[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

කැලණියේ කොහල්විල ගංගාරාමයේ සියවස සමරා පින්කම්

කැලණිය කොහල්විල ගංගාරාම විහාරස්ථානයට වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඉකුත් 05 වනදා සිට 08 වන දින දක්වා පින්කම් මාලාවක් පැවැත් වූ අතර 07 වන දා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා 08 වන දා සියක් නමක් මහ සඟරුවන විෂයයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. එම පින්කම සඳහා ගංගාරාමාධිපති හොරවල ධම්මාරාම හිමියන්ගේ සහ විහාරස්ථ දායක සභාවේ ආරාධනයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ, අනුනායක ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ, කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමිපාණන් වහන්සේ, පෑලියගොඩ විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයාධිපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමිපාණන් වහන්සේ, ඉන්දියාවේ සැවැත්නුවර ශ්‍රී ලංකාරාම විහාරාධිකාරී උත්තර භාරතයේ ප්‍රධාන සංඝනායක ඇල්ගිරියේ සංඝරතන හිමි, එම විහාරවාසී අලුවිහාරේ ධම්මසාර හිමි, වනවාසල පුරාණ රජමහ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොටුවිල විමලකිත්ති හිමි, පානකාවේ පේමරතන හිමි, වල්පොල විමලඤාණ හිමි, ඇතුළු සියක් නමක් පූජනීය මහා සඟරුවන ගංගාරාමයට වැඩම කරන ලදහ.


බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]