[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපක ආජීවක හමුවීම

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.36 ට ලබයි. එම දා අපර භාග 11.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 5වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

අනුබුදු මිහිඳු මාහිමි පරිනිර්වාණ සමරු මහෝත්සවය 4,5,6 දිනවල
මිහින්තලා පුද බිමේ දී

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණ සමරු පුණ්‍ය මහෝත්සවය ඔක්තෝබර් 4 වන දා සිට 6 වන දා දක්වා මිහින්තලා පුද බිමේ දී මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. අනුබුදු මිහිඳු මා හිමි පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන් ඔක්තෝබර් 4 වන දා රාත්‍රී වීථි සංචාරය කෙරේ. 5 වන දා පස්වරු 5 - 6.30 දක්වා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශිල්පීන් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මිහින්තලා පුද බිමේ දී හේවිසි ශබ්ද පූජාව පැවැත්වේ. එම හේවිසි පූජාව අතරතුර ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් හෙලිකොප්ටර් යානයක් වෙතින් ගුවනින් මල් ඉසීම සිදු කෙරේ. 4 වන දා සිට 5 වන දා දක්වා මිහින්තලා මැද මළුවේ පිහිටි විශේෂ කාර්යාලය වෙත පිච්ච මල් බාරදිය හැකි වේ. 5 වන දා පස්වරු 7 සිට මිහිඳු මාහිමි පරිනිර්වාණ වන්දනාව සිදු කෙරේ. එම වැඩසටහන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් පවත්වන අතර, පසුදා පහන් වනතුරු වැලිමඩ සද්ධාසීල හිමියන් සහ පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් විසින් ද එය මෙහෙයවනු ලැබේ.

බුදුසරණ ධර්ම චාරිකා දෙවන වැඩසටහන සාර්ථකව අවසන්...

 

මෙවර ධර්ම දේශනාව වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේදී දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනි.

(01.10.2019)

 

බොදු සාහිත කෙත පෝෂණයට අතදෙන බෞද්ධ සාහිත්‍ය උත්සවය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 13 වන වරට සහ බුද්ධශාසන අමාත්‍යාංශය ඒකාබද්ධව නව වන වරටත් සංවිධානය කරනු ලැබූ බෞද්ධ සාහිත්‍ය උත්සවය සැප්තැම්බර් මස 19 වන දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ලෝටස් ශාලාවේ දී පැවැත්විණ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ආරාධනයෙන් මුලසුන හොබවන ලද්දේ දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේ ය. විශිෂ්ටතම සේවා අභිනන්දනය සඳහා පිරිනැමෙන මහාචාර්ය ගුණපාල මලලසේකර අනුස්මරණ සම්මානය මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාටත්, බෞද්ධ චිත්‍ර කලාව වෙනුවෙන් පිරිනැමෙන සෝලියස් මැන්ඩිස් අනුස්මරණ සම්මානය අනුර විජේවර්ධන මහතාටත්, බොදු මහා සමුළුව පිරිනැමුවේ ය.

 

ධර්ම දේශනාව:

ශ්‍රද්ධාවෙන් පිරි සිත උදාර ය

ශ්‍රද්ධාවෙන් පිරුණු සිත උදාර ය. එබඳු ජීවිතයක වටිනාකම පෙන්වා දෙමින් වදාළ බුදුබණ අනන්ත ය. බුදුපියාණන් වහන්සේ ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදූහ. එනම් අකාරවති සද්ධා සහ අමූලිකා සද්ධා යනුවෙනි.ත්‍රිවිධ රත්නය කෙරෙහි කරුණු කාරණා මැනවින් තේරුම්ගෙන ඇති කර ගන්නා ශ්‍රද්ධාව අකාරවති සද්ධා නම් වේ. අන්ධ භක්තිය හෝ කරුණු කාරණා නොදැන ඇති වන පැහැදීම අමූලිකා සද්ධාව වන්නේ ය. මේ කාරණා දෙකම පුද්ගල සන්තානයේ පහළ වන්නේ ය. කෙසේ වුව ද ශ්‍රද්ධාව යනු නිවන් මගේ දොරටුවයි. එසේත් නොමැති නම් ඒ සඳහා වන ව්‍යායාමයේ පළමු සිතිවිල්ලයි. පළමු බීජයයි. ඒ පිළිබඳ මනරම් දෙසුමක් කසීභාරද්වාජ සූත්‍රයේ දක්නට ලැබේ. එහි අන්තර්ගතය මොනතරම් අගනේදැයි විමසා බලමු. එක් කලෙක බුදුපියාණෝ මගධයේ ඒකනාලා නම් බමුණුගම වැඩ විසූ සේක. එකල්හි කසීභාරද්වාජ නම් බමුණු පුත්‍රයෙක් තමන්ගේ කුඹුරෙහි නගුල් පන්සියයක් පමණ යොදා සී සෑමට සූදානම් වෙයි. එ දවස පෙරවරු කාලයෙහි බුදුපියාණෝ කසීභාරද්වාජ බමුණාගේ කුඹුර යම් තැනක ද එතනට වැඩම කළ සේක.

 

ගිහි ගෙදරට දහම් වැටක්:

සමාජය පරිහානියට පත්කරන අදත්තාදානය

"දුප්පත් වී ඉපදීමටත්, ප්‍රභාවක් නැති ජීවිත ගත කිරීමටත් සමාජයෙන් නිතර ගැරහුම් නින්දා අවමන් විඳීමටත් හේතුවන අකුසලය අදත්තාදානයයි.අන්සතු දෙය ගැනීමෙන් යම් සතුටක් ලබයි. එසේ වුවද, එම වරදින් ගැලවිය නොහැකිය. නීතියෙන් ගැලවිය හැකිය. සමාජයෙන් හෝ අනෙක් අයගෙන් ගැලවිය හැකි ය. එහෙත් අකුසලයේ විපාකයෙන් ගැලවීම කිසිලෙසකින් හෝ කළ නොහැක්කකි." නුදුන් දෙය ගැනීම අදත්තාදානය යි. සතර කර්ම ක්ලේශ අතර දෙවෙනි ස්ථානය ලබන්නේ අදින්නාදානය හෙවත් අදත්තාදානයයි. වෙනත් පුද්ගලයකුට අයත් දෙයක් හොරෙන් ගැනීම, අදාළ පුද්ගලයා වංචාවෙන් රවටා ගැනීම, බියට පත්කොට ස්වකැමැත්තෙන් දෙන දෙයක් ලෙස ගැනීම, වෙනත් පුද්ගලයකු ලවා වංචා සහගත අදහස් ප්‍රකාශ කරවා ගැනීම වශයෙනි. එය පුද්ගලයා, සමාජය ආයතනය ,සමාජය, සමස්ත රට වශයෙන් පුළුල් පරාසයක පැතිරී තිබෙන අතර අදත්තාදානය නමැති අකුසලය සම්පූර්ණ වීම සඳහා මූලික වශයෙන් ම මනස බලපානු ලබයි.එම අකුසලය සම්පූර්ණ වීම සඳහා මූලික වශයෙන් කරුණු පහක් බලපානු ලබන බව ධර්මයෙහි විග්‍රහ කර තිබේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]