[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඒහි පස්සික 30: අරමුණ බැඳීමක් ද?

අරමුණ බැඳීමක් ද?

අපගේ මහ බෝධිසත්වයන් වහන්සේ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය දක්වා ගමන් කළ සැනසුම කෙතරම් අසිරිමත් ද? නියත විවරණ ලැබීමෙන් පසුව පමණක් ඒ අරමුණට සැලසුම් සහගත ව වැඩම කළ කාලය සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයකි. එය සංසාර ගත සැලැස්මකි.

අප මේ ගත කරන්නේ 2019 වසරේ අවසාන භාගයේ ය. පෞද්ගලිකව සිතා බැලිය යුත්තේ තම තමන්ගේ මෙලොව ජීවිතයේ යහපත් සැලසුම් සකස් කර ගත්තාදැයි යනුවෙනි. අවම වශයෙන් මේ මාසයකට, වසරකට, දිනකට සැලැස්මක් නොපැවතියහොත් සංසාර ගමන සාර්ථක කරගත හැකි නොවේ. නිවන් දැකීම යනු සංසාරගත සැලසුමක් වේ. ඒ නිසා තම තමන්ගේ ජීවිතවල අරමුණු නැති අය, අරමුණු ඇති කර ගනිමින් සැලසුම් සකස් කර ගත යුතු යි. සමහර විට කෙනෙකුට මේ අයුරෙන් සිතීමට ද ඉඩ ඇත. යම් අරමුණක් ඇති කර ගෙන, ඊට කැමැත්ත ඇතිකර ගැනීම බැඳීමක් ලෙස ද සිතීමට ඉඩ තිබේ.

තමා මියයන බව දැන, කිසිදු කටයුත්තක නියැළීමෙන් තොරව, නිවසට වී සිටීම සාධාරණ ක්‍රියාවක් වන්නේ ද?, අවම වශයෙන් මරණානුස්සති භාවනාව හෝ වැඩිය යුතුයි.

මරණ සතිය වැඩීමෙන් ඇතිවනුයේ අරමුණට ඇති තීව්‍රතාව වැඩිවීමකි. එබැවින් මැරෙන බව දැන පැත්තකට වී කාලය ගත කිරීම නොවේ.

අපි, වෙත සැලසුමක් තිබිය යුතුයි. ඒ යහපත් සැලසුමට අධිකතර බැඳීමක් තිබිය හැකි නොවේ. සෘජු සැලසුමක් තිබිය යුතු යි. බැඳීමක් පැවතියහොත් සිත නොසන්සුන් වේ. නොසන්සුන් වූ සිතට දුර ගමනක් යා හැකි නොවේ. සිත බියට පත්වේ. එසේ නොමැතිව කිසිදු අයුරකින් බාධාවකින් තොරව එක දිගට අරමුණට යා හැකි අයුරෙන් සිත සකස් කර ගත යුතු වේ. තම තමන්ගේ පවතින අරමුණ කෙරෙහි වේගවත් දමනයක් සිදුවීමට නම් අරමුණුවලට ළඟාවීමේ සිතිවිලි බලය සියලු අකුසල් අභිබවා සකස් විය යුතු යි.

අප උදාහරණයක් ලෙස ලෞකික අරමුණක් දෙස මොහොතක් සිතා බලමු. අධ්‍යාපනය ලබන දරුවකුගේ අරමුණ වෛද්‍යවරයකු වීම යැයි සිතමු. ඒ තනතුරට ළඟා වනවා යැයි පවතින අරමුණ ඒ දරුවාට නැතහොත් ශිෂ්‍යයාට වෙනත් කිසිදු අරමුණකට යටත් නොවන ප්‍රබල අරමුණක් ලෙස ගොඩනැගී තිබිය යුතු යි. ඒ අයුරෙන් මනස සකස් කරගත යුතු වේ.

රූපවාහිනියක් නරඹන මොහොතක සිහිපත් විය යුත්තේ මෙය නරඹන මොහොත පමණයි. කී වතාවක් මා මෙය නරඹා තිබෙනවාද? කීවතාවක් නම් එකම රූපය එකම ශබ්දය ලබා තිබෙනවාදැයි සිතා බලන්න.

එවැන්නකින් අනාගත අභිවෘද්ධියක් සිදු නොවේ. මෙසේ ආපස්සට ගෙවී යන කාලය නැවත ලබා ගත හැකි නොවේ.

නැවත ඉදිරියට ඇතිවන්නේ අලුත් කාලයකි. හෙට උදාවනුයේ තවත් අලුත් කාලයකි. අද කාලයේ අපගේ තරුණ දරුවන්ට ගැළපෙන අයුරෙන් මෙසේ ද උදාහරණයක් ලෙස සඳහන් කළ හැකි වේ. තමා මිලදී ලබාගත් දත්ත පැකේජයක් වැනි දෙයක් උපමාවට ගන්න. ජීවිතය ඒ දත්ත පාවිච්චි කරන වාරයක් පාසා ගෙවී යනු ලැබේ. සමහර විටක එම පැකේජය වැරැදි දේ සඳහා නැතහොත් නිවැරැදි දේ සඳහා වැය කළ ද දත්ත අවසන් වේ. සමහර අයෙකු මෙය තමන්ට අනර්ථයක් වන දෙයක් ලෙස පාවිච්චි කරනු ලැබේ. තවත් සමහර කෙනෙකු තමන්ට යහපත් දෙයක් ලෙස පාවිච්චියට ගනු ලැබේ. කෙසේ වුව ද දත්ත අවසන් වේ.

එමෙන් ජීවිතයක් කියන්නේ ද වැටෙන හුස්ම ගණනත්, විඤ්ඤාණ ප්‍රමාණයත් තිබෙන පැකේජයක් වැනි ය. අපට ඇතිවන සිතිවිලි අප ගත කරන හැම නිමේෂයක, අප ඇසෙන් රූපයක් බලන විට, නාසයෙන් සුවඳක් ආග්‍රහණය කරන විට, කනෙන් ශබ්දයක් අසන විට, දිවට රසයක් මෙන් අප ජීවිතය පරිහරණය කිරීමේ දී අපගේ ජීවිත කාලයෙහි ආයු ප්‍රමාණය ගෙවී යනු ලැබේ.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.36 ට ලබයි. එම දා අපර භාග 11.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 5වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]