[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

  ශ්‍රී පාදස්ථානය

 

සිරිපා වන්දනාව

අධ්‍යාත්මික සුවය සඳහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය පිහිටි ශ්‍රී පාදස්ථානය වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්, සැදැහැවතුන් ඉමහත් ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් මහත් ඇපවීමෙන්, කැපවීමෙන්, පේවීමෙන් සමනලගිර සුමන සමන් දෙවිඳුගේ ආශීර්වාදයෙන් කරුණා කරයි. ශ්‍රී පාදස්ථානය, පලාබත්ගල විහාරය, නල්ලතන්නිය, බෞද්ධාරාමය, ගල්පොත්තාවල ශ්‍රී පාද රාජ මහා විහාරය, රත්නපුර පොත්ගුල් රජ මහා විහාරය හා පැල්මඩුලු පුරාණ දාගැබ් රජමහා විහාරය යන විහාර ගණයේ අධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ධර්මකීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආගමික, ශාසනික, සාමාජික නිහඬ මෙහෙවරක නිරත යතිවරයන් වහන්සේ නමක් වේ. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සබරගමුවැසි ප්‍රාදේශීය නායක වූ සුමන සමන් දෙවියන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් රහතන් වහන්සේ පන්සිය නමක් සමඟ වැඩමවා සමනලගිරි මුදුනෙහි ශ්‍රී පාද පත්මය පිහිටුවා වදාළහ. ලෝකවාසී මනුෂ්‍යයන්ගේ ගෞරවයට පත්ව ඇති උතුම් ශ්‍රී පාදස්ථානය සම්‍යග් දෘෂ්ටික මනුෂ්‍යයන්ගේ පමණක් නොව අන්‍ය දෘෂ්ඨික අය ද තම තමන්ගේ දෙවියන් ලෙස ගෞරව දැක්වීම ට පෙළඹෙති. අති දුෂ්කර ගමනක යෙදී වන්දනාවට පැමිණීම ම මහත් අසිරියකි. ඉතා අනුහසින් යුක්ත පූජනීය පුදබිමකි. මුහුදු ගමන්වල යෙදුනු විදේශිකයන්ට දර්ශනය වූයේ ද ශ්‍රී පාද පත්මය පිහිටි සමන්තකූට පර්වතය යි. මනුෂ්‍යයන්ගේ පමණක් නොව දෙවියන්ගෙන්ද පිදුම් ලබන ශ්‍රී පාදස්ථානය අසිරිමත් පුදබිමකි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]