[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිල්වත් වී සුවපත් වන්න

සිල්වත් වී සුවපත් වන්න

ශීලය...! අප මෙතුවක් කල් සිතූ පරිද්දෙන් ඔබ්බට මේ පිළිබඳව සිතා බලමු? සීලය නම් සංවරයයි, සිත කය වචනයේ ඇති සංවරයයි, බලන්න මේ උදාවී ඇති තත්ත්වය පිළිබඳව? සික්ඛති, සමාදපේති ලෙස වචන දෙකක් අපට නිතර මුණ ගැසෙනු ඇත. සික්ඛති යනු හැසිරීමයි, නිවැරදි ලෙස හැසිරීමයි, කුමක් කෙරෙහිද ? අන් අයට අගතියක්. හානියක් නොවන ලෙස, මේ ව්‍යසනයෙන් මිදීමට නම් අපිට ශීලයක් තිබිය යුතුයි. එනම් අවංක අයෙක් විය යුතුයි.

ඔබ විදේශගත වී මෙරටට පැමිණි අයෙක් නම් ඔබ එය නොසඟවා පැවසිය යුතුයි, දන්නා කෙනෙක් වෙත්නම් මේ මොහොතේ ඔබ රජයට එය දැන්වීමට පවා නිහතමානී අයෙක් විය යුතුයි, එය එක් අතකින් ශීලයේ හැසිරෙන්නා කෙරෙහි පවතින ගුණාංගයකි. වැරදි පුරුදුවලින් ඔබ අත් මිදිය යුතුයි, ඒ කියන්නේ ඔබ දෑත් සේදීම ආහාර ගැනීම ගමන් බිමන් යාමේදී සැලකිලිමත් විය යුතුයි, එය ශීලය ලෙස හැඳින්වීමට පුළුවන. සංවර කම ශීලයයි, එසේනම් ඔබ අන් අයට කුඩා වූ හිංසාවක් ඇති නොවන අයුරින් හැසිරීමට වගබලාගත යුතුයි, බුදුරජාණන් වහන්සේද කිසිවෙකුට සිතුවිල්ලකින් හෝ හිංසාවක් ඇති නොකළ උත්තමයෙකි, එසේනම් අපද එසේ හැසිරීමට වග බලාගත යුතුය. මෙහි දී අප විශේෂයෙන් ආරක්ෂක අංශ විසින් ලබාදෙන උපදෙස් වලට අවනත විය යුතුය.

එම උපදෙස් පිළිපැදිය යුතුය. ඔවුනගේ දෑස්වලට වැලිගසා අපේ අරමුණු අපට ඉටු කරගැනීමට හැකිව පවතී. ඒ කිසිම කරුණක් නිසා නොව ඔවුන්ගේ ඇති කාරුණිකත්වය නිසා වෙනි, නමුත් කොරෝනාවෙන් අපට කිසිම කාරුණිකත්වයක් නැත. අනාරක්ෂිතව යමෙක් හැසිරෙයිද ඔහු බිලි ගැනීමට කොරෝනා සූදානම් ව සිටී, එම නිසා අපේ රණවිරුවන් පිළිබඳව හෙද හෙදියන් පිළිබඳව සිතිය යුතුයි, එම පිරිසටද දරුවන් දෙමාපියන් ඇත, ඒ දරුවන් දෙමාපියන් තම මව පියා කෙරෙහි දෑස් දල්වා බලා සිටිනුයේ ආදරණීයන් ලෙස පිළිගැනීමටය, අපගේ නො හික්මුණුකම අසංවර කම නිසා ඒ ආදරණීය දූ දරුවන්ට දෙමාපියන් අහිමි කිරීමට අප මුල් නොවන්නේද? අපේ රටේ ඉතා වටිනා මානුෂීය සම්පත් අප විනාශ නොකරන්නේද? මේ දුසිල්වතාගේ හැසිරීම නිසා සිදුවන්නක් මිස සිල්වතා නිසා සිදු වන්නක් නොවේ, රට ගැන සිතිය යුතුයි,

 බක් පුර පසළොස්වක පෝය 

 බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 07 වනදා අඟහරුවාදා අපරභාග 00.01 ට ලබයි. 08 වනදා බදාදා පූර්ව භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 07 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය අප්‍රේල් 14 වනදා අඟහරුවාදා.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]