UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශාන්ති පදනම මෙහෙයවීමෙන් 29 වනදා පැවැත්වෙන පිච්චමල් පූජාව

අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ,ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි සහ රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරි, නුවරකළාවියේ ප්‍රධාන සංඝ නායක, ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නාහිමියන්ගේද අනුශාසනා පරිදි අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අබියසදී වාර්ෂිකව සිදු කෙරෙන පිච්චමල් පූජා පුණ්‍ය මහෝත්සවය 27 වැනි වරටත් ජූලි මස 29 වෙනි දින සිදු කිරීමට ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති හිමියෝ කටයුතු යොදා ඇත. කොටපොල අමරකිත්ති හිමියන්ගේ සංකල්පනාවකට අනුව 1990 වසරේ මැයි මස සිට ඇරඹී මෙම පුණ්‍යකර්මය සඳහා මුල් අවස්ථාවලදී සහභාගි වූයේ සුළු සැදැහැවතුන් පිරිසකි. එහෙත් මේ වන විට පිච්චමල් පූජාව සඳහා සැදැහැවතුන් ලක්ෂ ගණනක් සහභාගි වන බව වාර්තා වේ. එම පින්කම පිච්චමල් පූජාවට පමණක් සීමා නොකර ඊට සමගාමීව විවිධ පූජාවන් හා දානමය පින්කම් රැසක් ඇතුළත් දින දෙකක වැඩසටහනක් අනුරාධපුර මහමෙව්නා උයනේදී ක්‍රියාත්මක වේ.

ඉතිරිය»

ගැටමාන්නේ හේමාලෝක නා හිමි වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම්

කොළඹ සල්පිටි කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය, ගැටමාන්න රජමහා විහාරය ඇතුළු විහාර ඝනයේ විහාරාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය කෝරළේඉම විජයගිරි සම්මාන පරිවේණාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම වාගීශ්වර ශාස්ත්‍ර විශාරද පණ්ඩිත , ශාසන කීර්ති ශ්‍රී සාරානන්ද සරණපාල ගැටමානේනේ හේමාලෝක නාහිමියන් වහන්සේ අපවත් වී වර්ෂ පූර්ණ පින්කම් මාලාව අගෝස්තු මස 1 වනදා සිට 6 වැනි දා දක්වා සිරි තිසරණ ධර්මායතනයේදී පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිව් බඹ විහරණ

අප තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ සිව් බඹවිහරණයන් වදාළ සේක.මෙත්තා, කරුණා,මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ගුණයන් මහා බ්‍රහ්මයා තුළ ඇති බව පෙන්වාදුන් බුදුරජාණන් වහන්සේ එම ගුණධර්ම දෙමව්පියන් තුළ තිබෙන බවට ද දේශනා කොට වදාළහ. 

මෙත්තා: මෙත් සිත ගෙනෙන සෙත

ඒ අතරින් මෙත්තා ගුණ ධර්මය සුවිශේෂී වේ. බොහෝ සේ ජන ජීවිතය හා බැඳී පවතී.මෙත්තා හෙවත් මෛත්‍රිය පැතිරවීම භාවනාවක් ලෙස වැඩිය හැකි කමටහනකි.මෛත්‍රිය අපගේ සිත් සතන් තුළ වර්ධනය විය යුතු උදාර ගුණාංගයකි.ලෝකයට හිතානුකම්පී ලෙස ජීවත්වන පුද්ගලයෙකු නිරන්කරයෙන්ම මෙත් සිත පැතිරවිය යුතු බවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

ඉතිරිය»

කප් සිටුවීමයි කප් සිටුවීමයි ඇසළ පෙරහර මංගල්‍යයයි

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍ය වශයෙන් සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය, නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි පෞරාණික චාරිත්‍රානුකූලව සුබ නැකතට කප් සිටුවීමෙන් මෙම මස 24 දින ආරම්භ කෙරෙනු ඇත. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරන කප් සිටුවීමේ මංගල්‍යය අනාදිමත් කාලයක පටන් පැවැත එන ඉතා වැදගත් වූ චාරිත්‍රයකි. පෙරහර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම සුබ නැකතට අනුව පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සිදු කිරීම තුළින් පෙරහර මංගල්‍ය සාර්ථකව පවත්වා අවසන් කළ හැකි බවට අතීතයේ පටන් පැවත එන විශ්වාසයක් පවතී. මේ නිසාම කප් සිටුවීමේ මංගල්‍යය පෞරාණික චාරිත්‍රවලට අනුව අකුරටම ඉටු කිරීමට පෙරහර සංවිධානය කරන්නෝ වගබලා ගනිති. පැරැණි රජදවස පටන් පැවැත එන චාරිත්‍රයන්ට අනුව මහනුවර සතර මහා දේවාල මූලික කර ගනිමින් සිදු කෙරෙන කප් සිටුවීමේ මංගල්‍යය සඳහා අවශ්‍ය කප වැඩම කරනු ලබන්නේ අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයෙනි. ඇලි ඇතුන් සහිත පෙරහරකින් අලුත්නුවර සිට කිලෝ මීටර් 26 ක් දුරක් ගෙවමින් දින දෙකක් තිස්සේ වැඩම කරනු ලබන කප මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දී සිව් කඩකට කපා සෙසු දේවාල අතර බෙදා දෙයි.

ඉතිරිය»

අනිමිසලෝචන පූජාව

 

ඇසළ අමාවක පෝය


ඇසළ අමාවක පෝය ජූලි 22 වනදා සෙනසුරාදා අපරභාග 6.27 ට ලබයි. 23 වනදා ඉරිදා අපරභාග 03.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 23 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 30 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]