UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම සමරුව දා පින්කම්

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වන ජන්ම සමරුව නිමිත්තෙන් (21) ඉකුත් දා ලේක්හවුස් මන්දිරයේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විණි. එහිදී කොළඹ හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ අනුශාසනාව සිදු කළහ. විජය පුවත්පත් ආයතනයේ සභාපති රංජිත් විජයවර්ධන මහතා විසින් මහ සඟරුවන වෙත දැහැත් වට්ටිය පිළිගන්වා පිරිත් දෙසුමට ආරාධනා කළේ ය. ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා විසින් සධාතුක කරඬුව වෙත ගිලන්පස පූජා කළ අතර පුෂ්ප පූජාව ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා සිදු කළේ ය. අධ්‍යක්ෂවරුන් වන දුෂ්මන්ත බස්නායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලලිත් අලහකෝන්, මොහාන් රේ අබේවර්ධන මහත්වරු සහ උමා රාජමන්ත්‍රී මහත්මියද සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය....

ඉතිරිය»

දරණාගම කුසලධම්ම හිමි ගුණ සමරුවට මහ බෝ මහ සෑ වන්දනා පින්කමක් මාර්තු 2, 3

බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම මහ බෝ මහ සෑ වන්දනා පින්කම මාර්තු මස 02, 03 දිනවලදී අනුරාධපුර අටමස්ථාන පුණ්‍ය භූමියේ දී පැවැත්වේ. මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමි, ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍ය පියදස්සි නා හිමි, පූජ්‍ය පානදුරේ අරියධම්ම මාහිමියන් වෙත පුණ්‍යානුමෝදනා කිරීම ද ලක්වැසි සැමට ආශීර්වාද පැතීම ද අරමුණෙන් එම පින්කම් මාලාව බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ශ්‍රී....

ඉතිරිය»

ධර්ම දේශනාව:

ආහාර අනුභවයෙහි පරමාර්ථය

ජිගච්ඡා පරමා රොගා
සංඛාර පරමා දුඛා
එතං ඤත්වා යථා භූතං
නිබ්බාණං පරමං සුඛං

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලව් නුවර අග්ගාලව වෙහෙර වැඩවසන සමයෙක එක්තරා උවසුවෙක් අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. අලව් නුවර ඉසුරෙන් සපිරුණු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තියෙන් හා අවබෝධයෙන් යුත් ජනයාගෙන් ගහණ නගරයකි. අප බුදුරදුන් දෙව්රම් වෙහෙර වැඩ සිට අලුයම් වේලෙහි ලොව බලා වදාරණ සේක්, දුකසේ දිවි රැක ගන්නා, එහෙත් සදහම් අවබෝධයට වාසනා මහිමය ඇති මිනිසෙකු දුටුසේක. දුගී දුප්පත් වුව ද, දැහැමි දිවිපැවැත්මෙන් උදාර වූ මෙම තැනැත්තාගේ වාසනා මහිමය මෙන්ම සෙසු ජනතාවගේ හිතසුව පිණිස ද අප බුදුරජාණන් වහන්සේ පන්සියයක් ශ්‍රාවකයන් වහන්සේලා පිරිවර කොට අලව් නුවරට වැඩම වා වදාළ සේක. අලව් නුවර ජනතාව බුදු පාමොක් මහ සඟනට පෙරහර පුද පූජාවන්ට සූදානම් වූහ.

ඉතිරිය»

සසුන් කෙත එකලුකිරීමට අමිල මෙහෙයක් කළ ධර්ම සන්නිවේදකයාණෝ

පුර පසළොස්වක, අව අටවක, අමාවක සහ පුර අටවක යනුවෙන් පොහොය දින සතරක් මසකට ඇතුළත් වේ. දොළොස් පොහොය යනුවෙන් ව්‍යවහාරයේ පවතිනුයේ දොළොස් මහට ම උදාවන පුර පසළොස්වක පොහොය දින දොළහ වේ. සතර පොහොය දෙස බලනවිට මසකට පොහොය දින සතර බැගින් වසරකට සාමාන්‍ය පොහොය දින හතළිස් අටක් පවතින බව බෞද්ධ ජනතාව වෙත වෙසෙසින් පැහැදිලි කළ යුතු නොවේ. තාක්ෂණයෙන් පෝෂණය වූ සන්නිවේදනය මෙතරම් දියුණුව නොපැවැති අතීත මුතුන්මිත්තන් දවස මසකට පොහොය සතර තුළදීම ආගමික වතාවත්වල නිරත විය නොහැකි වූ අය පසළොස්වක සහ අමාවක පොහොය දිනවලදී හෝ ආගමික වතාවත්වල නිරතුරුව නිරත වෙමින් ස්වකීය ජීවිතය අධ්‍යාත්මික නැඹුරුව කෙරෙහි යොමු කරවීමට උත්සාහ දරා ඇත.

ඉතිරිය»

කාළුදායි ඇමැති ඇතුළු පිරිස බුදුරදුන් හමුවීම

 

නවම් අව අටවක පෝය


නවම් අව අටවක පෝය පෙබරවාරි 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.46 ට ලබයි. 27 වන දා බදාදා පූර්වභාග 05.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වන දා අඟහරුවාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]