UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිනයි කුසලයයි දෙකම එකක් ද?

පිනයි කුසලයයි දෙකම එකක් ද?

බුදුදහමෙහි පින සහ කුසලය දෙකක් වශයෙන් භාවිත වේ. නමුත් සමාන්‍ය ජනතාව විසින් එය එකක් වශයෙන් පිළිගනු ලැබේ. සාමාන්‍ය පිරිස අතර එක අරුතක් සඳහා යෙදෙන වචන දෙකක් ලෙස විශ්වාස කෙරේ.

පින් පව් දෙක ම එක සමාන ය. සංසාර ගමන දිගුකිරීමට එය හේතු වේ. පව් වැඩි පුද්ගලයා සසර ගමනේ දී දුක් විඳිමින් සසර සැරිසරයි. පින් වැඩි පුද්ගලයාට ද සසර දිග් ෙවි. ඔහු කළ පින් හේතුකොට සැප විපාක ලබමින් සසර සැරිසරයි. පින් කිරීම සඳහා ඇතැම් විට මිල මුදල් මෙන් ම පිරිස ද අවශ්‍ය වේ. පින් පව් ඇත්තේ ද සමාජය තුළ ය. සමාජයේ යහපත් යැයි සම්මත ක්‍රියා පින් වශයෙන් ද, අයහපත් යැයි සලකනු ලබන ක්‍රියා පව් වශයෙන් ද වර්ග කළ හැකි ය. යහපත් ප්‍රතිඵල ලබාදෙන යහපත් ක්‍රියා පින් ය. අයහපත් විපාක ලබාදෙන අයහපත් ක්‍රියා පව් ය. ක්‍රියාව යහපත් හෝ අයහපත් දැයි තීරණය කරනු ලබන්නේ සමාජයය. . සමාජ සම්මතය අනුව බැලීමේ දී පුද්ගලයා විසින් කරනු ලබන පින් පව් ක්‍රියා මූලික වශයෙන් කොටස් හතරකට බෙදා දැක්විය හැකි ය.

යහපත් චේතනා සහිත යහපත් ක්‍රියා, යහපත් චේතනා සහිත අයහපත් ක්‍රියා, අයහපත් චේතනා සහිත යහපත් ක්‍රියා, අයහපත් චේතනා සහිත අයහපත් ක්‍රියා වශයෙනි.

පුද්ගලයා කරනු ලබන ක්‍රියා පින් ද, පව් ද වශයෙන් තීරණය කරනු ලබන්නේ සමාජය විසිනි. ඇතැම් පුද්ගලයන් විසින් කරනු ලබන අකුසලය ද සමාජය ඇතැම් විට පිනක් වශයෙන් තීරණය කරන අවස්ථා ද වේ. එයට හේතුව පුද්ගල චේතනාව සමාජයට දෘෂ්‍යමාන නොවීම ය. ක්‍රියාව පමණක් දක්නට ලැබේ. පින සහ පව තීරණය කිරීමට බාහිර ක්‍රියාව පමණක් එකම මිණුම් දණ්ඩ ලෙස භාවිත වේ.

කුසලය එසේ නොවේ. එය ඇතැම් විට සමාජයට දෘෂ්‍යමාන නොවේ. පුද්ගල අභ්‍යන්තරයේ පවතින ලෝභ දේවේෂ මෝහ යන අකුසල මුල් දුරුකරහැරීම පිණිස ගනු ලබන උත්සාහයන් කුසල් වශයෙන් දැක්විය හැකි ය. මේවා බාහිර සමාජයට බොහෝ විට දක්නට නො ලැබේ. එය තමාගේ සිත පමණක් දන්නා වූ කාරණාවකි. කුසල් අවශ්‍යවන්නේ සසර සැප ලබා ගැනීමට නොව සසරින් එතෙරවීම පිණිස ය. සත්ත්වයා සංසාරයේ බැඳ තබන්නේ අකුසල් මූලයන් මඟිනි. අකුසල මූලයන් සිඳලූ සියලු පුද්ගලයන් සසර නැවත නැවත උප්පත්තියක් ලබන්නේ නැත. පින් කිරීමට සෙනඟ අවශ්‍ය වුව ද, කුසල් කිරීමට එසේ නොවේ. එය සඳහා පිරිස් අවශ්‍ය නැත. හුදකලාව එය කළ හැකිය. පුද්ගලයකුට පින් තිබීම ඔහුගේ ජීවිතය ප්‍රබලව ශක්තිමත් වීමට හේතු වේ. සමාජ ගෞරව, නිල තල, නම්බුනාම, කීර්ති ප්‍රසංසා ලැබේ. පෙර පින් තිබීම දියුණුවට ප්‍රධාන සාධකයක් වන බව මහා මංගල සූත්‍රයේ ද සඳහන් ව ඇත. පිනට වඩා වැඩි ශක්තියක් පිරි කුසල් වඩාත් ප්‍රබල ය. යම් පුද්ගලයකු කළ පවු නැති කර ගැනීම සඳහා පින් කළ නොහැකි ය. නමුත් කුසල් කිරීමෙන් කළහැකිය. ඒ පිනට වඩා කුසලය බලවත් නිසා ය.

සසර පුරා සැප සම්පත් විඳිමින් සැරිසරන්නට රුචි පුද්ගලයාට පින්කිරීම වඩාත් ප්‍රයෝජනවත් ය. සසර ගමන නිමා කිරීමට රුචි පුද්ගලයා පින් කරන ගමන් ම කුසල් කළ යුතුය. කුසල් යනු ලෝභ ද්වේෂ මෝහ යන අකුසල ධර්මයන් නැතිකිරීම සඳහා ගන්නා වූ උත්සාහය වේ.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]