[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩුබද්දාව නැවකඩ සෙල්ගිරි විහාරයේ අභිනව ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

බක් අවඅටවක පෝය

බක් අවඅටවක පෝය අප්‍රේල් 26 වන දා සිකුරාදා අපර භාග 02.40 ට ලබයි. 27 වන දා සෙනසුරාදා අපර භාග 05.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 26 වන දා සිකුරාදාය.

මීළඟ පෝය මැයි 04 වනදා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

ධර්ම දේශනාව:

සුගති සැප ලබා දෙන ඡත්ත මානවක ගාථා

 

බුදුරජාණන් වහන්සේ විවිධ ස්වරයන්ගෙන් හා විවිධ උපමා උපමේය ක්‍රමයන් භාවිත කරමින් ධර්මය දේශනා කර ඇත. ධර්ම දේශනා ක්‍රම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඒ බව පැහැදිලි වේ. විශේෂයෙන් ධර්ම දේශනා කිරීමේ දී ශ්‍රාවකයාට තේරුම් ගැනීමට පහසු වනු වස් විවිධ ක්‍රම උපයෝගී කරගෙන ඇත. ඒවා පුද්ගලානුරූපව හා ස්ථානුරූපව විවිධ අයුරින් දේශනා කොට ඇති බව පැහැදිලි වේ. එහිදී විශේෂ කරුණු හතරක් පිළිබඳ අවධානය යොමු කොට ඇත. එනම් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් කරුණු පැහැදිලි කරදීම (පටිපුච්ඡා ව්‍යාකරණීය), යම් ප්‍රකාශයකට ඍජුව ම පිළිතුරු දීම ( එකංස ව්‍යාකරණීය) ,කොටස් වශයෙන් බෙදා විස්තර කරදීම (විභජ්ජ ව්‍යාකරණීය), නොවැදගත් ප්‍රශ්න ඉවත් කරලීම (ඨපනීය) යනුවෙනි මෙලෙස ධර්ම දේශනා කිරීමේදී මුල, මැද, අග යහපත් වීමත්, ව්‍යඤ්ජන සහිත වීමත්, හුදෙක් අංග සම්පූර්ණ වීමත් සිදු වනු ඇත. ඉහත මතක් කළ සුවිශේෂී කරුණු හතරට අමතරව තවත් කරුණු හතරක් පිළිබඳ සඳහන් වේ.තමන් වහන්සේගේ අදහස අනුව (අත්තජ්ඣාසය), අසා සිටින්නාගේ අදහස අනුව ( පරජ්ඣාසය ), අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කිරිම (පුච්ඡාවසික), යම් කරුණක් අරමුණු කොට ගෙන දේශනා කිරීම (අට්ඨුප්පත්තික). බුදුරජාණන් වහන්සේ ඉහත කරුණුවලට අනුව ඒ ඒ පුද්ගලයින් අරමුණු කොටගෙන ධර්මය දේශනා කොට ඇත. එම ධර්මය ගාථා හා කථා විලාශයෙන් උපමා උපමේය භාවිත කොට දේශනා කළහ. නමුදු සංගීත ස්වරයක් ධර්මය දේශනා කිරීමේ දී අනුගමනය කොට නැත.  

 

