[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සඳකඩ සෙල්ගිරි විහාරයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

උඩුබද්දාව නැවකඩ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

සෙල්ගිරි විහාරයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ සැදැහැති ජනතාවගේ වන්දනාවට නිරාකරණය කෙරේ. හෙළ රජ දවස හෙළ කලාකරුවා කළ විශ්මිත නිර්මාණ තුළින්, අපේ රටේ ප්‍රෞඪත්වය ලොවට ම කියාපායි. එසේ කළ නිර්මාණ අතර අහස්කුස සිප ගන්නා තරම් මහ සෑ රදුන් වහන්සේලා මෙන්ම සිත් පිත් නැති මහ කළුගල්වල කළ මෙත් කරුණා ගුණ පිළිබිඹු කරන අසිරිමත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා විශේෂී වේ. හෙළ කලා ශිල්ප ඇතුළු ආගමික නිර්මාණ සහ කෘෂිකාර්මික පරිසරයෙන් රට ස්වයංපෝෂිත කළ මහ වැව් අමුණු ද ඒ අතර ප්‍රධාන තැනක් ගනී. රටේ අසිරිය විදහා දැක්වෙන එබඳු සුවිසල් නිර්මාණ කරවා වසර සිය දහස් ගණනක් ගෙවී ගියද, ඒවා අද පවා රටේ ඓතිහාසිකත්වය විදහා දක්වනු ලැබේ. එදා මෙන් අදත් මතුවටත් අපේ රටේ සංස්කෘතිය ලොවට කියාපාන ඓතිහාසික නිර්මාණ අසලට ගිය විට ගතට සිතට දැනෙනුයේ මහත් අස්වැසිල්ලකි. අතීත මුතුන් මිත්තන් දවස කළ ඒ සුවිසල් නිර්මාණයන් දැක බලා ගන්නට පැවතීම පවා මහත් වාසනාව කි. එදා කළ ඒ නිර්මාණ පිළිබඳ සතුටුවනවා මෙන්ම මෙකල ද අප කළයුතු වටිනා යුතුකමක් ඇත. එනම් මෙකල වෙසෙන අප ද අනාගතයට ද සුරැකිව පවතින මහ නිර්මාණ කළ යුතුව ඇත. ඒ රටේ අනාගතයට ඒකරාශී වන ඓතිහාසික නිර්මාණ වන හෙයිනි.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]