[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


බෞද්ධ කොඩියට වසර එකසිය තිස් හතරයි

1885 අපේ‍්‍රල් මස 28 වෙනි දින බෞද්ධ කොඩිය නිර්මාණය වූ අතර බෞද්ධ ධජය නිර්මාණය වී මේ මස 28 වෙනි දිනට වසර එකසිය තිස්හතරක් සම්පූර්ණ වේ. 1885 අපේ‍්‍රල් 28 වනදා වෙසක් පුර පසළොස්වක පෝදා කොටහේන දීපදුත්තාරාමයේ දී බෞද්ධ කොඩිය ප්‍රථම වරට එසවී ය. එදා සිටම ශ්‍රී ලංකාව ප්‍රධානව ලෝකයෙහි සෙසු බෞද්ධ රටවල ද බෞද්ධ ජනතාව වෙසෙන වෙනත් රටවල් තුළ දී ද සිදු කරන්නා වූ ආගමික කටයුතු වලදී බෞද්ධ උත්සවවලදී බෞද්ධ කොඩිය ඔසවයි. ඒ තුළින් බොදු බැතිය සිත් තුළ සනිටුහන් කරයි. බොදු ජනතාවගේ උතුම් පූජනීයත්වයට, ගෞරව බුහුමනට පත්ව ඇති බෞද්ධ කොඩිය දැකීමෙන් නෙත්සිත් පහන්වී බුද්ධාලම්බන පී‍්‍රතිය නිබඳව ම ලැබෙන්නේ ය.


මුගලන් මහරහතන් වහන්සේ

ගිහිකල කෝලිත නම් වූ මෙතුමා උපතිස්ස නම් පිරිවැජියාද සමඟ ගිරග්ගසමජ්ජ නාට්‍ය දර්ශනය බලා ගිහි ගෙය පිළිබඳ කළකිරී පැවිදි බව ලබා පසු කලෙක උපතිස්ස පිරිවැජියාගේ මූලිකත්වයෙන් බුදු සසුනේ මොග්ගල්ලාන හෙවත් මුගලන් නමින් පැවිදි බව ලබා සෘද්ධිමත් තෙරුන් වහන්සේලා අතර අගතැන්පත් විය. බුදුරදුන්ගේ වමත් සව් තනතුර ලැබූ උන්වහන්සේ දක්ෂ ධර්ම කථිකයන් වහන්සේ නමක් විය. අකුසල විපාකයක් හේතුවෙන් අනතුරට පත්ව කාලශිලාව නම් ස්ථානයේ දී උන්වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.


සස ජාතකය

පෙර බරණැස බඹදත් නම් රජකෙනකුගේ කාලයේ බෝසතාණෝ සාවෙක ªව උපන්හ. සාවා සිටි වනයෙහි වඳුරෙක්, සිවලෙක් හා දියකාවෙක් සිටියහ. ඉතා මිතුරු කමින් සිටි මේ හතරදෙනා දින දහයකට වතාවක් හමුවෙයි. සාවා මේ තිදෙනාට දන් දෙන්න, සිල් රකින්න යනුවෙන් අවවාද කරයි. බෝසතාණෝ ඒ වේලාවෙහි අහස බලා හෙට පොහෝ දින බැවින් පෙහෙවස් සමාදන්ව කාටහරි දන් දෙන්න යැයි කීහ.

පසු දින දියකාවා මාළු සොයා ගත්තේ ය. සිවලා ගොවියෙකුගේ ගෙදරකට ගොස් කිරි මුට්ටියක් සොයා ගත්තේ ය. වඳුරා ද මී අඹ පොකුරක් සොයා ගත්තේ ය. බෝසත් සාවා ආහාරයට ගන්නේ කොළ ය. ඔහුට දීමට යමක් නැත. ඔහු තම සිරුරෙහි තිබෙන මස් පුදමියි යනුවෙන් සිතී ය. මේ බව දැනගත් සක්දෙවිඳු බමුණු වේශයක් මවාගෙන දියකාවා වෙත ගියේ ය. දියකාවා බමුණාට තමා ළඟ තිබූ මාළු දුන්නේ ය. පසුව වඳුරා ළඟට ගියේ ය. වඳුරා අඹ දුන්නේ ය. ඒවා ද රැගෙන ඔහු සිවලා සමීපයට ගියේ ය. සිවලා ළඟ තිබූ කිරි මුට්ටියක් දුන්නේ ය. පසුව බමුණා සාවා ළඟට ගියේ ය. සාවා මාගේ මාංශ ආහාරයට ගන්න යනුවෙන් පවසා බමුණා මැවූ ගිනිගොඩට පැන්නේ ය.


ජීවිතය ජය ගනිමු

උදෑසනම සැරසී තුණුරුවන් වඳින්නයි
මව්පිය නැමදා පාසල් යන්නයි
පතපොත කියවා දැනුම ලබන්නයි
කීකරු දරුවන් ලොවට ලැබෙන්නයි

ඉගෙනුම ලබමින් ජීවිත ජය ගන්නයි
මව්පියන්ගේ සිත් සතුටු කරන්නයි
උගතෙකු වී හෙට දින ලොව ජය ගන්නයි
දියුණුව දකිමින් ඉදිරියටම යන්නයි


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

493 දෙහෙරගොඩ සුමංගල හිමි
2 වසර
ශ්‍රී පුඤ්ඤානන්ද පිරිවෙන – ගිරිඋල්ල

494 ගොඩකවෙල සුවිනීත හිමි
2 ශ්‍රේණිය
ශ්‍රී සුමන සාමණේර ආයතනය – වෙහෙරයාය

495 බී.බී. ඉෂානි ලක්ෂිකා,
08 ශ්‍රේණිය,
ශ්‍රී ගෝතමී දහම් පාසල – රිදීමාලියද්ද

496 ශෂිනි ලක්ෂානි
11 ශ්‍රේණිය,
බෞද්ධ කාන්තා විදුහල – කොළඹ

497 ගීත්මා ඔමත්දි පෙරේරා
09 ශ්‍රේණිය
ශාන්ත පාවුලු බාලිකා විදුහල – බම්බලපිටිය


අපේ බුදුහාමුදුරුවෝ
බොරලැස්ගමුව සෝමරක්ඛිත හිමි
02 වසර,
ප්‍රඥානන්ද මහ පිරිවෙන – මහරගම
නිවසේ පින්කමක්
ගීත් මින්සර
03 ශ්‍රේණිය
සුවිශුද්ධාරාම දහම් පාසල වැල්ලවත්ත

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න.

---------------------------------------------------------------

බෞද්ධ අපට වෙසක් පොහොය ඉතා වැදගත් පොහොයකි. වෙසක් පොහොය පිළිබඳව නිර්මාණාත්මකව කෙටියෙන් ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහි දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා දහම් පඬුරක් පිරි නැමේ.

බක් අවඅටවක පෝය

බක් අවඅටවක පෝය අප්‍රේල් 26 වන දා සිකුරාදා අපර භාග 02.40 ට ලබයි. 27 වන දා සෙනසුරාදා අපර භාග 05.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 26 වන දා සිකුරාදාය.

මීළඟ පෝය මැයි 04 වනදා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]