[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

498 කේ.පී. සසික ලක්ෂාන් ජයසිංහ
09 ශ්‍රේණිය
ශ්‍රී ගුණානන්ද දහම් පාසල, පොල්ගහවෙල

499 ඕ.ආර්.සී. ජයනී දසනායක
11 ශ්‍රේණිය
ඩඩ්ලි සේනානායක මහ විදුහල, තෝලංගමුව

500 ඩබ්ලිව්.ඒ. නිහාරා විශ්මිණි
7 ශ්‍රේණිය
ශ්‍රී සුමංගල දහම් පාසල, නිවන්දම

501 දිනිති තාරින්ද්‍යා
8 වසර
ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසල

502 පියුමි සඳුනිකා වික්‍රමසිරි
07 ශ්‍රේණිය
සිරි / සඟමිත් දහම් පාසල, කුඩාගල්ගමුව


දම්සක් පැවතුම් සූත්‍රය

අප මහ බෝසතාණෝ අසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා උතුම් වු වෙසක් පුර පසළොස්වක පොහෝ දින, සසර සැඩපහර නවතා බුද්ධත්වයට පත් වූ සේක. පළමුව තමන් වහන්සේ අවබෝධ කරගත් අභිධර්මය දේශනා කිරීමට සුදුස්සන් බැලූ කල්හි තමන් වහන්සේගේ නුවණට පස්වග මහණුන් නෙතගැටිණි. අප බුදු හිමියෝ ඉසිපතන මිගදායට වැඩම කොට ඔවුනට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක. එදින ඇසළ පෝ දිනකි.


පිළිවෙත් මග අගය කරමු

දාන, සීල,භාවනා වැඩසටහන් සඳහා සහභාගිවීම හෝ දායකත්වය දැරීම බෞද්ධ අපගේ සිරිතයි. ජන්ම දිනයක්, තවත් සතුටුදායක කරුණක් මුල් වූ විට එය අපි උත්සවාකාරයෙන් සමරමු. එහෙත් අපගේ ආගමට අනුව දානයක් හෝ පුණ්‍යකර්මයක් සිදුකිරීම අප ජීවිතවලට වඩාත් යෝග්‍ය වේ. අප තථාගත ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් බෞද්ධ අපට සංසාරය කෙටිකර ගැනීමට වඩාත් පැහැදිලි මග දාන, සීල, භාවනා යන ධර්මානුකූල මග ය. අප තථාගත ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ලොව උතුම්ම දානය ධර්ම දානය යි. එම නිසා අප ජන්ම දිනය යෙදුණ විට, සිතට සතුටක් ඇතිවූ විට, ධර්ම දානයක් දීම ඉතාමත් සුදුසු ය. වර්තමාන නව පරම්පරාවෙන් ගිලිහී යමින් පවතින මෙම උතුම් පිළිවෙත් බොදු දරු දැරියන් වශයෙන් යළි සිහියට නගමු.

වර්තමාන සමාජය තුළින් ක්‍රමයෙන් ගිලිහී යන මෙම අගනා පිළිවෙත් පරිහානියට පත්වීමට ඉඩ නොදී යළි සමාජයට හුරු කරමු. අපිත් දහම් පාසල් යන බොදු දරු දැරියන් වශයෙන් මේ උතුම් පිළිවෙත් පිළිපැද අපගේ දිවිය ධර්මාලෝකයෙන් ඒකාලෝක කර ගනිමු.


පරිසරය සුරකිමු

අප අවට තිබෙන සියලුම දේ පරිසරය ලෙස හැඳින්වේ. ගංගා, දියඇලි, ගස්වැල් , සතුන් ආදී සෑම දෙයක් ම මෙයට අයත් ය. නිරන්තරයෙන් ම මිනිසාගේ පැවැත්මට පරිසරය උපකාරී වේ. මිහිමත වෙසෙන සියලුම ජීවින්ට ජීවය ලබා දෙන්නේ ගස්වැල් ය. ගස්වැල් නොමැති වූ කලෙක මුළු ලෝකයම කාන්තාරයක් බවට පත්වේ. ජීවීන්ට ජීවත්වීමට අවශ්‍ය පිරිසුදු වාතය ලබා දෙනුයේ ගස්වැල් ය. ඒ වගේ ම ජලය ද අපට නැතුවම බැරි සම්පතකි. එනිසා වර්ෂාව ඇතිවීමට අනිවාර්යයෙන් ම පරිසරයෙහි ගස්වැල් තිබිය යුතු ය. ගස්වැල් අපට මහඟු සම්පතකි. අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුදුවීමට උපකාරි කළේ ද බෝධීන් වහන්සේගේ සෙවණයි. උන්වහන්සේ හැමවිට දේශනා කළේ ගස්වැල් ආරක්ෂා කරගන්නා ලෙසයි.


ආනන්ද මහ රහතන් වහන්සේ

සැමගේ සිත් සතුටු කරන යන අරුතින් ආනන්ද නම් විය. ඇලුම් කිරීමේ නිසරු බව පැහැදිලි කරමින් දෙසූ දහම් අසා සෝවාන් වූ හ. ආනන්ද හාමුදුරුවෝ දෙව්රම් වෙහෙරේ ආනන්ද බෝධිය රෝපණය කිරීමට, භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට මුල්වී ක්‍රියා කළහ. සම්මා සම්බුද්ධත්වයෙන් වසර විස්සකට පසුව ගෞතම බුදුසසුනේ අග්‍ර උපස්ථායක තනතුරට පත්වූයේ වර සතරක් හා ප්‍රතික්ෂේප සතරක් කෙරෙහි බුදුරජාණන් වහන්සේ් එකඟකරවා ගනිමිනි. උන්වහන්සේ බුදුසසුනේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ වූ අතර, පළමු ධර්ම සංගායනාවට පෙර උතුම් රහත් බව ලැබූහ.


බුද්ධත්වයට පත්වීම


නිසංසල නිවහනක්

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]