[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාත්‍යන්තර කාම්බෝජ බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව බුද්ධ මන්දිරය මාර්තු 09 දින ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලද අවස්ථාව.

ත්‍රිපිටකාභිවන්දන සතිය 16 – 23 දක්වා

උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව 23 වන දා

වසර 2500කට අධික කාලයක සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකා භික්ෂු පරම්පරාවේ නොමද දායකත්වය සහිතව සුරක්ෂිතව විදහා දක්වමින්, රාජ්‍ය අනුග්‍රහයෙන් රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරැදි ලෙස ආරක්ෂා කොට දායාද කිරීමේ අරමුණින්, මහා සංඝරත්නයේ උපදෙසින් හා මඟ පෙන්වීමෙන් ථෙරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පසුගිය දා (2019.01.05 ) ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීම බෞද්ධයා ලද සුවිශේෂී භාග්‍යයකි. මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස මහා සංඝරත්නයේ අනුශාසනාවෙන්, ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාවට හිමි ප්‍රමුඛස්ථානයේ වගකීම මතකයට නංවමින් ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව පසුගියදා (2019.01.13 ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීමට 2019 මාර්තු 16 වන දින සිට 2019 මාර්තු 23 දක්වා කාලය ශ්‍රී ත්‍රිපිටක අභිනන්දන සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ‘ශ්‍රී ත්‍රිපිටක අභිනන්දන’ සතිය සමරා රට පුරා තිබෙන බෞද්ධ සිද්ධස්ථානවල, මංමාවත්, රජයේ ආයතන හා පෞද්ගලික ආයතන, නිවාස හා වාහන ධජ පතාකවලින් සැරසිය යුතු ය. තවද දහම් පාසල්වල ත්‍රිපිටකාභිවන්දනා’ සතිය බැනර් ප්‍රදර්ශනය, විදේශ රටවල ප්‍රචාරන වැඩසටහන්, ශබ්ද පූජා, පිණ්ඩපාත දානමය පින්කම්, පාසල් හා පිරිවෙන් වැඩසටහන්, ජනපති සදහම් යාත්‍රා පෝ දින වැඩසටහන, ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශන ආදිය සිදු කිරීමට නියමිත ය.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]