[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මා හට නොවරදී සිතන අයහට නිතර වරදී

" කේන්තිය ඇතිවීමෙන් හානි පැමිණෙන්නේ තමාට පමණි. කය, වචන යන දොරටු දෙක ක්‍රියාත්මක වුවහොත් පමණක් සමාජය අයහපත් බවට පත්වේ. එවැනි අවස්ථාවලදී වචනයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන්නටත්, කයින් කිසිවක් නොකර නිශ්චල ලෙස කටයුතු කිරීමටත් අවබෝධ කරගත යුතු ය. බොහෝ බුද්ධිමත්හු මනසෙහි විකෘති ස්වභාවයක් හටගත් විට කය, වචන දොරටු දෙකම සංවර කරගැනීමට උත්සාහ කරති" ජීවිතයේ කවරදාකවත් කේන්ති නොගිය පුද්ගලයකු සොයාගැනීමට උත්සාහ කිරීම අරුත් සුන් ක්‍රියාවකි. පුද්ගලයෙකුට කේන්තියක් ඇතිවීමට හේතු කිහිපයක් බලපානු ලබයි. තමා තුළ පවතින අඥාන බව එක් හේතුවකි. තමන් ඉහළ මිනිසකු ලෙස සිතාගෙන සිටින පුද්ගලයාටත් නිතර කේන්ති යයි. තමාට අදාළ නොවන යමක් මනසින් අල්ලා ගැනීමට යාමේ වරද නිසා ද කේන්ති ඇති වේ. ඔබට කේන්ති ගිය අවස්ථාවක් සලකා බැලුවහොත් මින් එකක් හෝ කිහිපයක් බලපා ඇත. කේන්තිය ඇතිවීමෙන් හානි පැමිණෙන්නේ තමාට පමණි. කය, වචන යන දොරටු දෙක ක්‍රියාත්මක වුවහොත් පමණක් සමාජය අයහපත් බවට පත්වේ. එවැනි අවස්ථාවලදී වචනයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන්නටත්, කයින් කිසිවක් නොකර නිශ්චල ලෙස කටයුතු කිරීමටත් අවබෝධ කරගත යුතු ය.


බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]