[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

වෛරය එපා

ලොව සාධාරණ ධර්මතාවයක් වන මෛත්‍රිය විශ්ව ධර්මයක් සේ ද හැඳින්වීම අසාධාරණ නොවේ. පාලි සූත්‍රවල ‘මෙත්තා’ යන යෙදුමෙන් හැඳින්වෙන මෛත්‍රිය, බුදු බව පතා බුදුකුරු දම් පුරන සෑම උතුමෙක් විසින්මත්, නිවන් සුවපතා පාරමී ගුණ පුරන සෑම උතුමෙක් විසින්මත් සසර පුරාවට තම ජීවිතයේ සපුරා ගත යුතු ම උදාර මිනිස් ගුණයකි. බෝසත් ගුණයක් ලෙස මෛත්‍රිය හඳුන්වන්නේ ද ඒ නිසා ය. බුදු පසේ බුදු මහරහත් යන උතුම් ආර්ය තත්වයට පත්වීමට නම් මෙම ගුණයේ ස්පර්ශය හැම කෙනෙක් ම ලබා ගතු යුතු ය. බුදුවරු මෙත්තාව පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී යැයි තුන් ගුණයකින් වැඩිය යුතුයි. පාරමි, උපපාරමි ලෙස මෙත්තාව වැඩිය යුත්තේ පසේ බුදුවරුන් ය. පාරමී පමණක් වැඩිය යුතු වන්නේ මහ රහත් උතුමන් ය. උන්වහන්සේලා ඒ තත්ත්වයට පත්වනුයේ එම ගුණ මෙලෙසින් සපුරාලීම නිසා ය. එසේ නම් මෙත්තාව යනු බෝධිසත්ව ධර්මතාවයකි, පාරමිතාවකි. බෝසතාණන් වහන්සේ බුදු බව ලබනා තෙක් අනන්ත සසර සැරිසරමින් බෝධි සත්ව ධර්ම සපුරාලුයේ තමන් වහන්සේගේ විමුක්තිය පමණක් නොව සසර දුකට පත් අනන්ත සත්ව වර්ගයා පිළිබඳව පැවැති මෛත්‍රිය නිසාමයි. දීපංකර පාද මූලයේ දී නිවන් සුවය ලබන්නට වාසනා මහිමයක් තිබෙද්දීත් එය අමතක කොට ඊට වඩා බුදුවරයෙක් ව අන් සතුන් ද දුකින් මුදවීමට ඇති බලවත් චිත්තාභිලාෂය නිසා අනන්ත සසර උපදිමින් ගෞතම බුද්ධත්වයට පත්වෙන තුරාවට ම ඇවිද්දේ මෛත්‍රී ගුණයෙන් තම දිවිමග සරසා ගෙන තිබූ හෙයිනි.


බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]