[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

දහම‍ට මුල් තැනක් දී විපතින් නැඟී සිටිමු

කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය අද ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ආසාදනයට පත් කරන වසංගත රෝග කාරකයක් බවට පත් වී ඇත. මේ නිසා සමස්ත ලෝකය බියෙන් ඇළලී සිටිනවා පමණක් නොව සමස්ත ක්‍රියාකාරීත්වය අඩපණ වී ඇත. ඉතා බල සම්පන්න රාජ්‍යයෝ පවා අද අසරණ ව වහ වහා ඊට පිළියම් සොයමින් සිටිති. එය එතරම් ම අත්‍යන්තයෙන් ම භයංකර ඛේදවාචකයකි. සෙසු වසංගත රෝගවලට බෙහෙත් පිළියම් ක්‍රම ඇතත් කොරෝනා වයිරසයට මෙතෙක් නිසි ඖෂධයක් හෝ එන්නතක් හෝ සොයාගෙන නැත. හැරත්, අප නොසිතන ආකාරයට එය අපට වැලඳීමේ අවදානම ද ඉතා වැඩි ය. එහෙයින් ආරක්‍ෂක අංශ හා සෞඛ්‍ය අංශ මහජනතාව දැනුම්වත් කැර ඇති අවවාද අකුරට ම පිළිපදිමින් වයිරසය පැතිරීමට ඇති සියලු ඉඩකඩ අහුරාදැමීමට සාවධාන ව සතිමත් ව සැලකිල්ලෙන් හා වගකීමෙන් රටවැසි සියලු දෙනා ම ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වෙයි. රටවැසි හැම දෙනා ම වගකීමෙන් ඒ යුතුකම කළ හොත් වැඩිකල් නො යා ම මෙම වසංගත උවදුරින් රටවැසි ජනතාව බේරාගත හැකි වනු නොඅනුමානය. කොවිඩ් 19 වයිරස් වසංගතය කාලීන ව මුළු ලොවට ම මහඟු පාඩමක් උගන්වා ඇත. ලොව අනිත්‍යය මෙනෙහි නොකරන අයට පවා ජීවිතය හා ලෝකය පිළිබඳ අස්ථිරත්වය, ක්‍ෂණ භංගුරත්වය හා වෙනස් වන සුලු බව පසක් කර දී ඇත. ධන බලය, යුද බලය, දේශපාලන බලය, පිරිස් බලය ආදි සියලු ලෞකික බලයන්හි බෙලහීන බව හා නිසරු බව ලෝකයා වටහාගනිමින් සිටී. බටහිර රටවල ඇතැම් සංස්කෘතික ආචාර සමාචාර පවා උඩු යටිකුරු වෙමින් පවතී. එහෙත් පෙරදිග පිළිගත් ආචාර සමාචාර බටහිර සමාජ ද බුද්ධිමත් ව සිතා වැලැඳ ගන්නා සැටියෙක් පෙනේ. ඒ සමඟ ම ලෝකය ස්වාභාවිකත්වය දෙසට හැරෙමින් තමතමන් පිළිබඳවත් පොදුවේ මානව වර්ගයා පිළිබඳවත් නව දැක්මකින් ඇස් ඇර බලන අයුරක් ද පැහැදිලි ය. ඒ අතර ඇතැම් කොටසක් සිය අතෘප්තිකර ආශාවන් පිනවීමට නවමං සොයමින් “ළිප ගිනි මොළොවන තෙක් සැළියේ සිටින කකුළුවන්“ සෙයින් තමන් පත් ව සිටින අනතුර නො දැක විපත කරා ම ඇදී ගෙන යන අයුරක් ද පෙනේ.


 බක් පුර පසළොස්වක පෝය 

 බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 07 වනදා අඟහරුවාදා අපරභාග 00.01 ට ලබයි. 08 වනදා බදාදා පූර්ව භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 07 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය අප්‍රේල් 14 වනදා අඟහරුවාදා.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]