UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම නිකිණි පුර පෝදා
මිහින්තලා පුද බිමේදී පැවැත්විණි

 

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම ඉකුත් නිකිණි පුර පසළොස්වක පෝදා මිහින්තලා පුද බිමේදී පැවැත්විණි. හින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මාසිකව පැවැත්වෙන එම පින්කමෙහි මෙවර දායකත්වය වැල්ලවත්තේ පියනන්ද සමාජ සේවා පදනම මගින් දරනු ලැබීය. වැල්ලවත්ත සමාජ සේවා පදනමේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති කිරිවැල්දොළ පියනන්ද නා හිමියන්ගේ මෙහෙයවීමෙන් ගෝනාපීනුවල චන්දනන්ද හිමියන් විසින් සැදැහැති පිරිසකගේ දායකත්වයෙන් එය සංවිධානය කරන ලදී.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පි‍්‍රය වචන කතා කරමු

මිනිසාට නෙත් යුවළක් හා දෙසවනක් ලැබී ඇත. ඒ විමසුම් නුවණින් යමක් දෙස බැලීමටත්, යමකු ප්‍රකාශ කරන දෙයට කල්පනාකාරීව සවන් යොමු කිරීමටත් ය. එහෙත් ඔහුට ඇත්තේ එක මුවක් හෙවත් කටක් පමණි. මුඛය මිනිසාට ලැබී තිබෙන ඉතා වටිනා වූත්, තීක්ෂණ වූත් ඉන්ද්‍රියයකි. මුඛය ලැබී තිබෙන්නේ ප්‍රධාන කාර්යයන් දෙකක් කිරීමටය.ශරීරයට ආහාර ඇතුළු කිරීම එක කාර්යයකි. අදහස් ප්‍රකාශ කිරීම හෙවත් කථා කිරීම අනෙක් කාර්යයයි. මෙම කාර්යයන් දෙකම නිවැරැදිව නොකළහොත් ලැබූ මිනිස් ජීවිතයේ වටිනාකම ගිලිහිී යයි. ආහාර ගැනීමේ දී අප ප්‍රවේශම් විය යුත්තේ කායිකව ඇතිවන ආබාධ අවම කර කය නිරෝගීව තබා ගැනීම පිණිස ය. කතා කිරීමේ දී තමා පිට කරන භාෂාව පිළිබඳව ආහාර ගැනීමේ ක්‍රියාවලියට වඩා වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් ය. එක මුවක් පමණක් ලබා දී ඇත්තේ සීමා සහිතව වචන ප්‍රකාශ කිරීමට ය. කියන දෙය නිවැරැදිව අර්ථවත්ව හා පි‍්‍රය උපදවන පරිදි ප්‍රකාශ කිරීමටය. අක්‍රමවත් ලෙස ආහාර භාවිතය නිසා වන හානියට වඩා මුවෙන් ගිලිහෙන වචන අශීලාචාර වුවහොත් තමාටත් අනුන්ටත් වන අයහපත බරපතළ නිසා ය.

ඉතිරිය»

පිනයි කුසලයයි දෙකම එකක් ද?

 

බුදුදහමෙහි පින සහ කුසලය දෙකක් වශයෙන් භාවිත වේ. නමුත් සමාන්‍ය ජනතාව විසින් එය එකක් වශයෙන් පිළිගනු ලැබේ. සාමාන්‍ය පිරිස අතර එක අරුතක් සඳහා යෙදෙන වචන දෙකක් ලෙස විශ්වාස කෙරේ. පින් පව් දෙක ම එක සමාන ය. සංසාර ගමන දිගුකිරීමට එය හේතු වේ. පව් වැඩි පුද්ගලයා සසර ගමනේ දී දුක් විඳිමින් සසර සැරිසරයි. පින් වැඩි පුද්ගලයාට ද සසර දිග් ෙවි. ඔහු කළ පින් හේතුකොට සැප විපාක ලබමින් සසර සැරිසරයි. පින් කිරීම සඳහා ඇතැම් විට මිල මුදල් මෙන් ම පිරිස ද අවශ්‍ය වේ. පින් පව් ඇත්තේ ද සමාජය තුළ ය. සමාජයේ යහපත් යැයි සම්මත ක්‍රියා පින් වශයෙන් ද, අයහපත් යැයි සලකනු ලබන ක්‍රියා පව් වශයෙන් ද වර්ග කළ හැකි ය. යහපත් ප්‍රතිඵල ලබාදෙන යහපත් ක්‍රියා පින් ය. අයහපත් විපාක ලබාදෙන අයහපත් ක්‍රියා පව් ය. ක්‍රියාව යහපත් හෝ අයහපත් දැයි තීරණය කරනු ලබන්නේ සමාජයය. . සමාජ සම්මතය අනුව බැලීමේ දී පුද්ගලයා විසින් කරනු ලබන පින් පව් ක්‍රියා මූලික වශයෙන් කොටස් හතරකට බෙදා දැක්විය හැකි ය.

ඉතිරිය»

පින්බර වස්සානයේ කතාව

 

හේමන්ත ගිම්හාන හා වස්සාන යනුවෙන් ඍතු තුනකි. මින් නොවැම්බර් මස මුල පටන් පෙබරවාරි මස අග දක්වා ඇති සාර මාසය හේමන්ත ඍතුව හැටියටත් මාර්තු මස මුල පටන් ජුනි මස අග දක්වා ඇති සාර මාසය ගිම්හාන ඍතුව හැටියටත් පිළිගැනෙන අතර ජුලි මස මුල පටන් ඔක්තොම්බර් මස අග දක්වා ඇති සාර මාසය වස්සාන ඍතුව වශයෙනුත් සැලකේ. වස්සාන ඍතුව පුරා එක දිගට වැසි හට ගනියි. එය එක් අතකින් සත්ත්ව ප්‍රජාවට යහපත් කාල පරිච්ඡේදයක් වනවාක් මෙන් ම අනෙක් අතින් කරදරකාරි වකවානුවක් ද වේ. විවිධ පක්ෂිහු මෙන් ම සිවුපාවෝ ද මේ කාලය තුළ තම ලැගුම් හල් තුළට වී කල් යවති. මනුස්ස ප්‍රජාව තම ගමන් බිමන් පවා අඩු කරති. භික්ෂූන් වහන්සේලා එම කාල වකවානුව පෙර පරිදි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ අයුරින්, ධාරානිපාත වැසි නොතකා දහම් චාරිකාවෙහි හැසිරෙති. ගෙපිළිවෙලින් පිඩු සිඟා වඩිති. මේ හේතුවෙන් වැස්සට මැනවින් වැඩෙන නිල් තණ කොළ පාද ස්පර්ශ වීමෙන් පොඩි වෙති.

ඉතිරිය»

සුජාතාව සහ යෙහෙළිය
උපාසිකාවන් වීම

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]