[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ශ්‍රද්ධාවෙන් පිරි සිත උදාර ය

ශ්‍රද්ධාවෙන් පිරුණු සිත උදාර ය. එබඳු ජීවිතයක වටිනාකම පෙන්වා දෙමින් වදාළ බුදුබණ අනන්ත ය. බුදුපියාණන් වහන්සේ ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදූහ. එනම් අකාරවති සද්ධා සහ අමූලිකා සද්ධා යනුවෙනි.ත්‍රිවිධ රත්නය කෙරෙහි කරුණු කාරණා මැනවින් තේරුම්ගෙන ඇති කර ගන්නා ශ්‍රද්ධාව අකාරවති සද්ධා නම් වේ. අන්ධ භක්තිය හෝ කරුණු කාරණා නොදැන ඇති වන පැහැදීම අමූලිකා සද්ධාව වන්නේ ය. මේ කාරණා දෙකම පුද්ගල සන්තානයේ පහළ වන්නේ ය. කෙසේ වුව ද ශ්‍රද්ධාව යනු නිවන් මගේ දොරටුවයි. එසේත් නොමැති නම් ඒ සඳහා වන ව්‍යායාමයේ පළමු සිතිවිල්ලයි. පළමු බීජයයි. ඒ පිළිබඳ මනරම් දෙසුමක් කසීභාරද්වාජ සූත්‍රයේ දක්නට ලැබේ. එහි අන්තර්ගතය මොනතරම් අගනේදැයි විමසා බලමු. එක් කලෙක බුදුපියාණෝ මගධයේ ඒකනාලා නම් බමුණුගම වැඩ විසූ සේක. එකල්හි කසීභාරද්වාජ නම් බමුණු පුත්‍රයෙක් තමන්ගේ කුඹුරෙහි නගුල් පන්සියයක් පමණ යොදා සී සෑමට සූදානම් වෙයි. එ දවස පෙරවරු කාලයෙහි බුදුපියාණෝ කසීභාරද්වාජ බමුණාගේ කුඹුර යම් තැනක ද එතනට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ එලෙස වඩින විට, කුඹුරෙහි වැඩ කළ ඇත්තෝ ආහාර අනුභව කරමින් සිටියහ.


බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.36 ට ලබයි. එම දා අපර භාග 11.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 5වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]