාලීන ව මුළු ලොවට ම මහඟු පාඩමක් උගන්වා ඇත. ලොව අනිත්‍යය මෙනෙහි නොකරන අයට පවා ජීවිතය හා ලෝකය පිළිබඳ අස්ථිරත්වය, ක්‍ෂණ භංගුරත්වය හා වෙනස් වන සුලු බව පසක් කර දී ඇත.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]