[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යටිගල්ඔලුවේ විමලරතන නාහිමි ජන්ම සමරුවදා පින්කම්

යටිගල්ඔලුවේ විමලරතන නාහිමි ජන්ම සමරුවදා පින්කම්

මාම්පිට ඓතිහාසික වළගම්බා පුරාණ ගල්ලෙන් රජමහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති හා භාරකාර - සතර කෝරළ මහ දිසාවේ, බෙලිගල් කෝරලේ ප්‍රධාන සංඝ නායක යටිගල්ඔළුවේ විමලරතනාභිධාන නා හිමියන්ගේ 50 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේගේ ආගමික, සාමාජික ජාතික සේවාවන් අගය කරමින් පින්කම් මාලාවක් පැවැත්විණි. පසුගියදා (19 – 20) මාම්පිට ඓතිහාසික වළගම්බා පුරාණ ගල්ලෙන් රජමහා විහාරයේ දී එම පින්කම් පැවැත්විණි.

විශේෂ ධර්ම දේශනයක් දැදිගම රජමහා විහාරාධිකාරී, අලුත්නුවර සුමණ හිමියන් විසින් ද අනතුරුව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විසින් නාහිමියන් වෙත සෙත් පිරිත් දේශනා කිරීම ද 20 වන දා උදේ 09.30 වසර 103 ක් පැරැණි අවුරුදු චාරිත්‍ර නිමාකර සිදුවෙන මල් පෙරහර 3 ක් ආරම්භ වීමද, උදේ 10.30 අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සුරතින් ඉදිකිරීම් රැසක් විවෘත කිරීමට ද නියමිතව තිබිණි.

වසර 18 කට පෙර අපවත් වී වදාළ මැදගොඩලන්ද ශ්‍රී සිද්ධාර්ථාරාමය, මාම්පිට ගල්ලෙන් රජමහා විහාරය යන විහාරද්වයාධිපති, මීදෙණියේ සීලරතනාභිධාන ලොකු හාමුදුරුවන් ඇතුළු පාලාගල, දඬුවලගනේ, කහඳව විහාර පරම්පරාවේ අපවත්වී වදාළ මහා සංඝරත්නයට පින්දී, මිය ගිය සියලු දායකයන්හට පින් පැමිණවීම ද බුද්ධ පූජාව පැවැත්වීම සහ 50 නමක් මහ සඟරුවන විෂයෙහි දානමය පින්කමක් ද පැවැත්විණි. දහම් පාසල් දරුවන්ට ඇඳුම් පරිත්‍යාග කිරීම ගිහි පින්වතුන් 2000කට දිවා ආහාරය පිරිනැමීම ආදී පින්කම් රැසක් එහිදී පැවැත්විණි.

බක් අවඅටවක පෝය

බක් අවඅටවක පෝය අප්‍රේල් 26 වන දා සිකුරාදා අපර භාග 02.40 ට ලබයි. 27 වන දා සෙනසුරාදා අපර භාග 05.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 26 වන දා සිකුරාදාය.

මීළඟ පෝය මැයි 04 වනදා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]