පුද්ගල දියුණුවට වැදගත් වන පූර්ව නිගමන


බුද්ධිමත්, අවබෝධ පූර්වක පුද්ගලයා සමාජයට ඇඟිල්ල දිගු කිරීමට පෙර තමා දෙසට නැඹුරු කරමින් තමාගෙන් සිදුවූ අඩුපාඩු සියල්ල සිතයි. යහපත අයහපත වරද නිවරද මනාව අවබෝධ කරගැනීමට උනන්දු වෙයි. එය මඟ හරවා ගනිමින් නිවැරැදි වීමේ මාවත තමාගෙන්ම ආරම්භ කරයි. තමා තරම් අන්‍යයා අවංක ද නැත. එසේම තමා තරම් අන්‍යයා වංචනික ද නැත. යන පූර්ව නිගමනය පුද්ගල දියුණුවට අතිශයින් වැදගත් වෙයි."  අප ජීවත්වන සමාජ පරිසරයේ ම එකට ජීවත්වන්නාවූ පුද්ගලයන් මැනවින් දැන හඳුනාගැනීම තමාගේ ප්‍රයෝජනය සඳහා ද ජීවත්වීමේ පහසුව සඳහා ද හේතු වේ. අපට එදිනෙදා හමුවන පුද්ගලයන් නිවැරැදිව හඳුනාගන්නට බොහෝ කාලයක් ගත වෙයි. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අවජානාති සූත්‍රයේ ද පුද්ගලයන් පස්දෙනෙකු පිළිබඳව දේශනා කළ සේක. එම පුද්ගලයන් පස්දෙනාගේ ගති ස්වභාවය සොයා බැලිය යුතු ය. ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඔබට ද වැදගත් වන්නේ ඇතැම් විටෙක ඔබ ද ඒ අතර සිටිනවා විය හැකි නිසා ය. එසේ නොවන්නේ නම්, සමාජයේ අන් අය පිළිබඳව ද අවබෝධයක් ලබා ගැනීම පිණිස ද මෙය ඔබට වැදගත් වනු ඇත.

 

බුද්ධ භාෂිත ත්‍රිපිටකය

 

බුදුරජාණන් වහන්සේට අග්‍රෝපස්ථායක වෙමින් පන් විසි වසක් කටයුතු කළ අනද මහ තෙරුන් අර්හත්වය ලබා ප්‍රකාශිත පී‍්‍රති ගාථා අතර තමන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් ද ක්‍රියා කරමින් ආරක්ෂා කරගත් බුද්ධ භාෂිතය නම් කවරේදැයි හෙළි කරමින් කළ සඳහනක් ආනන්දථෙර ගාථාවෙහි ඇතුළත් වේ. එහි දැක්වෙන පරිදි ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් දෙඅසූ දහසක් ධර්මස්කන්ධය උගත් අතර භික්ෂූන් වහන්සේගෙන් ධර්මස්කන්ධ දෙදහසක් උගත්හ. ඒ අනුව සුවාසු දහසක් ධර්මස්කන්ධයෝ ධර්මභාණ්ඩාරිකයන් වහන්සේ විසින් ප්‍රගුණ කරවනු ලැබූහ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව කොපමණ ප්‍රමාණයක් ද යන පැනයට පිළිතුරු ලබාගැනීමේ දී පෙළෙහි ඇතුළත් එම ප්‍රකාශය ඉතා වැදගත් සාක්ෂියකි. එමෙන් ම ප්‍රථම ධර්ම මහාසංගීතිය පිළිබඳ තොරතුරු ඇතුළත් පැරැණිම ලේඛනය වන චුල්ලවග්ගපාලි පඤ්චසතිකඛන්ධයකට අනුව අධර්මවාදී හා අවිනයවාදී පිරිස්වලින් ඛුද්ධ භාෂිතයට එල්ල වියහැකි තර්ජනවලින් එය ආරක්ෂා කරගැනීම සඳහා කථිකාවක් ඇති කරගත් පන්සිය නමක් මහරහතන් වහන්සේලා තෙමසක් පුරා උපාලි මහරහතන් වහන්සේගේ හා ආනන්ද මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් බුද්ධ භාෂිත වූ ධර්ම විනය ද්වය සංගායනා කර එහි අනාගත ආරක්ෂාව සඳහා ද වැඩපිළිවෙලක් යෙදූහ. මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන සමන්තපාසාදිකා නම් විනයට්ඨකථා බාහිර නිදාන වර්ණනාවත් සුමංගලවිලාසිනී නම් දීඝනිකායට්ඨකතා නිදාන කතාවත් ප්‍රථම ධර්ම මහා සංගීතියේ දී සංගායනාවට භාජනය වූ ධර්ම විනය නම් කවර කොටස්වලින් යුක්ත වී ද, ඒවා ආරක්ෂා කර ගැනීමේ වගකීම කවර සංඝ පරම්පරාවකට පවරන ලද්දේ ද යන වග පැහැදිලි කර තිබේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]