UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ආහාර අනුභවයෙහි පරමාර්ථය

ජිගච්ඡා පරමා රොගා
සංඛාර පරමා දුඛා
එතං ඤත්වා යථා භූතං
නිබ්බාණං පරමං සුඛං

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලව් නුවර අග්ගාලව වෙහෙර වැඩවසන සමයෙක එක්තරා උවසුවෙක් අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. අලව් නුවර ඉසුරෙන් සපිරුණු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තියෙන් හා අවබෝධයෙන් යුත් ජනයාගෙන් ගහණ නගරයකි. අප බුදුරදුන් දෙව්රම් වෙහෙර වැඩ සිට අලුයම් වේලෙහි ලොව බලා වදාරණ සේක්, දුකසේ දිවි රැක ගන්නා, එහෙත් සදහම් අවබෝධයට වාසනා මහිමය ඇති මිනිසෙකු දුටුසේක. දුගී දුප්පත් වුව ද, දැහැමි දිවිපැවැත්මෙන් උදාර වූ මෙම තැනැත්තාගේ වාසනා මහිමය මෙන්ම සෙසු ජනතාවගේ හිතසුව පිණිස ද අප බුදුරජාණන් වහන්සේ පන්සියයක් ශ්‍රාවකයන් වහන්සේලා පිරිවර කොට අලව් නුවරට වැඩම වා වදාළ සේක. අලව් නුවර ජනතාව බුදු පාමොක් මහ සඟනට පෙරහර පුද පූජාවන්ට සූදානම් වූහ. මේ අතර දුප්පත් ගොවියෙකුගේ ගවයෙකු පලාගොස් ඇති බැව් දැනගෙන එම ගවයා සොයා ගොස් ගෙනවුත් ගාලේ බැඳ තබා දවල් වීමෙන් බුදු පුදයට කල්ගත වූ බැවින් සා පිපාසාවෙන් හා මහන්සියෙන් පීඩිතව එහෙත් බලවත් ශ්‍රද්ධාවෙන් වහා වෙහෙරට ගොස් බුදුරදුන් වැඳ එකත් පස්ව හුන්නේ ය. බුදුරජාණන් වහන්සේ ද ඔහුගේ තත්වය දැනගෙන මහාසංඝයා වහන්සේ වළඳා ඉතිරි ආහාර ඔහුට දෙන්නට නියම කළ සේක. ගොවියා ද අවස්ථාවේ හැටියට එම ආහාර ගෙන සා පිපාසා නිවා ගත්තේය.

ඉතිරිය»

 

නවම් අව අටවක පෝය


නවම් අව අටවක පෝය පෙබරවාරි 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.46 ට ලබයි. 27 වන දා බදාදා පූර්වභාග 05.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වන දා අඟහරුවාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]