UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සසුන් කෙත එකලුකිරීමට අමිල මෙහෙයක් කළ ධර්ම සන්නිවේදකයාණෝ

පුර පසළොස්වක, අව අටවක, අමාවක සහ පුර අටවක යනුවෙන් පොහොය දින සතරක් මසකට ඇතුළත් වේ. දොළොස් පොහොය යනුවෙන් ව්‍යවහාරයේ පවතිනුයේ දොළොස් මහට ම උදාවන පුර පසළොස්වක පොහොය දින දොළහ වේ. සතර පොහොය දෙස බලනවිට මසකට පොහොය දින සතර බැගින් වසරකට සාමාන්‍ය පොහොය දින හතළිස් අටක් පවතින බව බෞද්ධ ජනතාව වෙත වෙසෙසින් පැහැදිලි කළ යුතු නොවේ. තාක්ෂණයෙන් පෝෂණය වූ සන්නිවේදනය මෙතරම් දියුණුව නොපැවැති අතීත මුතුන්මිත්තන් දවස මසකට පොහොය සතර තුළදීම ආගමික වතාවත්වල නිරත විය නොහැකි වූ අය පසළොස්වක සහ අමාවක පොහොය දිනවලදී හෝ ආගමික වතාවත්වල නිරතුරුව නිරත වෙමින් ස්වකීය ජීවිතය අධ්‍යාත්මික නැඹුරුව කෙරෙහි යොමු කරවීමට උත්සාහ දරා ඇත. ධර්ම සන්නිවේදනය අතීතයේ දී බොහෝ විට සිදු වූයේ ගමේ පන්සලේ ධර්ම ශාලා මන්දිරය කේන්ද්‍රකර ගනිමිනි. පොහොයට පෙහෙවස් සමාදන්ව ගම්වැසියන් පන්සලේ ධර්ම ශාලාවේ පැවැති ආගමික කටයුතුවලට යොමු වූහ. ඒ අතර පිරිසේ වැඩිහිටියන් ජාතක පොත් වහන්සේ කියවීම, නැතහොත් පිරුවානා පොත් වහන්සේ කියවීම නිරන්තරයෙන් සිදු වූවකි.

ඉතිරිය»

 

නවම් අව අටවක පෝය


නවම් අව අටවක පෝය පෙබරවාරි 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.46 ට ලබයි. 27 වන දා බදාදා පූර්වභාග 05.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වන දා අඟහරුවාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]