[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යශෝධරා දේවියගේ ගෞරවය

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

පාස්කු ඉරිදා මියගිය පිරිස සිහිකර පත්තර මහගෙදර පහන් දල්වයි

පාස්කු ඉරිදා සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට සතියක් ඉක්ම වූ ඉකුත් 28 වනදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීමේ වැඩසටහන් රට පුරා පැවැත්විණි. ඊට සමගාමීව පත්තර මහ ගෙදර ඉතිහාසයේ පිටුවක් පෙරළමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් ලේක්හවුස් ප්‍රධාන දොරටුව අබියස දී ආගමික වැඩසටහන් පැවැත්විණි. ලේක්හවුස් ආයතනයේ විදුලිපහන් නිවා ඉටිපන්දම් හා පහන් දල්වමින් මියගිය අය සිහි කිරීමද විශේෂත්වයකි. කොළඹ 02 ගංගාරාමාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, උළමා සංවිධානයේ මුසර්ෆ් නවුෆර් මවුලවිතුමන්, සංදර නාරායන්කුරුක්කල් තුමා ඇතුළු ආගමික නායකයන් සහ ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු සේවක සේවිකාවෝ විශාල පිරිසක් ඊට සහභාගි වූහ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික කමිටුව රැස්වේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (25) සර්ව ආගමික කමිටුව ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. එම අවස්ථාවට මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය , අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ඇතුළු කතෝලික පියතුමන්ලා , සමස්තලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති ෂේක් මවුලවි රිෂ්වි ඇතුළු මවුලවිවරු, හින්දු ආගමික පූජකවරු ඇතුළු සර්ව ආගමික නායකයන් රැසක් සහභාගි වූ අතර ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සමඟ නිලධාරීහු පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.

 

ධර්ම දේශනාව:

වෛරය එපා

ලොව සාධාරණ ධර්මතාවයක් වන මෛත්‍රිය විශ්ව ධර්මයක් සේ ද හැඳින්වීම අසාධාරණ නොවේ. පාලි සූත්‍රවල ‘මෙත්තා’ යන යෙදුමෙන් හැඳින්වෙන මෛත්‍රිය, බුදු බව පතා බුදුකුරු දම් පුරන සෑම උතුමෙක් විසින්මත්, නිවන් සුවපතා පාරමී ගුණ පුරන සෑම උතුමෙක් විසින්මත් සසර පුරාවට තම ජීවිතයේ සපුරා ගත යුතු ම උදාර මිනිස් ගුණයකි. බෝසත් ගුණයක් ලෙස මෛත්‍රිය හඳුන්වන්නේ ද ඒ නිසා ය. බුදු පසේ බුදු මහරහත් යන උතුම් ආර්ය තත්වයට පත්වීමට නම් මෙම ගුණයේ ස්පර්ශය හැම කෙනෙක් ම ලබා ගතු යුතු ය. බුදුවරු මෙත්තාව පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී යැයි තුන් ගුණයකින් වැඩිය යුතුයි. පාරමි, උපපාරමි ලෙස මෙත්තාව වැඩිය යුත්තේ පසේ බුදුවරුන් ය. පාරමී පමණක් වැඩිය යුතු වන්නේ මහ රහත් උතුමන් ය. උන්වහන්සේලා ඒ තත්ත්වයට පත්වනුයේ එම ගුණ මෙලෙසින් සපුරාලීම නිසා ය. එසේ නම් මෙත්තාව යනු බෝධිසත්ව ධර්මතාවයකි, පාරමිතාවකි. බෝසතාණන් වහන්සේ බුදු බව ලබනා තෙක් අනන්ත සසර සැරිසරමින් බෝධි සත්ව ධර්ම සපුරාලුයේ තමන් වහන්සේගේ විමුක්තිය පමණක් නොව සසර දුකට පත් අනන්ත සත්ව වර්ගයා පිළිබඳව පැවැති මෛත්‍රිය නිසාමයි. දීපංකර පාද මූලයේ දී නිවන් සුවය ලබන්නට වාසනා මහිමයක් තිබෙද්දීත් එය අමතක කොට ඊට වඩා බුදුවරයෙක් ව අන් සතුන් ද දුකින් මුදවීමට ඇති බලවත් චිත්තාභිලාෂය නිසා අනන්ත සසර උපදිමින් ගෞතම බුද්ධත්වයට පත්වෙන තුරාවට ම ඇවිද්දේ මෛත්‍රී ගුණයෙන් තම දිවිමග සරසා ගෙන තිබූ හෙයිනි.

 

මා හට නොවරදී සිතන අයහට නිතර වරදී

"කේන්තිය ඇතිවීමෙන් හානි පැමිණෙන්නේ තමාට පමණි. කය, වචන යන දොරටු දෙක ක්‍රියාත්මක වුවහොත් පමණක් සමාජය අයහපත් බවට පත්වේ. එවැනි අවස්ථාවලදී වචනයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන්නටත්, කයින් කිසිවක් නොකර නිශ්චල ලෙස කටයුතු කිරීමටත් අවබෝධ කරගත යුතු ය. බොහෝ බුද්ධිමත්හු මනසෙහි විකෘති ස්වභාවයක් හටගත් විට කය, වචන දොරටු දෙකම සංවර කරගැනීමට උත්සාහ කරති". ජීවිතයේ කවරදාකවත් කේන්ති නොගිය පුද්ගලයකු සොයාගැනීමට උත්සාහ කිරීම අරුත් සුන් ක්‍රියාවකි. පුද්ගලයෙකුට කේන්තියක් ඇතිවීමට හේතු කිහිපයක් බලපානු ලබයි. තමා තුළ පවතින අඥාන බව එක් හේතුවකි. තමන් ඉහළ මිනිසකු ලෙස සිතාගෙන සිටින පුද්ගලයාටත් නිතර කේන්ති යයි. තමාට අදාළ නොවන යමක් මනසින් අල්ලා ගැනීමට යාමේ වරද නිසා ද කේන්ති ඇති වේ. ඔබට කේන්ති ගිය අවස්ථාවක් සලකා බැලුවහොත් මින් එකක් හෝ කිහිපයක් බලපා ඇත. කේන්තිය ඇතිවීමෙන් හානි පැමිණෙන්නේ තමාට පමණි. කය, වචන යන දොරටු දෙක ක්‍රියාත්මක වුවහොත් පමණක් සමාජය අයහපත් බවට පත්වේ. එවැනි අවස්ථාවලදී වචනයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන්නටත්, කයින් කිසිවක් නොකර නිශ්චල ලෙස කටයුතු කිරීමටත් අවබෝධ කරගත යුතු ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]